නිමි ඖෂධ »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ගිතෙල්, තල තෙල්, එරඩු තෙල් ගුණ

චරක සංහිතාවේ සූත්‍රස්ථාන ‍දහතුන්වන අධ්‍යායය වන්නේ ස්නේහාද්ධ්‍යායය නම් අධ්‍යායයයි. එහි විශේෂයෙන් පහත තෛල වර්‍ග තුනෙහි ගුණ දක්වා ඇත. ගිතෙල් ගුණ වාත පිත්ත නාශකයි. රස ධාතුව, ශුක්‍ර ධාතුව ඕජස යන ඒවාට හිතයි. ගින්නෙන් පිළිස්සීමෙන් හට ගන්නා දැවිල්ල නසයි. ශරීරයේ මෘදු බව

මහා දලු අනුපානය

(චන්ද්‍ර කල්කය වටිකා ප්‍රකරණය) මෙය මුළුමනින්ම දේශිය වෛද්‍ය විද්‍යා ක්‍රමය තුළ අන්තර්ඝතවූ ඖෂධ යෝගයකි. දෙහිද දොඩම් නික බටු යකිනාරන්                                            

බුද්ධරාජ කල්කය

වෛද්‍යාචාර්ය ඩි.එම්. ජයසිංහ මහතාගේ ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි. ආයුර්‍රවේද ඖෂධ සංග්‍රහයේ ප්‍රථම පියවර පළමු වන කොටසින් උපුටා ගන්නා ලදි. යෝගය සාදිලිංගම් කලුදුරු සුදුදුරු රන්හිරියල් කරාබු වසාවාසි සාදික්කා ඉඟුරු ගල්මද ගල්නහර උලුහාල් සුවද කොට්ටං වැල්මී පෙරුංකායම් අබිං පුස්කර සිනක්කාරම් පල්මාණික්කං ගෞරිපාෂණම් මනෝසිල හිගුරුපියලි

දශමුලාරිෂ්ටය

යෝග ද්‍රව්‍ය පළමු කෂාය අස්වැන්න, සිවිය මුල්, පොල්පළා, ජටාමාංශ, එළබටු මුල්, රුක්මල්, කටුවැල්බටු මුල්, ඉරමුසු, නෙරෙංචි, කලුදුරු, බෙලි මුල්, තිරැස්සවාලු මුල්, තොටිල මුල්, වාල්මොළගු, ඇත්දෙමටමුල්, හීන් අරත්ත, පළොල් මුල්, තිප්පිලි, හීං මිදි මුල්, පෙතිපුවක් සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 300 බැගින්ද රත්නිටෝල්,

...

ආයුර්වේද භෛෂජ්‍යය/ ඖෂධවේදය එයටම අනන්‍ය වූ සංස්කාරිත ඖෂධයන්ගෙන් සමන්විතය. විවිධ වු නිශ්පාදන ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිශ්පාදනය වන මේවා විවිධ වර්ග වල පාන (Liquid), තෙල්(Oil), චූර්ණ වර්ග(Powder), ගුලි (Pills) සහ කල්ක(paste) වැනි ඒවායින් යුක්තය. සියළුම ඖෂධ වර්ග ක්ෂණිකව සාදාගත නොහැකි නිසාවෙන් සහ සමහර ඖෂධ වර්ග සොයාගැනීමට දුෂ්කර වන බැවින් සංස්කරණය කරණ ලද ඖෂධ වර්ග ලෙස භාවිතයට ගැනිමට ආයුර්වේදයේ උගන්වා ඇත. නරක් නොවන සේ විවිධ කල් තබා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දීර්ඝ කාලයක් සුරැකිව තබා ගැනීමටද ආයුර්වේදයේ ශිල්පීය ක්‍රම දක්වා ඇත. ශාරාංගධර සංහිතා, භාව ප්‍රකාශ වැනි මූලග්‍රන්ථ වල පවසා ඇති ආකාරයන්ටම මෙම ඕෂධ වර්ග නිශ්පාදනය කිරීමට ඖෂධ නිශ්පාදකයෝ බොහොවිට වග බලා ගනිති. බොහෝවිට ස්වාභාවික කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කරනා බැවින් ආයුර්වේද ඖෂධ වලන් ඇතිවිය හැකි උපද්‍රව අල්පය. ආයුර්වේදයේ නිර්දේශිත ඖෂධ වට්ටෝරු අනූව නිශ්පාදනය කෙරෙන ඖෂධයන් ගැන දැනුවත් වී සිටීම වැදගත් වන්නේ තමන් භාවිතා කරන ඔසුවේ අඩංගු දේ පිළිබදව දැනුවත් වීම ප්‍රයෝජනවත් වන බැවින් සහ ඖෂධය පිළිබදව විශ්වාසය තැබීමටද එය උපකාරයක් වන බැවිනි. චිකිත්සාවේ සාර්ථකත්වයට එම විශ්වාසය අත්‍යාවශ්‍යය.

...