විමර්ශණ »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4 5
ආයුර්වේදයේ පශූ වෛද්‍ය ශාස්ත්‍රය

චරක සුශ්‍රැත සංහිතා වැනිම වූ සංහිතා ග්‍රන්ථයක් ශාලිහෝත්‍ර සංහිතා යන නමින් පශූවෛද්‍ය විද්‍යාව වෙනුවෙන්ම රචනා වී ඇත. එයට හයායුර්‍වෙද සංහිතා, තුරංගම ශාස්ත්‍ර යන නම්ද භාවිතා කර ඇත. එම සංහිතාවේම සඳහන් තොරතුරු වලට අනූව සංහිතාව රචනා කල ශාලිහෝත්‍ර සෘෂිවරයා යනු හයඝෝෂ නම් සෘෂිවරයාගේ පුතුණුවෙකි. චරක සංහිතාවේ මූල ග්‍රන්ථය වු අග්නිවේශ සංහිතාවේ ශ්ලෝක 12000කින් යුක්ත වුයේ යැයි කියා තිබෙන්නාක් මෙන් ශාලිහෝත්‍ර සංහිතාවේද ශ්ලෝක12000කින් සමන්විත යැයි පෙන්වා දී තිබේ. එසේම ආයුර්වේදය අංශ අටකින් යුක්ත වූ පරිද්දෙන්ම හයායුර්‍වෙදයද අංග අටකින් සමන්විත යැයි විස්තර කර ඇත.

ආයුර්වේදයේ ඥාති චීන වෛද්‍ය ක්‍රමය

“ආදි කාලීන මිනිසුන් ටාඕ දර්ශනය අනූව කටයුතු කිරීමත්, යින් සහ යැන් යන ස්වාභාවික බලවේගයන් අනූව සෞඛ්‍යාරක්ෂක විධි වල යෙදීමත්, පංච භූත සිද්ධාන්තය අනුගමනය කිරීමත් විචාරවත්ව අහාර පාන ගැනීම සහ දිනචර්යා සහ සෘතුචර්යා මනාව පැවැත්වීමත් එයට හේතුවී තිබේ. එහෙත් වර්තමානිකයන් එසේ නොකිරීම මන්දායුෂ්ක විමට හේතු වී තිබේ.”(නේ-ජින්-සූ-වෙන් ප්‍රකරණය)

ප්‍රාණයට ජීවයක් ලබා දෙන්නා වූ ප්‍රාණජීව……….

අයුර්වේදයේත් දේශිය වෙදකම‍ තුලත් විශිෂ්ඨ ගුණ අත් කර දෙන ඖෂධ රාශියක් පවතිද්දී ප්‍රාණජීව නම් වූ මෙම ඖෂධය ගැන සුවිශේෂිව සඳහන් කරනුනෙ ඇයිද යන්නට පළමුව පිලිතුරු සොයා ගත යුතුය. සියවස් දෙකකටත් වඩා පැරණි දේශිය ඖෂධ වට්ටෝරුවක සඳහන් සුවිශේෂ ඖෂධ වර්ග දේසියකට වඩා භාවිතා කරමින් සකසා ඇති ප්‍රාණජීව තෛලය සුවිශේෂි ඖෂධයක් වන්නේ සෞඛ්‍ය ගැටළු බොහොමයක් සඳහා සාර්ථක විසඳුමක් ලබා දීමට තරම් ශක්‍යතාවයක් සහිත දේශිය වෛද්‍ය ක්‍රමයේ විශ්වකර්‍ම ඖෂධයක් ලෙස ප්‍රාණජීව තෛලය අද වන විට පර්යේෂණ මගින්ද තහවුරු වී ඇති නිසාය.

දැනගෙන බුලත් කන්න

බුලත් කෑමට ආසියාතිකයින් වැඩි නැඹුරුවක් දක්වා ඇත්තේ හුදු පුරුද්දක් වශයෙන් සලකා පමණක් නොව එහි අන්තර්ගත විශිෂ්ඨ ඖෂධීය ගුණ නිසාවෙන්ද යන මතය පහසුවෙන් බැහැර කල නොහැක. සෞභාග්‍යයේ සංඛේතය ලෙසින් සැලකෙන බුලත් මිනිසාට අහිතකර ශාකයක් නොව මිනිසාට වචනයේ අර්ථයෙන්ම හිතකර ඖෂධීය ශාකයක් බව සැලකීමට කාළය නැවත පැමිණ තිබේ.

To be a Successful Doctor

Never stop learning. Take classes, study, work with experts. Keep acquiring new skills. Having the best medical knowledge for any important healthcare decision can make a critical, even lifesaving difference, between early detection and long illness, a short hospital stay and a long one, a speedy recovery and a difficult one, a normal life and permanent disability and comfort and pain.

· Be persistent and work hard, you’ve probably heard the expression, “success is a marathon, not a sprint.” Keep your eye on your goal. Visualize success.

· Analyze mistakes. Get all the facts, and ask for input. This helps you make wiser decisions that will help your patients. Let your career mistakes make you different, and better.

Vitiligo – a curse of God? Not at all! It can be cured

 “sudu kabara” or “sweethra” the indigenous equivalents for vitiligo or leucoderma- arouses diverse feeling ranging from anxiety to anguish and pity to revulsion. This is the disorder of the skin where the natural color is gradually displaced by small white

දැවුම් පිළිස්සුම් චිකිත්සාවේ රාජසේකර සලකුණ

රාජසේකර දැවුම් පිළිස්සුම් වෙද පරපුර යනු මෙරට පැරණිතම දේශිය වෙද පරම්පරාවන්ගෙන් එකකි. එකී පරම්පරාවේ පූර්වජයින් සීතාවක රාජසිංහ රජුගේ රාජකීය වෛද්‍යවරුන් ලෙසද කටයුතු කර ගෞරවයටත් පත්ව ඇත්තෝය.බොහෝ විට පිළිස්සුම් තුවාල සිදුවූවන්ගේ සමේ විකෘති වී ගිය පිළිස්සුම් කැළැල් ඉතිරි වන්නේ මුලික ප්‍රතිකාරයේදි ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට කල හැකි කිසිවක් නොමැති නිසාවෙනි. නමුත් දේශිය චිකිත්සාවේ විශ්වකර්‍ම වෙදකමක් වන රාජසේකර දැවුම් පිළිස්සුම් වෙදකම තුලින් පිළිස්සුම් රෝගීයාගේ පිළිස්සුම් තුවාල නිසා හානිවු අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ප්‍රතිකාර සිදුකරන අතරම ආරම්භයේ සිට පිළිස්සුණු බාහිර සමටද ප්‍රතිකාර සිදුකරන්නේ බාහිර සමද විකෘති නොවී ආරක්ෂා කර ගැනුමටය.

ආසනික් මාරයා වෙදගෙදරටත්…….

මේ රස වෙදකම තමයි අද රසායන විද්‍යාව කියන විෂයේ මූලාරම්භය. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියානු මහාද්වීපයට තම ආක්‍රමන ගෙනා විට එතුමා ඉන්දියානු ශිල්ප ශාස්ත්‍ර බොහෝමයක් තම දේශයට ගෙන ගියා කියන කාරණය අපි කවුරුත් දන්නවා. එතුමා සමඟ මහා දැනුමැත්තන් සංචාරය කල බවත් කියවෙනවා. මේ උගතුන් අතට පත් වූ රස වෙදකමේ රහස් ඒ හරහා යුරෝපයට ගොස් එතනින් ඇති වූ දියුණුව රසායන විද්‍යාවේ ආරම්භය සටහන් කරලා තියනවා.

1 2 3 4 5
...

වෛද්‍ය ක්‍රමයක් ලෙසත් දර්ශනයක් ලෙසත් ගත් කල ආයුර්වේදය යනු විශාල ක්ෂේත්‍ර ගණනාවක් එකතු වි ඇති මහා දැනුම් ගබඩාවක් යැයි කිව හැක. ආයුර්වේදය යනු මෙපමණකැයි කියා සිමා කලද නොහැක. දිනෙන් දින අළුත් වන ලොකය තුල ආයුර්වේදයද එම පරිවර්තනයන්ට සරිලන ලෙස තම සංකල්ප හා න්‍යායයන් ඉදිරිපත් කල යුතුය. එසේම සමාජීය තත්ත්වයන්ට උචිත වන ලෙස ආයුර්වේදය නිර්මාණාත්මක සහ ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකි අයුරු පෙන්වා දිය යුතුය. ඒ සදහා මනාවුත් හසලවූත් ආයුර්වේද පරිකල්පන ශක්තියක් සැමටම තිබිය යුතුය. විමර්ශන වෙන් වන්නේ ඒ වෙනුවෙනි.

...