ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
MSG, කෘතිම ආහාරයේ සැඟවී සිටිනා නිහඬ මරුවා……..

කෘතිම ආහාර රසකාරකයක් ලෙස භාවිතා කෙරෙනා මොනෝ සෝඩියම් ග්ලුටනමේට් (MSG) නම් වන රසායනික සංයෝගය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.
silent killerමද්‍යසාර වල ඇති ඇල්කොහොල්, දුම්වැටි වල ඇති නිකොටින් සහ අනෙකුත් බොහෝ මත්ඖෂධ වල අන්තර්ගත රසායනික ද්‍රව්‍යන්ට වඩා සාර්ථකවත් වැඩි ප්‍රසිද්ධියකින් තොරවත් මිනිසාට මරණය ලඟා කර දිමට හැකියාව ඇති වඩා භයානක රසායනික ද්‍රව්‍යක් ලෙස මොනො සොඩියම් ග්ලූටමේට් ( monosodium glutamate (MSG)) හඳුන්වා දිය හැක. “මුළුතැන්ගෙයි නිහඬ මරුවා (Silent killer in kitchen)”   යන විරුදාවලිය මෙයට ලැබී ඇත්තේද එනිසාවෙනි. සමාජයේ බහුතරයක් දෙනා දැනුවත් වී ඇත්තේ බොහෝමයක් චීන ආහාර වලට මෙම රසායනිකය එකතු කරනු ලැබනවා යන්න පමණි. එහෙත් චීන ආහාර වලට පමණක් නොව නිතිපතා සමාජය තුල අප ආහාරයට ගනු ලබන බොහෝ ආහාර වර්ග වල මෙම රසායනිකය අන්තර්ගතය. විශේෂයෙන් අද රැල්ලක් සේ ව්‍යාප්ත වී යන ඇමරිකානු පන්නයේ ආපනශාලා(මැක්ඩොනල්ඩ්ස්, කේ‍ෆ්සී) වල ඇති ආහාර වලට මෙම රසායනිකය බහුල ලෙස එකතු කිරිම සිදුවේ. වෙළඳපොලේ ඇති ආහාරයට එකතු කල හැකි වඩාත් නරකම ද්‍රව්‍ය වන්නේ මේ MSG ය. අප කිසි විටෙකත් විශ්වාස නොකරන විවිද සුප් වර්ග, බිස්කට් වර්ග, මස් වර්ග, සලාද වල සහ ක්ෂණික නුඩ්ල්ස් වර්ග, චිප්ස් වර්ග, සොයාමීට් රසකාරක සහ පෙර සැකසුම් ආහාර සියල්ලකම වාගේ MSG අන්තර්ගතය. මෙම සංයෝගය අඩංගු ආහාර වෙළඳපොලේ, ආපනශාලාවේ, දරුවාගේ පාසල් භෝජනාගාරයේ පමණක් නොව බිළිඳුන්ගේ ආහාර වට්ටෝරු වලද අන්තර්ගතය. මෙයින් පැහැදිලිවම ආහාරවල සුවඳ වැඩි කිරීම සිදුවන බව කිව හැක. එපමණක් නොව ආහාරයේ නැවුම් බව සහ සුවඳවත් බවද වැඩිකර පවත්වා ගෙන යනු ලැබේ. බොහෝ දෙනා ආහරයක් ගැනීමේදි වඩාත් සැලකිලි මත් වන්නේ එම සංරචයන් පිළිබඳව පමණකි. එබැවින් MSG ආහාර නිශ්පාදන කර්මාන්තයට ලබා දෙන්නාවු ඵල ප්‍රයෝජනය පැහැදිලි මුත් එයින් සෙමින් සෙමින් ඇතිකරන්නාවු විනාශය නම් තවමත් සමාජයට පැහැදිලි වි නොමැත, එය එතරම්ම බරපතලය.

ආහාර නිශ්පාදන සමාගම් MSG තම ආහාරමය නිශ්පාදන වලට එකතු කරන්නේ ඇයි?

ඒ සඳහා පැහැදිලි හේතු කිහිපයකි

  • MSG විසින් ඇතිකරන්නාවු හැඟිම. මෙම රසායනික සංයෝගය සතුව ඇති සුවිශේෂි හැකියාව වන්නේ MSG මිශ්‍ර ආහාරයේ අධිකව ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතය යන හැඟීම අපගේ දිවට ඇති කීරීමට ඇති හැකියාවයි. මෙය මාංශමය ආහාර මෘදු කරවනයක් නොවේ. එ‍සේම මෙය ආහාර කල්තබා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍යක්ද නොවේ. නමුත් ආහාර නිශ්පාදන කර්මාන්තයේ යෙදෙන විශාල සමාගම් විසින් පෙන්වීමට උත්සහ කරන්නේ MSG යනු ජපන් ආහාර සංස්කෘතිය තුල සාකච්ඡා කරන පස්වන රසය ලෙස හඳුන්වන “උමාමී” යන්න ලෙසයි.
  • MSG විසින් අග්න්‍යාශය උත්තේජනය කරනු ලබයි. එමගින් අග්න්‍යා ශයෙන් ඉන්සියුලින් ස්‍රාවය විම වැඩියෙන් සිදුකරයි. ඉන්සියුලින් වලට ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමානවත් තරම් ආහාරයක් ආහාර මාර්ගය තුල නොමැති අවස්ථාවලදී වුව අධිකව ඉන්සියුලින් ස්‍රාවය විමක් මේ නිසා සිදුවේ. මේ නිසා අවසානයේදී රුධිරයේ සීනි සාන්ද්‍රණය අධිකව පහල යාම සිදුවී බරපතල තත්ත්වයන් ඇතිවේ. සමහර ආහාර ගැනීමෙන් පසුව පැයකට පමන පසුව වුව නැවතත් කුසගිනි දැනෙන්නේ මේ නිසා වෙන් බව ඔබ දන්නවාද?
  • වැඩිපුර ඇති ග්ලුටනමේට් ශරීරය විසින් ගැබා නම් සංයොගවක් බවට පෙරලයි (GABA). මෙම සංයොගය ඇබ්බැහිකාරකයකි (Addictive). මෙය මොළයේ ක්‍රියාවන්ට සෘජුවම බලපාන සංයොගයකි.
  • මිල අඩු වීම.

ඇත්තටම MSG වල ඉතිහාසය කුමක්ද?

pure msgපළමු වරට මොනො සොඩියම් ග්ලුටනමේට් ඇමරිකානු වෙළඳපොලට නිකුත් වන්නේ වර්ෂ 1908 දී පමණ ඇසෙන්ට් කුඩු (Accent powder) නමිනි. මෙහි නිර්මාතෘ වරයා වන්නේ කිකුනෙයි ඉකිඩා නම්වු ජපන් ජාතිකයෙකි. මුහුදු පැලෑටි වල ඇති ආහාර වල රසය වැඩි දියුණු කරනා ස්වාභාවික රසකාරකයක් වශයෙන් මෙය පළමුවරට ජනප්‍රිය වේ. මෙම රසකාරකය වැඩි දියුණු කර කෘතිම ලෙස නිශ්පාදනය කරනා ඇබ්බැහිකාරක MSG වෙළඳ පොළට එන්නේ ඉන් පසුවය. ඉන් පසුව “අජිනොමොටෝ” නම්වු ලොව ප්‍රමුඛතම MSG අඩංගු ආහාර රසකාරකය නිශ්පාදනය වන්නේ ලොව පුරා රැල්ලක් සේ එම රසයට ඉල්ලුමක් ඇතිවීමත් සමගය.
MSG වල රසායනික සංයුතිය ගත් විට එහි ග්ලුටමික් අම්ලය 78% ද 21% සොඩියම්ද ඉතිරි 1% නොයෙක් අපද්‍රව්‍ය වලින් යුක්තය. MSG පිලිබඳව අතිකර ඇති බරපතලම වැරදි ආකල්පය නම් එය ලොව පිළිගත් රසකාරකයක් හෝ නැතිනම් මාංශ වල තද ස්වභාවය අඩු කර එම මෘදු බවට පත්කරනා සංයෝගයක් ලෙස ඇති මතයයි. සත්‍ය ලෙසම ගත් විට එහි සුළු වශයෙන් රසයක් සහ සුවඳක් ඇත. ඔබ MSG සහිත ආහාරයක් ගන්නා විට ඔබට හැ‍ඟෙන්නේ ඔබ ගන්නා ආහාරයේ ප්‍රෝටීන් අධිකව ඇතිය යන හැඟීම සහ ප්‍රණිත රසයකින් යුක්තය යන හැඟිම්ය. එය සිදුවන්නේ එම සංයෝගය විසින් ඔබගේ දිව අනුකම්පා විරහිත රැවැට්ටීමකට ලක් කිරීම මගිනි. මෙම සංයෝගය ඇමරීකාව තුල වඩාත් වැඩියෙන් ප්‍රචලිත වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුවය. ජපානය තුල කඳවුරු බදිනා ඇමරිකානු භටයන් හරහා මෙය ඇමරිකානුවන්ට සමීප වේ. එය කෙතරම් ඇමරිකානු සමාජයට කා වදින්නේද කියතොත් 1959 දී ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන ඒජන්සිය(US FDA) විසින් MSG යනු සෞඛ්‍යාරක්ෂිත ආහාර රසකාරක සංයෝගයක් ලෙස හඳුන්වා දෙයි. එතැන් සිට දශක කිහිපයක් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු වන්නේ නැත. නමුත් ඉන් වසර 10 කට පමණ පසුව “Chinese Restaurant Syndrome” යනුවෙන් හඳුන්වන වෛද්‍ය පාරිභාෂිත වචනයක් ව්‍යවහාරයට පැමිනෙන්නේ චීන ආහාර අනුභවය නිසා ඇතිවන යම් රෝග තත්ත්වයක් හඳුනාගැනීම නිසාවෙනි. එම රෝග තත්ත්වය MSG අඩංගු ආහාර ගැනීම නිසා ඇතිවන බව අදාල හැදීන්වීම තුල පර්යේෂකයෝ ඉදිරිපත් කරයි. අද එය වඩාත් නිවැරදිව හඳුන්වන්නේ “MSG Symptom Complex,” යන නාමයෙනි.

MSG මෙතරම් භයානක යැයි පවසන්නේ ඇයි…..???

example msgඅද වන විට ලොකයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව බවට පත්ව ඇත්තේ බෝ නො‍වන රෝගයි(Non Communicable Disease). වාර්ෂිකව මේ නිසාවෙන් මියයන රෝගීන් සංඛ්‍යාව අති විශාලය. MSG යනු බෝ නොවන රෝග ඇතිකිරීමට සෘජුවම බලපානා රසායනික සංයෝගයකි. MSG වල ඇති සෑබෑ අවධානම නැතිනම් අනතුර පිළිබඳව වඩාත් යථාර්තවාදී විග්‍රහය සිදු කරන්නේ ඇමරිකානු ජාතික ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රසල් බ්ලේලොක් (Dr. Russell Blaylock) තම “Excitotoxins: The Taste that Kills.”නම්වු කෘතිය තුලින්ය. ඔහුට අනූව MSG රසායනිකය යනු සෛල විනාශ වීමට හෝ මරණයට පත් වීමට අධිකතර ලෙස පොළඹවන සංයෝගයකි. එය ඔහු හඳුන්වා දී ඇත්තේ excitotoxin යන වචනයෙනි. ඒ හේතුවෙන් මොළයට හානීවීම සහ මොළයේ ඉගෙනුම් ක්‍රියාවන්ට බාධා වීම ඇතුළු බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වා දී ඇති මොළය ආශ්‍රිත රෝග ගණනාවකට (Alzheimer’s disease, Parkinson’s disease, Lou Gehrig’s disease) මාර්ගය විවෘත කර දෙන බව ඔහු අනාවරණය කරයි. එපමණක් නොව මෙම සංයෝගයේ ඇති ග්ලුටමික් ඇමයිනෝ අම්ලය මොළයේ පමණක් නොව සමස්ථ ස්නායු පද්ධතියේමත්, අක්ෂි, අග්න්‍යාශය සහ අනෙකුත් ඉන්ද්‍රියන්ගේද ක්‍රියාත්මක වීම තුලින් සියල්ලම අඩපන කරන බවත් දක්වා ඇත. එයින් මෙම සංයෝගයේ සැබෑ ස්වරුපයේ ප්‍රමාණය සිතා ගත හැකි නොවේද?

side effects msgවෛද්‍ය බ්ලේලොක් තවදුරටත් දක්වා සිටින්නේ මෙම සංයෝගයේ කොටස් හෘද් පේෂි වල සහ හෘදයේ විද්‍යුත් ආවේග ගෙනයන පද්ධතිය තුලද ක්‍රියාත්මක වන බවයි. ඒ අනූව කිසිදු පූර්ව දැනුම් දිමකින් හෝ ලක්ෂණ පෙන්වීමකින් තොරව අනුකම්පා විරහිතව හෘදයට හානීවීම් සිදුවීය හැකි බව ඔහු අවධාරණය කරයි. විශේෂයෙන් ක්‍රීඩා කරමින් සිටින අතරතුර බොහෝ හදිසියේ මියයන තරුණ ක්‍රීඩකයන්ගේ මරණ වලට මෙම රසායනිකය හේතුවී ඇති බවත් ඔහු පර්යේෂණ තුලින් තහවුරැ කර පෙන්වා දෙයි.

(“When an excess of food-borne excitotoxins, such as MSG, hydrolyzed protein soy protein isolate and concentrate, natural flavoring, sodium caseinate and aspartate from aspartame, are consumed, these glutamate receptors are over-stimulated, producing cardiac arrhythmias.
When magnesium stores are low, as we see in athletes, the glutamate receptors are so sensitive that even low levels of these excitotoxins can result in cardiac arrhythmias and death.” )

MSG නිරන්තර භාවිතය නිසා වෙනත් විපත්තිකර බලපෑම් රාශියක්ද මේ සමගම බැදී පවති

  • අතිස්ථෟල්‍යය Obesity
  • අක්ෂි ආබාධ Eye damage
  • නිරන්තර ශීර්ෂශූල Headaches
  • තෙහෙට්ටුව Fatigue
  • විශාදය Depression

තවද, අධි මාත්‍රාවෙන් MSG අඩංගු ආහාර ගන්නා අයට සහ හතිය සහිත අයට MSG අඩංගු ආහාර ගැනීම නිසා විශේෂයෙන් කෙටි කාලීන සංකූලතා ඇතිවිය හැකි බව ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය දැන් තහවුරු කර ඇත. ඒ අනූව

o අවයව වල සංවේදීතාවය රහිතවීම
o සිරුරේ දාහය සහ දැවිල්ල
o අනින්නාක් බදු වේදනාව
o මුහුනේ පේෂි වල පීඩනය වැඩි විම නැතිනම් තද ගතිය
o පපුවේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය
o ශීර්ෂ ශූලය
o ආහාර අරුචිය
o හෘද ස්පන්ධනය වේගවත් වීම
o නිදිමතස්වභාවය කම්මැලිකම
o ශාරිරික දුර්වලකම

ඔබගේ ආහාරයේ MSG ඇති දැයි හඳුනා ගන්නේ කෙසේද?

ආහාර නිශ්පාදකයෝ මොඩයෝ නොවෙති. ඔවුන් කිසි ලෙසකින්වත් MSG හෝ එහි ව්‍යුත්පන්න තම නිශ්පාදන වලින් ඉවත් කරන්නේ නැත. බහුතරයක් දෙනා සිදුකරන්නේ තම නිශ්පාදනයේ දවටනය වෙනස් කිරීම පමණි. වෙනත් වචන වලින් කියනවා නම් සිදුකරන්නේ ‍ආහාර පිළිබඳ තොරතුරු(INS Number or E Number) වලින් MSG පිළිබඳ විස්තර සැඟවීමයි. ඔවුන් එය එසේ කරන්නේ කෙසේද? ජීවිතයේ කවර දිනකවත් අසා නැති නමකින් එම දත්ත ඉදිරිපත් කිරීමෙනි. එබැවින් ආහාරයේ ලේබලය පරික්ෂා කර බලා නිවැරදි අවබෝධයක් ලැබීමට හැකි යැයි සිතනා මිත්‍යාවෙන් බැහැර වන්න. සරලව කියන්නේ නම් එහි අදහස වන්නේ ඔබට එය හඳුනා ගත නොහැකිය යන්නයි.

ඔබගේ ආහාරයෙන් MSG ඉවත් කර තැබීමට කෙටි උවදන්

msgසාමාන්‍යයෙන් ඔබ මිලදි ගන්නේ හෝ භෝජනය සඳහා යොදා ගන්නේ පෙර පිසින ලද ආහාරයක් නම් එම ආහාරයේ සම්පූර්ණ MSG හෝ නැතිනම් එහි මොනයම් හෝ අංශුමාත්‍ර රසායනික සංයෝගයක් අන්තර්ගත බව උපකල්පනය කල හැක. ඔබ භෝජනය කරන්නේ නැවුම් ආහාරයක් නම් එහි ඉහත අවධානම නැති බව ඔබටම සහතික විය හැක. භෝජනාගර වල ඇති පිසින ලද ආහාර MSG අඩංගු ආහාර ඇති අනෙක් ප්‍රධානතම ස්ථානයයි. ඔබ කවර දිනකවත් ඔබට ආහාර පිළිගන්වන තැනැත්තාගෙන් විමසා ඇතිද ආහාර වට්ටෝරුවේ MSG මුක්ත ආහාර වන්නේ මොනවාදැයි කියා. නැතිනම් ඉල්ලිමක් කර ඇතිද MSG තමන්ගේ ආහාර වලට එකතු නොකරන ලෙස. එහෙත් ඔබට සියයට සියයක් විශ්වාසදායි MSG මුක්ත ආහාර ඇති ස්ථානය වන්නේ ඔබගේ මුළුතැන්ගෙයයි.

වර්තමාන තරඟකාරී වෙළඳපොළම ඉලක්ක කර ගත් සමාජ ක්‍රමය තුල නවතම සෞඛ්‍යමය තොරතුරු සමගින් හැකි තරම්  යාවත්කාලීන වීම අත්‍යාවශ්‍යය. ඔබගේ සෞඛ්‍ය පිළිබඳව තීරණගන්නා බවට ඔබට පත්වීමට අවශ්‍ය නම් ඔබගේ මෙම යාවත්කාලීන වීම අත්‍යාවශ්‍යය.

MSG-Free ආහාර තොරා ගන්නෙකු විමෙන්…..

අවසාන වශයෙන් සඳහන් කල යුතුව ඇත්තේ MSG අඩංගු ආහාර මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ප්‍රඥාගෝචරම තීරණය බවයි. තමන්ගේ ආහාර පිළියෙල කර ගැනීම සඳහා දේශියව (හැකිනම් තම ගෙවත්තේම ) නිපදවා ගත් නැවූම් අමුද්‍රව්‍ය යොදා ගැනීම කල හැකි හැකි නම් කෙතරම් ආරක්ෂිතද? එසේ කිරීම තුලින් තමන්ටම සහතිකයක් නැතිනම් විශ්වාසයක් තම ආහාරය පිළිබඳව ඇති කර ගැනීමට හැකිවීම විශේෂම සහනයයි. එපමණක් නොව සුපිරි වෙළඳසැල් වලින් දැන දැනම මිලදී ගන්නා අධිකව MSG බර පැටවූ පිසින ලද ආහාර වලට වඩා නිවසේ පිසින ලද ආහාර විශේෂ රසයක් සහ වැඩි පෝෂණ ගුණයක් ලබා දෙන සෞඛ්‍යාරක්ෂිත බව තේරුම් ගන්නේ නම් අවසානයේ ආහාරයකින් බලාපොරෝත්තු වන සැබෑ අරමුණ එයින්ම ඉටු නොවන්නේද? එසේ නොමැතිනම් සදාකාලික රෝගියෙකු බවට පත්වීමට නැතිනම් අකාලයේ මරණය ලඟා කර ගැනීමට ඔබට සිදුවීම නොවැලැක්විය හැක්කකි.