පංචකර්‍ම චිකිත්සාව »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රක්ත මෝක්ෂණය සහ ආයුර්වේදය

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තර්පණ/වෘංහණ ප්‍රතිකාර ක්‍රමය(සිරුර පෘෂ්ඨිමත් කිරීම) සහ අපතර්පණ/ලංඝන ප්‍රතිකාර ක්‍රමය (සිරුරු ගත ආමය පැසවීම) යන ප්‍රධාන චිකිත්සා ධාරා දෙක ඔස්සේ සිදු කරනු ලබන්නකි. මෙම ක්‍රමවේදයේදී වෘංහණ ප්‍රතිකාරය සඳහා රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) චිකිත්සාවද ලංඝන ප්‍රතිකාර සඳහා ශෝධන(Purifying) ශමන(Alleviative) ප්‍රතිකාරයද භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර සිදුකිරීම දීපන, පාචන, ක්ෂුත්, තෘට්, ව්‍යායාම, ආතප, මාරුත යන ක්‍රම ඔස්සේ සිදු කරන අතර ශෝධන ප්‍රතිකාරය සිදු කරනුයේ නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්තමෝක්ෂණ යන චිකිත්සාවන් පහ (පංචකර්‍ම චිකිත්සා)මගිනි.

ස්නේහකර්‍ම (දෙවන කොටස)

පොදුවේ ස්නේහපානය පංචකර්‍ම චිකිත්සාවෙදි සිදුකරණ පුර්වකර්‍මයක් ලෙස වෙනම කාර්යයක් සිදුකරන අතර තුර සිරුරට විවිධාකාරයෙන් ‍ගුණදායක‍ද වේ. නිතර නිතර ස්නේහ පානය කරන්නේ නම් අග්නිය වැඩී කෝෂ්ඨය පිරිසිදුව රස රක්තාදී ධාතුන් වැඩි ශරීර ශක්තියෙන් හා වර්ණයෙන් මෙන්ම ශක්තිමත් ඉන්ද්‍රියන්ලෙන්ද යුක්තව ජරාවට නොයා දිර්ඝායුෂ වැළදීමට හැකිවන තත්ත්වයක් උදා වන්නේය.

පංචකර්ම ප්‍රතිකාර සඳහාම කැපවු රජයේ ආයුර්වේද පංචකර්ම රෝහල

සාම්ප්‍රදායික රෝහලක ඇති කලබලකාරි පරිසරයෙන් වෙනස්වූ නිරවුල් මානසිකත්වයකින් පැමිණ ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සලසා ඇති ප්‍රිය ජනක ස්ථානයක් ලෙස මෙම රෝහල ගොඩ නඟා ඇත කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්‍ම රෝහල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විසි එක් වැනි සියවසේ දෙස් විදෙස් සේවාලාභින් සියල්ලන්ගේම ආකර්ශනයට බඳුන් වෙන පරිදි සැකසුනු එසේම පුද්ගලික වෛද්‍ය සේවා අයතන සමග තරඟයට ගැලපෙන පරිදි ගොඩනගා ඇති සුපිරි ආයුර්වේද රෝහලකි.

ස්වේද කර්‍ම

කෝෂ්ඨයන් කරා ද්‍රවත්වයට පත් දෝෂයන් ගෙන ඒමේ කාර්යය සිදුවන්නේ ස්වේද කර්ම කිරීම මගිනි. න්‍යායාත්මක වශයෙන් වඩාත් පුළුල් වූත් පැහැදිලි වූත් ස්වේදන ප්‍රභේද ලැයිස්තුවක් දක්වා ඇත්තේ චරකයේය. එහිදි මූලධර්මයේ කිහිපයක් පදනම් කර ගනිමින් කරනු ලබන වර්ග කිරීම් දැක ගත හැක. එක් අවස්ථාවකදී ස්වේදය ස්නිග්ධ(Moisture) හා රූක්ෂ(Dry) වශයෙන් බෙදා වශයෙන් බෙදා දක්වා ඇත. වඩාත් විස්තීර්ණ වු බෙදීම වන්නේ සමාග්නි නිරාග්නි ලෙස කර ඇති බෙදා දැක්වීමයි. සාග්නි ස්වේද ක්‍රම 13ක්ද නිරාග්නි ස්වේද ක්‍රම 10ක්ද එහි දක්වා ඇත.

බාහිර ස්නේහකර්‍ම

පංචකර්‍ම චිකිත්සාවේ එන ප්‍රථම පූර්වකර්‍මය වන ස්නේහකර්‍ම පිළිබදව කලින් පලවු ලිපියෙහි සදහන් වූ කරුණු වලට අමතරව  ඒ පිළිබදව දැනගත යුතුව ඇති ඉතිරි කරුණු සියල්ලම මෙම ලිපිය තුලින් සාකච්ඡා කරණූ ලැබේ. පෙර ලිපිය තුලින් සාකච්ඡා කරණූ ලැබුයේ ස්නේහකර්‍ම ශරීර අභ්‍යන්තර වශයෙන්

පංචකර්‍ම චිකිත්සාව (ශෝධන චිකිත්සාව)

ආයුර්‍වෙද ප්‍රතිකාර ක්‍රමයේ අරමුණ වන්නේ නීරෝගි අයගේ නිරෝගිභාවය ආරක්ෂා කොට පවත්වා ගෙන යාමත් රෝගි තැනැත්තන්ගේ රෝගිභාවය සුව කිරීමත්ය. මෙම කාර්යයන් දෙක ආයුර්‍වෙදයේ දක්වා ඇත්තේ ස්වස්ථස්‍යොර්ජස්කර ආර්තස්‍ය රෝගනුත් යන සංස්කෘත පාඨයන් දෙකෙනි. මෙහිදි නීරෝගි කම ආරක්ෂා කර ගැනීම සදහා අෂ්ඨාංග ආයුර්වේදයට

ස්නේහ කර්‍ම (පළමු කොටස)

තෛලොත්පත්ති ස්ථානය (තෛල ඇතිවන ආකාරයන්) අනූව තෛල ස්ථාවර සහ ජංගම යනුවෙන් බෙදා දක්වමින් විස්තර කිරිම ආරම්භ කර ඇත. මෙම වර්ගීකරණය පැහැදිලි කර ගැනීම සදහා උදාහරණයන්ද එතුමන් දක්වා ඇත. තෛල නිස්සාරණය කරගැනීම සහ නිශ්පාදනය කරගැනීම කල හැකි වනස්පති, වෘක්ෂ, වීරූධ, ඖෂධි යන සතර උද්භිද ද්‍රව්‍යයන්ගෙන් නිපදවන තෛලයන් ස්ථාවර තෛල ලෙසත් මත්ස්‍ය, පශු, පක්ෂි යන සංචරණය වන සතුන්ගෙන් ලබාගත හැකි තෛල පදාර්ථ ජංගම තෛලයන් ලෙසත් දක්වා ඇත. ජංගම තෛල සදහා දීකිරි, කිරි, කිරිතෙල්, මාංස, වසා, මජ්ජා යන ඒවා යොදා ගත හැකි බවද උදාහරණ ඇසුරෙන් දක්වයි.

...

ආයුර්වේදය යනු ශාකයක මුල් පද්ධතියක් නම් පංචකර්‍ම යනු එම මුල් පද්ධතියේ මුදුන් මුල වන්නේය. පංචකර්‍ම වලින් තොර ආයුර්වේද ගැන සක්ච්ඡාවක් අර්ථ ශූන්‍යය. එසේ වන්නේ ආයුර්වේදයේ වැදගත්ම කොටස ලෙස පංචකර්‍ම චිකිත්සාව පිළිගැනෙනා බැවිනි. චිකිත්සා ක්‍රම පහක් අන්තර්ගත කොටස පංචකර්‍ම ලෙස පහසුවට විග්‍රහ කර ගත්තාට පංචකර්‍ම යනු එක් ප්‍රධාන සංකල්පයක් මත පදනම් වූවක් බව සැලකිය යුතුය. රෝග සුව කිරීමට දෙයාකාරයකින් ප්‍රතිකාර කලහැකි බව මෙම සංකල්පය මගින් පැහැදිලි වේ. බොහෝවිට ශල්‍ය කර්‍ම සිදුකිරීමට සිදුවන අවස්ථා වලදී හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම ඇලෝපති වෛද්‍ය ක්‍රමයේදී සිදුවන්නේ ශමන චිකිත්සාව බව කිව හැක. රෝග තත්ත්වය සමනය කිරීම සිදුවුවද එය සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් සිදුවන්නේ නැත. නැවත එම රෝග තත්ත්වය ඇතිවීමට හෝ උත්සන්න වීමට ශමන චිකිත්සාවේදී හැකියාවක් ඇත. එනමුත් පංචකර්‍මයේ පළමු අරමුණ වන්නේ රෝගය රෝගියාගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෙවත් ශෝධනය කිරීමයි. පංචකර්‍ම සිදුකිරීමේදී රෝගීයාගේ ශරීර බලය, වයස වැනි තත්ත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර නිවැරදි හා පැහැදිලි විනිශ්චයකින් පසුව මිස පංචකර්‍ම සදහා රෝගීන් යොමු කරන්නේ නැත.

...