ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
No Smoking……!!!

live or dieමිනිස් ජීවිතයේ ඇති සැබෑ වැදගත්කම මිනිසා විසින් නිසි පරිදි තේරුම් ගෙන ඇතිදැයි සැක සිතෙන තරමට මිනිසා විසින් තම ජිවිත අහේතුක ලෙස විනාශකර ගන්නා ‍මාර්ග බොහෝය. වර්තමානයේ අප රටේ මියයන මිනිසුන් වැඩි දෙනෙකුගේ මරණයට හේතුව බෝ නොවන රෝග බව දන්නවාද? එම මරණ වලට සහ දිනකට හෘදයාබාධ සහ ආඝාත තත්ත්ව (අංශභාග) වැනි රෝග තත්ත්ව වලට ගොදුරු වන්නන්ගෙන් එසේ වීමට හේතු අතරින් දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ දුම්කොළ පානය බව ඔබ දන්නවාද? සක්‍රීය දුම්කොළ පානය නිසා අප රටේ වසරකට මියයන ප්‍රමාණය විසි දහසකට වඩා වැඩි බව ඔබ දන්නවාද? අමතරව සක්‍රීය දුම්කොළ පානය සහ අක්‍රීය දුම්කොළ පානය නිසා විවිධ දරුණු රෝග තත්ත්වයනට පත් වන ප්‍රමාණය ලක්ෂ ගණනක් බව දන්නවාද? මීට අමතරව දුම්පානය නිසා සිදුවන ආර්ථික පාඩුව මෙහිදි විස්තර කිරීමට නොයන්නේ දිනකට දුම්වැටි සඳහා වියදම් කිරිමට සිදුවන මුදල මාසයකට කොපමන දැයි ඔබටම ගණන් හදා බැලිමෙන් තහවුරු කර ගත හැකි බැවිනි. ඒ මුදල අතිශයින්ම වැඩි මුදලක් බව පමණක් පවසා සිටින්නෙමු. පුද්ගලයා වශයෙන් ඔහුගේ හෝ ඇයගේ පොකැට්ටුවට සිදුවන ආර්ථික අලාභය සේම දුම්බීම නිසා රෝගි වන රෝගින්ට ප්‍රතිකාර ලබා දිමට වැය කිරීමට සිදුවන මහා ධනස්කන්ධය ගැන සිතිමෙන් සමස්ථ වශයෙන් රටකට සිදුවන අලාභය සිතා ගත හැකිද?
විශේෂයෙන් සමාජය තුල තරුණ කණ්ඩායමක් සමඟ සිටින අතරතුර හෝ මානසික ආතතිය මඟ හරවා ගැනීමට කියා ඉඳහිට දුම්පානය කරන තරුණ අය සිටිති. එමෙන්ම නිරතුරුවම දුම්පානය කරන අයද සිටිති. සිගැරට්ටුවක් නොමැතිව පැයක් හෝ ගත කල නොහැකි යැයි පාරම්බාන දුම්පානයට තදින්ම ඇබ්බැහි වු අයද අප සමාජයේ කොතෙකුත් සිටිති. දුම්පානය යනුවෙන් හඳුන්වන්නේ සිගරට්ටුවක් පමණක් නොව සුරුට්ටුවක්, බීඩියක් හෝ දුම්පයිප්පයක් තුල දැවෙන මේ දුම්කොළ වල දුම් උරාබීම හෝ ආඝ්‍රහනය කිරිමයි. මෙයට ඇබ්බැහි වීම ශාරිරික මෙන්ම මානසිකද රෝගයක් නිසා සිදුවන්නකි.

දුම්පානය සක්‍රිය මෙන්ම අක්‍රිය දුම්පානය ලෙසින් වර්ග කල හැකිය අප කවුරුත් දන්නෙමු. සක්‍රිය දුම්පානය යනු ඉහත දැක්වු කවර හෝ ක්‍රමයකින් දුම් උරා බිම හෝ ආඝ්‍රහනය කිරීමයි. අක්‍රිය දුම්පානය යනු අන් අය විසින් සිදු කරන ලබන දුම්පානය නිසා පිටවන දුම් ඒ අවට සිටින අයට ශ්වසනය කිරීමට සිදුවීම නිසා සිදුවන ආඝ්‍රනයයි.
අක්‍රිය දුම්පානයකවර හෝ ක්‍රමයකින් දුම්පානය නිසා ඇතිවන අති භයානක ප්‍රථිඵල දන්නේ නම් සක්‍රියව දුම්පානය කිරීම කිසි සේත්ම නොකරනවා මෙන්ම අක්‍රියව හෝ දුම්පානය කිරිමට සැලසිමේ ‍අවස්ථා වලට ගොදුරු විමේන් වැලකි සිටිමට කල හැකි සියල්ලම කරනු නොඅනුමානය. සිහි බුද්ධිය ඇති අයෙකු නම් තමා අවට සිටින අයද දුම්පානය කිරිමෙන් වලක්වනු නොඅනුමානය. බොහෝ රටවල දුම්පානය ප්‍රසිද්ධ ස්ථාන වල තහනම් කර ඇත්තේ අක්‍රිය දුම්පානයට අනෙකුත් අය ගොදුරු වීම වැලැක්වීම සඳහාය. එසේම සිගැරට් පැකට්ටුවල දුම් පානය නිසා ඇති විය හැකි භයානක ප්‍රතිඵල විදහා දැක්වෙන ඡායාරූප ඇතුලත් කිරීම සේම ජනමාධ්‍ය හරහා නිරන්තරයෙන් දුම්පාන‍ය කිරීමේ අනිටු පලවිපාක ගැන සෞඛ්‍යමය දෘෂ්ටි කොණයෙන් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේද මෙම දුම් පානය කරන්නන් එයින් වලක්වා ගැනීම සඳහාය. ඒ තරමටම මේ දුම්පානය නිසා ඇතිවන පුද්ගල සෞඛ්‍ය ප්‍රශ්ණ සේම සමාජ ආර්ථික ප්‍රශ්ණද රටකට දරා ගැනීමට බැරි වනවා සේම එය මානව සංහතියටද අතිශය බරපතල තර්ජනයක් බව කිවයුතුය .
දුම්කොළ යනු මොනවාද සහ දුම්කොල වල ඇති රසායනිකයන් ගෙන් මොළයට ලබා දෙන පණිවුඩය
සොලනේසියේ කුලයට අයත් නිකොටියනා වර්ගයට අයත් විශේෂ හැත්තෑවක් පමණ ඇති ටොබැකෝ යන විශේෂ නාමයෙන් හඳුන්වන දුම්කොළ වල ඇති ප්‍රධාන රසායනිකයකි නිකොටින් (Nicotine). මොළයේ සහ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමට මේ නිකොටින් නම් රසායනිකයට සමත්කමක් ඇත. ඒ අපගේ මොළය මගින් නිපදවන ඩොපමීන් (Dopamine) නම් වු රසායනික ද්‍රව්‍ය නිපදවීම මගින් ඒ හරහා ශරීරය උත්තේජනය කිරීම තුලිනි. ඩොපමින් මගින් යම් කෙනෙකුගේ මනසේ ස්වභාවය සැහැල්ලු කර ශාන්ත බවක් ඇති කරන අතර බොහෝ දෙනෙකුට දුම්පානයට ඇබ්බැහි වීමට සිතෙන තාවකාලික මානසික සහනය ගෙන දෙන්නේද මෙම ඩොපමීන් රසායනිකයයි. මීට අමතරව යම් යම් පෞර්ෂත්ව පිළිබඳ මානසික ප්‍රශ්ණ නිසාද දුම් බීමට පෙළඹි සිටිනා තරුණ පිරිස් හඳුනා ගත හැක.
දුම්කොළ වල ඇති විෂ රසායනිකයන් දහස් ගණනකි. ඉන් ප්‍රමුඛ රසායනිකයන් කිහිපයක් ඇති අතර ඒවායේ ප්‍රධාන හානිකර ක්‍රියාවන්ද දැන සිටිම වැදගත්ය.
lifeනිකොටින් යනු ඉතා සුළු මාත්‍රාවකින් යොදා ගන්නා විට උත්තේජක ඔසුවකි. පමණ ඉක්මවා සිරුරට ඇතුළු වන්නේ නම් ඉන් ඇතිවන්නේ අහිතකර ප්‍රතිඵලයන්ය. දුම් පානය කරනා විට මුඛය අභ්‍යන්තරයේ ඇති තුනී සම හරහා රුධිරයට‍ මෙම නිකොටින් රසායනිකය එකතු වේ. මීට අමතරව ප්‍රධාන වශයෙන් පෙනහළු තුලදි ඉතාම පහසුවෙන් හා වැඩි මාත්‍රාවෙන් රුධිරයට නිකොටින් එකතු විම සිදුවේ. රුධිරයට එක් වු පසු ඉක්මනින් එය රුධිර සංසරණ පද්ධතිය හරහා මොළයට ගමන් කර ක්‍රියාත්මක විම සිදුවේ. උත්තේජක රසායනිකයක් බැවින් පළමුව ඇතිවන්නේ මනසට ඉතාම තාවකාලික සහනයකි. නමුත් කල් ගතවනවාත් සමගම මොළයේ ස්නායු යම් පමණකය මෙම නිකොටින් වලට හුරු වන අතර එවිට මෙම තාවකාලික සහනයද නැතිවී යයි. එවිට සිදු වන්නේ එම සහනය ලබා ගැනීමට වැඩි නිකොටින් ප්‍රමාණයක් මොළයේ සෛල වෙත අවශ්‍යම වීමයි. මේ වැඩි ප්‍රමාණය ගැනීමට දවා අළු කිරිමට අවශ්‍ය වන දුම්වැටි ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වීම මේ නිසා සිදුන්නේය.
කාබන් මොනොක්සයිඩ් දුම් පානය තුලින් සිරුරට ඇතුලුවන මෙම වායුව ශ්වසනය කළ විට එය රුධිරයේ ඔක්සිජන් සඳහා වෙන්වු ස්ථානය පැහැර ගනි. එවිට රුධිරයේ ඇති රතු රුධිරාණු යම් ප්‍රමාණයකට ඔක්සිජන් ප්‍රවාහනය කරනවා වෙනුවට  මෙම කාබන් මොනොක්සයිඩ් ප්‍රවාහනය සිදුකිරිම සිදු කරනු ලබයි. ඔක්සිජන් ප්‍රමානවත් පරිදි ඉන්ද්‍රියන්ට නොලැබි යාම මේ නිසා සිදුවේ. එවිට කැරකැවිල්ල, අසාමාන්‍ය ලෙස ශරීරයට වෙහෙස දැනිම ආදි ලක්ෂණ  ඇතිවේ.
ආසනික් සහ කැඩ්මියම් ආසනික් වල්නාශක සහ කෘමි නාශක නිපදවීමට යොදා ගන්නා උග්‍ර විෂ රසායනිකයක් වන අතර කැඩ්මියම් බහුලව යොදා ගන්නේ බැටරි නිශ්පාදන‍ය සඳහාය. මේවා දුම්වැටි තුලද අඩංගුය. මිනිස් සිරුරට මෙම ලොහය වැඩි වශයෙන් ඇතුළු වන බව සොයා ගෙන ඇත්තේ සිගරට් දුමෙන් බව සොයා ගෙන ඇත. මෙම ලොහය නිසා පිළිකා ඇතිවීමේ වැඩි අවධානමක් ඇති වන අතර වකුගඩුවල සහ ධමනි බිත්ති විනාශ කිරීමද සිදුකරන බව සොයා ගෙන ඇත. අමතරව සිරුර තුල DNA අණු පිළිසකර කිරිමේ යාන්ත්‍රණයට හානි පමුණුවන බව දැන් අනාවරණය කර ගෙන ඇත.
බියුටේන් සහ බෙන්සීන් ලයිටර් වලට භාවිතා කරනා වායුව වන්නේ බියුටේන්ය. මෙම වායුවට නිරාවරණය වීම නිසා සිහි මද ගතිය, නිදිමත, හුස්ම හිරවීම, හෘද ස්පන්දනය අවිධිමත් වීම වැනි තත්ත්වයන් ඇතිවේ.. ලියුකේමියා රෝග තත්ත්වයට භාජනය වීමට අවස්ථාව මේ වායුන් නිසා ඇතිවේ.
තාර රසායනික ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක එකතුවක් වන තාර පිළිකා කාරක සංයෝගයකි. දුම් බොන්නන්ගේ ඇගිලි තුඩු වලද, දත්වලද, පෙනහළු තුලද දුඹුරු පැහැයෙන් ඇලෙන සුළු ද්‍රව්‍යක් ලෙස මෙය තැන්පත් වි ඇති අයුරු හොඳින් නිරීක්ෂණය කල හොත් දැක ගත හැකිය. මීට අමතරව ප්‍රධානව සැලකුව හොත් හයිඩ්රරජන් සයනයිඩ් නම් විෂ සහිත වායුව වැඩිම හානියක් සිදු කරනා රසායන ද්‍රව්‍යකි. හදවතට සහ රුධිර වාහිනී වලට දරුණු ලෙසම හානි පමුණු වනු ලබන්නේ මෙමගිනි. තවද ශ්වාසනාල වල ඇති රෝම (Cilia) විනාශ කිරිමද මෙමගින් සිදුවේ. ශ්වසන නාල වලට මෙන්ම පෙනහළු වලට බරපතල හානි පමුණුවන ඇ‍මෝනියා සහ නයිට්‍රික් ඔක්සයිඩ් යන වායුන් දෙකද දුම්පානය නිසා සිරුරට ඇතුළු වන විෂ රසායනිකයන්ය.
පද්ධති වශයෙන් සැලකුව හොත් දුම්පානය නිසා සිරුරේ විවිධ පද්ධති වලට සිදුවන හානි විවිධය. ශ්වසන පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට, ප්‍රතිශක්තිකරණ යට, පේශි සහ අස්ථි පද්ධතියට සේම ප්‍රජනන පද්ධති වලට මෙමගින දැඩි හානි සිදුවේ. අමතරව දීර්ඝ කාලීනව දුම්පානයට ඇබ්බැහි වූවන්ට පෙනහළු, මුඛයේ, නාසයේ, ශ්වාසනාලයේ, ගලනාලයේ, උගුර, අග්න්‍යාශයේ, වකුගඩු, ගැබ්ගෙල, ඩිම්බ කෝෂ, ගර්භාෂය, අක්මාව, මුත්‍රාශය, අන්ත්‍ර වල පිළිකා සෑදිමේ ඉතා වැඩි සම්භාවිතාවක් ඇත.
impotancy..දුම්පානය නිසා පුරුෂයන්ගේ ශුක්‍ර තරලයේ ඇති ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම, ශුක්‍රාණු වැඩි ප්‍රතිශතයක් විකෘත වු ඒවා වීම, ශුක්‍රාණුවල ජානමය වෙනස්කම් සිදුවීම, ලිංගික අප්‍රාණික තත්ත්වය ඇතිවීම ඇතිවේ. කාන්තාවන්ගේ සරුබව අඩු වි දරු සම්පත නොලැබීම හෝ පමාවීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, නිසි කලට පෙර ආර්තවහරණය සිදුවීම, ගැබ්ගෙන පිළිකා සෑදිමේ අවදානම වැඩිවීම සහ නොමේරූ දරුවන් බිහිවීමද දුම්පානය නිසා ප්‍රජනන පද්ධතිය ආශිතව ඇතිවන තත්ත්වයන්ය. අක්‍රිය දුම්පා‍නයට ගොදුරු වීම නිසා ගර්භනී කාන්තාවන්ට ගබ්සා වීම් සිදුවීය හැකිය. නැතිනම් නොමේරු දරු උපත් සිදුවිය හැකිය. එසේම දරු උපත් සිදුවන අවස්ථා වලදි සංකූලතාවයන්ට මුහුණ දිමට සිදුවිය හැකිය. හදවත් රෝග ඇතිවීමේ අවධානම වැඩි අතර පෙනහළු පිළිකා ඇතිවිමේ ඇඩි සම්භාවිතාවක්ද ඇත. අක්‍රිය දුම්පානය නිසා බිළිඳුන් නින්දේදීම මිය ගිය අවස්ථා වාර්ථා වේ. හතිය, නිතර කැස්ස වැනි රෝග ඇතිවීමට මෙය හේතුවක් වේ. ශ්වසන රෝග, කර්ණ ආසාදන සහ කන් ඇසිම අඩුවීම වැනි තත්ත්වයන් මේ නිසා බිළිඳු වයස්දිම දරුවන්ට ඇතිවීම අක්‍රිය දුම්පානය නිසා සිදුවේ.
දුම්පානය සිරුරේ රුධිර සංසරණ පද්ධතියට සිදුකරන හානිය සැලකුව හොත් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය සාමාන්‍ය අගයන් ඉක්මවා ඉහල යාම, සමෙහි ඇති රුධිර නාල සංකෝචනය වීමෙන් සමෙහි උෂ්ණත්වය පහත වැටීම, රුධිරය මගින් සිරුරට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම, රුධිරය වඩා ඝන වීම හෝ උකු වීම හේතුවෙන් රුධිර කැට ගැසීමකට ඕනෑම අවස්ථාවක ලක් වීමට හැකි අවදානම වැඩිවීම, රුධිර නාල අවහිර වන මේද අම්ල තැන්පත් වීමට මුල පුරන රුධිර නාල අභ්‍යන්තර බිත්තිය මතුපිට ආස්තරය හානි වීම, රුධිර සැපයුම් ක්‍රි‍යාවලිය අඩාල වීම හේතුවෙන් අත්පා වල ඇඟිලි ආදියට නිසි පරිදි රුධිර සැපයුම සිදු නොවීම, කිරීටක ධමනි අවහිරතාවය, හෘදයාබාධ සහ ආඝාත(අංශභාග) තත්ත්වය ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් වැඩිවීම වැනි තත්ත්වයන් ඇතිවේ.
ප්‍රධානව හානි සිදුවන්නේ ශ්වසන පද්ධතියටය. ශ්වාසනාලය සහ ස්වරාලය තුල ඇතිවන අපහසුතා, පෙනහළු තුළ වැඩිපුර සෙම එකතුවීම, කුඩා බාහිර ලක්ෂණශ්වාසනාල අවහිර වීම හා ඉදිමීම නිසා පෙනහළු වල ක්‍රියාකාරිත්වය අඩු වී හුස්ම ගැනීම අපහසු වීම, පෙනහළු පිරිසිදු විමේ ක්‍රියාවලියට බාධා සිදුවීම නිසා පෙනහළු ආසාදනය වන හෝ පෙනහළු වලට හානි වන විෂ ද්‍රව්‍ය තැන්පත් වීම, ඇදුම, කැස්ස සහ පෙනහළු ආසාදන තත්ත්වයන් ඇති වීම, සහ පෙනහළු තුළ ඇති ශ්වසන ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය ගර්ථ හෙවත් වායු මළු පුර්ණ වශයෙන් හානියට පත්වීම සිදුවේ. අවසන පෙනහළු පිළිකා ශ්වසනමාර්ග පිළිකා සහ මුඛ පිළිකා ඇතිවිම සිදු වන්නේය. ඒහේතුවෙන් අවාසනාවන්ත ලෙස කෙටි කාලයකින් ජිවිත වලින් සමු ගන්නට පවා අවසානයේදි සිදු වන්නේය.
අස්ථි වල කැල්සියම් ප්‍රමාණය අඩුවීම නිසා අස්ථි දිරායාම වේගවත් වීම, ඇස්පෙනීම දුර්වල වීම, ආහාර මාර්ග පද්ධතියේ තුවාල ඇතිවීම, අත්පා වල වේදනාවන් නිරන්තරයෙන් ඇතිවීමද මේ නිසා තතත්වයන් ඇති වන්නේය.
දුම් පානය කිරීම නිසා පුද්ගලයාගේ අභ්‍යන්තරයට පමණක් නොව බාහිර ස්වරූපයද වෙනස් වේ. සමහරුන් කැපි පෙනිම සඳහා දුම්පානය කලද ඔවුන්ගේ ස්වරූපයන් බලා සිටියදි වැහැරෙන්නේය. දුම්පානයේ අනිසි බලපෑම හේතුවෙන් සමට අවශ්‍ය කරන ඔක්සිජන් සහ පෝෂණය නොලැබී යාම සිදුවේ. ඒ නිසා අදාල තැනැත්තාගේ සම සුදුමැලි වීමත් වර්ණය තැනින් තැන වෙනස් වීමත් රැළි වැටුණූ වියලි ස්වභාවයක් ගැනීමත් දැකිය හැකිය. සම එල්ලා වැටීමද සිදුවන්නේය. තොල් අවපැහැ ගැනීම, මුහුණ මත විවිධ ලප ඇති වීම, දත් විදුරමස් මත පැල්ලම් අති වීම, මුඛයෙන් නිරන්තර දුර්ගන්ධයක් වහනය වීඹ, හිසකෙස් වැඩිපුර ගැලවී යාම, ඇස් යට රැලි වැටීම සේම කාන්තාවන්ගේ නම් පියයුරු එල්ලා වැටීම පවා මේ නිසා සිදුවන්නේය.
සමාජ උපකාරයදුම්පානයට ඇබ්බැහි වුවන් එයින් මිදිමට නොහැකි යැයි පැවසීමට ඉතාම ‍නිසරු හේතු සහ තර්ක ඉදිරිපත් කරනු ලබයි. තමන්ට අවශ්‍යතාවයක් ඇතිනම් සහ සත්‍ය අවබෝධ වි ඇත්තම් දුම්පානයෙන් වැලකී සිටීමට නොහැකි විය ‍නොහැකිය. තමන් දුම්පානයේ ආදීනව දන්නේ නම් එයින් අත් මිදී සිටීමට උපකාර කිරීමට සමාජය නිරන්තරයෙන්ම සැදී පැහැදි සිටියි. ඒ සඳහා අවැසි සහය දිමට සුදානම් අය වෙත යොමු වීම දුම්පානයෙන් මිදිමට අවැසි තැනැත්තාගේ වගකිමකි.