ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
NCD ගැන තොරතුරු බිඳක් ……..

NCDබෝ නොවෙන රෝග පිළිබඳව එසේත් නැත්තම් NCD පිළිබඳව ලොව පුරා සෞඛ්‍ය අංශ තුල වැඩි අවධානයක් දිනා‍ ගෙන ඇති වර්තමානයේ අපේ රටේ සෞඛ්‍ය සේවාව තුල සේම මාධ්‍ය තුලද මෙම සාකච්ඡාව සිදුවන ආකාරය දැක ගත හැකිය. එහෙත් NCD පිළිබදව නිසි දැනුවත්භාවයක් ඇති කිරීමට මෙම සාකච්ඡාවලට හැකිවී නොමැති බව නිරික්ෂණය වන සත්‍යයයි. අහඹු ලෙස ගත් පුද්ගල නියැදියක දස දෙනෙකුගෙන් අඩකටත් වඩා NCD යන වචනය නැතිනම් බො නොවෙන රෝග යන වචනය අසා තිබුනද ඒ මොනවාදැයි හෝ එයින් අදහස් කරන්නේ කුමක්දැයි යන්න පිළිබඳව ඇති දැනුවත් භාවය ඉතාම අල්පය.සමාජය තුල ඇතිකර ඇති අවධානය තුලින් යම් පමණකට වචන ප්‍රචලිත වීමක් සිදු වුවද එය නිසි පරිදි ග්‍රහනය කර වීමක් සිදු කර නැත. පුද්ගල සෞඛ්‍ය සේම සමාජයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් දරුණු බලපෑමක් සිදු කරනා මෙම මාතෘකාව පිළිබඳව සිදුකරනා සාකච්ඡාව කෙ‍තරම් සිදුකලත් රෝග වල සහ රෝගීන්ගේ අඩුවක් නැත්තේ එය සුළුවෙන් තැකිය නොහැකි බරපතල උවදුරක් වී ඇති හෙයිනි.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්ථා වලට අනූව ලෝකය පුරා සිදුවන මරණ වලට ප්‍රධානතම හේතුව වන්නේ බෝ නොවන රෝගයි. 2005 වර්ෂයේ සිට මිලියන 35ක් නැතිනම් කෝටි 3.5ක් ජනතාවක් මෙම රෝග වලට ගොදුරු වීම නිසා අකාලයේ මිය ගොස් ඇති බව සහ ඒ පිරිසෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් කාන්තාවන් බවත් එසේ අඩකට වඩා වැඩි පිරිස වයස අවුරුදු 70වට වඩා අඩු අය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානසංඛ්‍යාලේඛන වල පෙන්වා දී ඇත. සෑම වසරකම මිලියන 05 ක් (ලක්ෂ 50) ජනතාවක් දුම්කොල භාවිතය නිසා මිය යයි.මිලියන 2.8ක් ( ලක්ෂ 28) මිය යන්නේ අධික තරබාරුව නැතිනම් අතිස්ථෞල්‍ය නිසාය. මිලියන 2.6ක් (ලක්ෂ 26) මිය යෑමට හේතුව වන්නේ රුධිරයේ අධික කොලෙස්ට්‍රෝල් සාන්ද්‍රණයයි. මිලියන 7.5ක් (ලක්ෂ 75) මිය යන්නේ අධික රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා හේතුවෙනි.වසර ‍2030 වන විට කාලීන බෝ නොවෙන රෝග හේතුවෙන් මිය යන ප්‍රමාණය වසරකට මිලියන 52ක් (ලක්ෂ 520) පමණ වේ යැයි ගණන් බලා ඇත.

ඉහත සංඛ්‍යා දත්ත වලින් පෙන්වා දෙන්නේ මෙම රෝග තත්ත්වයන් කොතරම් නම් බරපතල සෞඛ්‍ය ගැටළුවක් නිර්මාණය කර ඇතිද යන කාරණයයි. සමාජයක් ලෙස අප තවදුරටත් මෙම කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටිය හොත් මෙම සංඛ්‍යා දත්ත මිට වඩා බරපතල ලෙස වැඩි වීම අනිවාර්යයෙන්ම අපේක්ෂා  කිරිමට සිදු වන්නේය.

බෝ නොවෙන රෝග නැතහොත් NCD යනුවෙන් අදහස් කරන්නේ මොනවාද?

“රෝගී පුද්ගලයෙකුගෙන් ඔහු සමිපයේ හෝ දුරස්ව සිටිනා නිරෝගී පුද්ගලයෙකුට එම රෝගී තැනැත්තා පිඩා විඳිනා රෝග තත්ත්වය බෝ නොවෙන්නේ නම් එවැනි රෝග බො නොවෙන රෝග ලෙස සරලව දැක්විය හැක. තවද මෙම රෝග බොහෝ කාලයක් ශරීරයට හානි සිදු කරමින් පවතින අතර සුව වීමටද අධික කාලයක් ගනී. නැතිනම් ජීවිත කාලය පුරාවටම සුව නොවිද පැවතිය හැක. මේ රෝග කාණ්ඩයට අයත් වන ප්‍රමුඛතම රෝග කිහිපය වන්නේ හෘද් රෝග, ආඝාතය, පිළිකා,ඇදුම, මධුමේහය/දියවැඩියාව, කාලින වකුගඩු රෝග, අස්ථි හා සන්ධි ආශිත අසාත්මිකතා සහ අක්ෂි රෝග යන ඒවාය. මීට අමතරව බරපතලවුත්  එතරම් සුලභ නැති වුත් විවිධ බෝ නොවෙන රෝග රාශියක් අද සමාජයේ ඇති බව අමතක නොකල යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධාන 2012 “ලෝක සෞඛ්‍ය වාර්ථාවට” අනූව බෝ නොවෙන රෝග සම්බන්ධයෙන් හදුනාගෙන ඇති ප්‍රධානතම අවධානම් සාධක පහ විමසීම තුලින් මෙම රෝග මෙතරම් ව්‍යාප්ත වන්නේ කෙසේද යන්නට පිළිතුරු ලබා ගත හැක.

  • රුධිර පීඩනය ඉහල යාම
  • දුම්කොල භාවිතය
  • කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල යාම
  • මධ්‍යසාර භාවිතය
  • අධික තරබාරුව

ඉහත සාධක පහ කෙතරම් නම් අප සමාජයේ සුලබද? අවාසනාවනන්තම තත්ත්වය වන්නේ වාර්ථා වන සමස්ථ හෘද් රෝගීන් ප්‍රමාණයෙන්, ආඝාත තත්ත්වයෙන් සහ දෙවන වර්ගයේ දියවැඩියාව යන රෝග වලින් 80% කුත් සමස්ථ පිළිකා රෝග අවස්ථා වලින් 40%කුත්  වලක්වා ගත හැකි මට්ටමේ පවතින බව සොයා‍ගෙන ඇති පසුබිමක මෙම රෝග වලට රෝගීන් ගොදුරු වීමයි.

අතීතයේ මෙම බො නොවෙන රෝග වාර්ථා වුයේ වැඩි වශයෙන්ම සමා‍ජයේ උසස් ජීවන තත්ත්වයක් බුක්ති විදි ඉහල ආර්ථික තත්ත්වයක සිටි පිරිස් අතරේන්ය.එම නිසා ඒ අවධියේ මෙම රෝග හැදින්වුයේ පොහොසතුනගේ රෝග  (Diseases of the Rich)ලෙසයි.එහෙත් අද වන විට බෝ නොවෙන රෝග අතරින් ප්‍රධාන රෝග හතරට(රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග, පිළිකා, කාලීන ශ්වසන ආබාධ සහ දියවැඩියාව) භාජනය වු 80% ක් වන රෝගීන් වාර්ථා වන්නේ අඩු ආදායම් සහ මැදි ආදායම් ලබන රටවල් තුලින් සහ සමාජයන් තුලින්ය.එබැවින් මැදි ආදායම් ලබන ආර්ථිකයකට හිමිකම් කියනා අප වැනි රටවලට මෙම රෝග වලක්වා ගැනීම සහ පාලනය ඉතාම වැදගත් සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ බො‍ නොවෙන රෝග….

ගෝලීය මට්ටමින් ගත්තද, දේශිය මට්ටමින් ගත්තද බෝ නොවෙන රෝග විසින් සමාජයට හා පුද්ලගයාට ඇති කර ඇති බලපෑම වෙනස් වී නැත.දේශිය වශයෙන් හදුනා ගෙන ඇති සංඛ්‍යා දත්ත වලින්ද පෙන්නුම් කරනුද ලෝක මට්ටමින් ඇති ගැටලුවේ දේශිය පිටපතක්මය.

2008 වසරට අනූව අප රටේ සමස්ථ ජනතාවගෙන් රෝගී බවට පත්ව ඇති, ආබාධිත තත්ත්වයට පත්ව ඇති සේම අකල් මරණ වලට මුහුණ පා ඇති  පිරිස සැලකුව හොත් එවා 85% කටම හේතුන් වි ඇත්තේ මේ බෝ නොවෙන රෝගයන්ය. රෝහල් වල වාර්ථා වන මරණ වලින් 65%කටම හේතුන් වී ඇත්තේ මේ බෝ නෙවෙන රෝගයන්ය. එයිනුත් ප්‍රධාන වශයෙන් 30% ක් හෘද් රෝග නිසාත්, 9.4%ක් පිළිකා නිසාත්, 8.5% කාලින ස්වශන රෝග නිසාත්,3.9% දියවැඩියාව නිසාත් සිදුව ඇති බව සංඛ්‍යා ලේඛන වලින් තහවුරු කර ඇත.

NCD Tree2012 රෝහල් වාර්ථා අනූව රෝහල් වල සිදුව ඇති සමස්ථ මරණ වලින් 75% වාර්තා වි ඇත්තේ බො නොවෙන රොග හේතුවෙනි. එයට 40% හෘද් රෝගත්, 10% ක් පිළිකා රෝගත්, 8% කාලීන ශ්වසන රෝගත්, 7%ක් දියවැඩියාව රෝගයත් හේතුවි ඇති බව සමික්ෂණ තුලින් තහවුරු කර ගෙන ඇත. වඩාත් බියකරුම සිහිනය වන්නේ 2030 වසර වන විට පිළිකා රෝගය හේතුවෙන් මියයන ප්‍රමාණය 30% දක්වා වැඩි විය හැකි බව පුරෝකථනය කර තිබීමයි. එසේම 2030 වසර වන විට මෙරට සමස්ථ ජනගහනයෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම දියවැඩියාව වැළඳිමේ හැකියාව පවතින බව එම පුරෝකථන වාර්ථා වලම දක්වා ඇත.

නිසි සැලසුමකින් තොරව සහ අක්‍රමවත්ව සිදු කරනා නාගරීකරණ වැඩසටහන් සහ පුද්ගල ජීවන විලාශයන්ගේ සිදුව ඇති විකෘතිතා මේ සඳහා ප්‍රධානව බලපා ඇති බව  හඳුනා ගෙන ඇත.තවද පිරිමි ජනතාවට අමතරව විශේෂයෙන් තරුණ කාන්තාවන්ද දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය සඳහා ඇබ්බැහි වෙමින් සිටිම සහ භාවිතා කරන්නවුන් භාවිතයන්ගේ  ප්‍රමාණයන් වැඩි කර තිබීමද මේ තත්ත්වයන්ට හේතුවි ඇති බව හඳුනා ගෙන ඇති හේතුන්ය. තවද පෝෂණය අතින් අඩු ආහාරපාන භාවිතය වැඩි වීම සහ ශරිර වලට අහිතකර ආහාරපාන බහුලවීම හේතුන් අතර ඉදිරියෙන්ම තිබෙනා හේතුන්ය.මෙම හේතුන් නිසා ශ්‍රී ලංකාව වේගයෙන් බො නෙවෙන රෝග වලින් බැටකන ජනතාවක් සිටිනා රටක් බවට පත්වීමේ මාර්ගයේ වේගයෙන් ගමන් කරනා බව තහවුරු වි ඇත.