පාරිභාෂිත වචන

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
:: තක්‍රාරිෂ්ටය

වට්ටෝරුව 01:

අසමෝදගම්, අරළු, ගම්මිරිස්, නෙල්ලි, පංචලවණ, මොරු යොදා සාදා ගන්නා අරිෂ්ටයකි.

වට්ටෝරුව 02:

හබූෂා(ගම්මිරිස් ප්‍රතිනිධි), කුංචිකා(උළුහාල්), කොත්තමල්ලි, සුදුදුරු, කළුදුරු, හීං අසමොදගම්, තිප්පිලි/ තිප්පිලි මුල් රත්නිටුල්, ගජතිප්පිලි, මහ අසමොදගම්, ශඨි, මෝරු

ද්‍රව්‍ය ගෙන සෝදා තලා නියමිත මොරුවෙහි බහා යොග්‍ය බඳුනෙක ලා ඇඹුල් කළු රස දෙක මැනවින් ව්‍යක්ත බවට පැමිණි කල්හි පෙරා ගන්න.

ප්‍රයෝග :

අග්නිදීපනයි, පාචන, වාත කඵානුලොමනය, ගුදශෝථ, වේදනා නාශක, ගුල්ම, අර්ශස්, ක්‍රිමි, මේහ, උදර  යන රෝග වලට හිතයි. ශරිරය වර්ධනය කරයි.
:: කඵ ප්‍රභේද
  1. අවලම්බක කඵ
  2. ක්ලේදක කඵ
  3. බෝධක කඵ
  4. තර්පක කඵ
  5. ශ්ලේෂක කඵ
:: පිත ප්‍රභේද
  1. පාචක පිත
  2. රංජක පිත
  3. සාධක පිත
  4. ආලෝචක පිත
  5. භ්‍රාජක පිත
:: වාත ප්‍රභේද
  1. ප්‍රාණ වාතය
  2. උදාන වාතය
  3. ව්‍යාන වාතය
  4. සමාන වාතය
  5. අපාන වාතය
:: ෂඩ් රස
ආයුර්වේද දර්ශනයට අනුව දිවට දැනෙන රසයන් වල විවිධත්වය අනූව වර්ග කිරීමක් සිදු කර ඇත.එම වර්ග කිරීමට රසයන් ආකාර හයක් දක්වා ඇත.
  1. මධුර
  2. අම්ල
  3. ලවණ
  4. කටු
  5. තික්ත
  6. තෂාය
එම රසයන් ආකාර හයයි. මෙම රසයන් හා ත්‍රිදෝෂ අතර සම්බන්ධතාවයක් ඇත වාත දෝෂයට අයත් රසයන් ලෙස කටු, තික්ත සහ කෂාය යන රසයන්ද පිත්ත දෝෂයට අම්ල, ලවණ සහ කටු යන රසයන්ද කඵ දෝෂයට මධුර, අම්ල සහ ලවණ යන රසයන් ත්‍රිත්වය අයත් වේ. මෙම දෝෂ වල කෝපතාවයන් ඉහත රසයන් ඇසුරෙන් විග්‍රහ කර ගත හැක.
:: සප්ත ධාතු
  1. රස
  2. රක්ත
  3. මාංශ
  4. මේදස්
  5. අස්ථි
  6. මජ්ජා
  7. ශුක්‍ර
:: ත්‍රිදෝෂ
රිදෝෂ ගැන නොදැන ආයුර්‍වෙදය පිළිබදව දැනගත නොහැක. ආයුර්වේදයේ පදනම ත්‍රිදෝෂයයි. පහත දක්වා ඇත්තේ එම ත්‍රිදෝෂයයි.
  1. වාත
  2. පිත්ත
  3. කඵ/සෙම
:: ශමන ප්‍රතිකාර මූලධර්‍ම
  1. දීපන
  2. පාචන
  3. ක්ෂුත්
  4. තෘට්
  5. ව්‍යායාම
  6. ආතප
  7. මාරුත
:: අෂ්ඨාංග ආයුර්වේදය
ධන්වන්තරී සම්ප්‍රදායට අනූව ආයුර්‍වෙද අංග අට
  1. ශල්‍ය තන්ත්‍රය

  2. ශාලාක්‍ය තන්ත්‍රය

  3. කාය චිකිත්සා

  4. භූත විද්‍යා

  5. කෞමාරභෘත්‍ය

  6. අගදතන්ත්‍රය

  7. රසායන තන්ත්‍රය

  8. වාජීකරණ තන්ත්‍රය

       
:: සුශ්‍රෑත ආචාර්ය වරයා
ලොව පළමු ශල්‍ය වෛද්‍යවරයා ලෙස සැලකේ. ආයුර්වේදයේ ඇති ප්‍රධාන සම්ප්‍රදායන් දෙකෙන්(ආත්‍රෙය සහ ධන්වන්තරී) ධන්වන්තරී සම්ප්‍රදාය තුල ඉහලින්ම කියැවෙන නම වන්නේ සුශ්‍රැත ආචාර්යවරයාගේ නමයි. ශල්‍ය චිකිත්සාව මුල් කරගෙන ලියැවුනු සුශ්‍රැත සංහිතාවේ කතෘවරයා මෙතුමාය. වැඩි විස්තර සදහා සුශ්‍රැත සංහිතාව ලිපිය වෙත යොමු වෙන්න.