විමර්ශණ »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4 5
ලොවටම හිසරදයක් වන ඉබොලාව……

ඉබෝලා වෛරස් රෝගය වෛරස් රෝග කාණ්ඩයට අයත් උණ රෝගයක් ලෙස හඳුන්වා දිය හැක. ඉංග්‍රිසි භාෂාවෙන් එය හඳුන්වන්නේ Ebola virus disease(EVD) නැතිනම් Ebola hemorrhagic fever යන නාමයෙනි. මෙම රෝගය අයත් වන්නේ නිශ්චිත ප්‍රතිකාර තවමත් සොයා ගෙන නැති එසේම මිනිසාට පහසුවෙන්ම මරණය අත්කර දිය හැකි තිව්‍ර රෝග තත්ත්ව(Acute Disease) යටතටය. ඒඩ්ස් වෛරසය සේම ඉබෝලා වෛරසයද පළමුවරට මිනිසාට සංක්‍රමණය වන්නට ඇත්තේ අප්‍රිකානු වන සතුන් තුලින් බවත් දැන් එය මිනිසුන්ගෙන් මිනිසුන්ට ව්‍යාප්ත වන තත්ත්වය දක්වා පැතිරි ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමයි.

නිරෝගි සහ සැහැල්ලු ජීවිතයකට අත්‍යාවශ්‍ය නිවැරදි ආහාර රටාව සහ ජල පාන රටාව

“නිවැරදි ආහාර රටාව හඳුනා ගැනීමේදී අප අවධානයට ගත යුතු පළමු කරුණ වන්නේ කුසගිනි ඇතිවිටදි ආහාර ගැනිමට යොමුවීමයි. එපමණක් නොව පිපාසය දැනෙනා මොහොත දිය බීමට හොඳම මොහොත බවද මතක තබා ගැනීමයි. ඒනිසා කුසගින්න හො පිපාසය දැනීම ආහාර ගැනීමට හෝ දියබීමට යොමුවීමට අපව යොමුකරවන සංඥා ලෙස ගත්තද වරදක් නැත. නිවැරදි ආහාර ගැනීමේ රටාව සහ එහි ප්‍රයෝජන කොතරම් වැදගත්ද යන්න පුද්ගලයින් දන්නේ නම් සියල්ලන්ම නිවැරදි කෑම රටාව අනුගමනය කරනු නොඅනුමානය” -ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ජී.වී. චමින්ද ද සිල්වා මහතා

අග්නි කර්‍ම/දහන චිකිත්සාව, ආයුර්වේදයේ සුවිශේෂී ප්‍රතිකාරයකි

ශල්‍ය ප්‍රතිකාර අංශය ශස්ත්‍රකර්‍ම, ක්ෂාරකර්‍ම සහ අග්නිකර්‍ම යන ප්‍රතිකාර ත්‍රිත්වයකින් සන්නද්ධ කලේ ආයුර්වේදඥ සුශ්‍රැත ආචාර්යවරයා විසිනි.සුශ්‍රැත ආචාර්යවරයා විසින් අග්නි ප්‍රතිකාරය සඳහා භාවිතා කල යුතු උපකරණද සුශ්‍රැත සංහිතාවේ හදුන්වා දී ඇත. දහනෝපකරණ යන නමින් හඳුන්වා දි ඇති මේවා ශරීරයේ විවිධ ස්ථාන සහ ශරීරයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු වන පරිදි සැකසු උපකරණයෝය.

පාරම්පරික වෛද්‍ය දැනුම පිළිබඳව අන්තර්ජාතික සම්භාෂාව 2014

කැළණිය විශ්ව විද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ පශ්චාද් උපාධි අධ්‍යයන අංශය විසින් පළමු වරට සංවිධා‍නය කරන පාරම්පරික වෛද්‍ය දැනුම පිළිබඳව අන්තර්ජාතික සම්භාෂාව “සුවබර දිවිපෙවෙතකට හෙළ වෙදකම” යන මැයෙන් 2014 ක් වූ ජූලි මස 24 දින සිට 26 වැනි දින දක්වා Ayur Ex Kandy 2014 ආයුර්වේද ප්‍රදර්ශනයට සහ වෙළද සල්පිලට සමගාමිව කැන්ඩි සිටි සෙන්ටර්, මහනුවර හිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

“Ayur Ex Kandy 2014” Ayurveda Exhibition and Trade Fair

We are glad to announce 2nd Ayur Ex Kandy 2014 which will be held at the City Centre, the world heritage city of Kandy, Sri Lanka, on 3rd week of July 2014. Ayur Ex Kandy is the biennial Ayurveda educational exhibition and trade fair organized jointly by the Department of Ayurveda, Central Province and the Central Provincial Council, Sri Lanka.

රෝග සුව කරන ජීවි ශල්‍ය උපකරණය(Bio Surgical Instrument)

ජීවි ශල්‍ය උපකරණයක් ලෙස භාවිතා කරන බෙහෙත් කුඩැල්ලන් ප්‍රතිකාර සඳහා භාවිතා කිරිමේදී වෛද්‍යවරයා සතුව ඉතා බරපතල වගකීමක් පැටවෙන්නේ නිරායාසයෙනි. අනෙතුක් ඖෂධ සහ උපකරණ මෙන් නොව මෙහිදි භාවිතා කරන්නේ ජීවි සත්ත්වයෙකි. පණ ඇති වස්තුවකි. එම සත්ත්වයා අප අපගේ කාර්යය ඉටු කරවා ගැනීම සඳහා යොදා ගැනිමේදි ඇතිවිය හැකි සියලුම අවධානම් සහගත අවස්ථා සඳහා වෛද්‍යවරයා සුදානම්ව සිටිය යුතුය.

උතුරුමැද පළාත් වකුගඩු රෝගීන්ගේ ආයු අපේක්ෂාව වැඩි කරමින් අළුතින් වකුගඩු අකර්මණ්‍ය විමේ රෝගයට ජනතාව ගොදුරු වීම වැලැක්වීම අරමුණු කර ගත් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය පුවර්ධන වැඩසටහන

ජනතා පරිභෝජනයට සුදුසු වන්නාවු ජල මුලාශ්‍ර සේම සුදුසු නොවන්නාවු ජල මුලාශ්‍රද වෙන වෙනම හදුනා ගෙන ජනතාව ඒ පිළිබඳව දැනුවත් කර සුදුසු ජල මුලාශ්‍ර පමණක් භාවිතයට හුරු කරවිමද කරනු ලැබේ.සියළුම ජල මුලාශ්‍ර වල ජලයේ තත්ත්වය සහ ගුණාත්මකභාවය රැක ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් ආයුර්වේදය තුල උගන්වා ඇති ස්වාභාවික ජල පිරිසිදු කිරිමේ උපාය මාර්ග පිලිබදව ජනතාව දැනුවත් කර ඒවා ක්‍රියාත්මක කරවීමද මෙම සමස්ථ ව්‍යාපෘතියට අයත් තවත් කාර්යයකි.

වල්ලාපට්ටා හරි පාරෙන් යවමු.

මේ දිනවල වඩාත් ජනප්‍රියම ශාකය කුමක්දැයි මත විමසුමක් කලහොත් බොහෝදෙනා වල්ලාපට්ටා යන නාමය පවසනවා ඇත. එහෙත් ඒ බහුතරයම නිවැරදිව මෙම ශාකය ගැන දැනුවත් බවක් නැති බව නම් ඒහා සමානවම පැහැදිලිය. අපගේ උත්සහය වන්නේ වල්ලාපට්ටා ශාකය ගැනත් එහි උපයෝගිතාවයත් නිත්‍යානුකූලව ක්‍රම මගින් වල්ලාපට්ටා ශාකයෙන් ලබා ගත හැකි ආර්ථික වාසි ගැනත් දැනුවත් කිරීමටය.

1 2 3 4 5
...

වෛද්‍ය ක්‍රමයක් ලෙසත් දර්ශනයක් ලෙසත් ගත් කල ආයුර්වේදය යනු විශාල ක්ෂේත්‍ර ගණනාවක් එකතු වි ඇති මහා දැනුම් ගබඩාවක් යැයි කිව හැක. ආයුර්වේදය යනු මෙපමණකැයි කියා සිමා කලද නොහැක. දිනෙන් දින අළුත් වන ලොකය තුල ආයුර්වේදයද එම පරිවර්තනයන්ට සරිලන ලෙස තම සංකල්ප හා න්‍යායයන් ඉදිරිපත් කල යුතුය. එසේම සමාජීය තත්ත්වයන්ට උචිත වන ලෙස ආයුර්වේදය නිර්මාණාත්මක සහ ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකි අයුරු පෙන්වා දිය යුතුය. ඒ සදහා මනාවුත් හසලවූත් ආයුර්වේද පරිකල්පන ශක්තියක් සැමටම තිබිය යුතුය. විමර්ශන වෙන් වන්නේ ඒ වෙනුවෙනි.

...