ජ්‍යොතිෂය විද්‍යාව »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3
අළුත් අවුරුද්ද ජ්‍යොතිෂය සහ ආයුර්වේදය

“අළුත් අවුරුදු උදාව තුල ගැබ්වෙලා තියෙන්නේ විශ්ව ශක්තියයි. සූර්යයා ඇතුළුව සමස්ථ විශ්වය පුරාම පැතිරී තිබෙන අපරිමිත වූ ශක්තින්ගේ එකතුවයි. ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ කවුරුද පිළිගන්නේ කවුරුද ඒ සියල්ලන්ටද අළුත් අවුරුද්ද අයිතියි. ඒක එක් ජාතියකට හෝ වර්ගයකට අයත් විද්‍යාවක් නෙමෙයි. ස්වභාවධර්මයා සමග ඒකාත්මික වුණු ස්වාධින විද්‍යාවක් නැතිනම් ශාස්ත්‍රයක්. ඒකට ජාති භේදයක්වත් ආගම් භේදයක්වත් නැහැ.”
අළුත් අවුරුද්ද ජ්‍යොතිෂය සහ ආයුර්වේදය අතර ඇති සම්බන්ධය පිළිබදව කැළණිය විශ්වවිද්‍යාලීයීය වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සංස්කෘත භාෂාව, ජ්‍යොතිෂය සහ භූත විද්‍යාව පිළිබද කථිකාචාර්ය රාජකීය පණ්ඩිත, විද්‍යාණිධි, ශාස්ත්‍රපති ඒ.කේ.හර්ෂ ධර්මප්‍රිය මහතා සමග සිදුකල සාකච්ඡාවකදි මතුවු අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකසා ඇත.

1 2 3
...

විසිවැනි සියවසේ ඇරඹුමත් සමගම විවිධ වු දාර්ශනිකයින් සහ බුද්ධිමත්හු භෞතිකවාදය පරම සත්‍ය ලෙස ගනිද්දිත් මසැසැය නොපෙනෙන විවිධ වූ විද්‍යාවන් තවදුරටත් තම සමාජ භූමිකාව සුරැකිව තබා ගනිමින් සිටින්නේ කෙසේදැයි කිසිවෙකුටවත් පිළිතුරු නැත. අනන්තය තෙක් විහිදුනු විශ්වයේ කෙ‍ළවර සොයා ගැනීමට නොහැකිව ලතවන භෞතිකවාදය කරපින්නා ගත් නූතන පඩිවරුන්ට සූර්යයා ප්‍රමුඛ සෞරග්‍රහ මණ්ඩලයේත් එතැනින් එහාට විහිදුනු විවිධ තරු රටාවන්ගේත් චලනයන් මිනිසාට සහ පෘථිවියට බලපාන්නේය යන තර්කය අවඥාවට ලක් කිරීමට සදාචාරා‍ත්මක අයිතියක් ඇතියැයි අප විශ්වාස නොකරන්නෙමු. ‍ජ්‍යොතිෂය විද්‍යාව යනු කිසිවෙකුටත් අභියෝග කල නොහැනි සුවිශේෂි ගණිතමය විද්‍යාවකි. එහි දිග පළල මැනීම හෝ එහි විශ්මිතභාවය මැනීමට හැකි කිසිදු සංවේදී උපකරණයක් මිහිපිට කිසිවෙකු විසින් මෙතෙක් නිපදවා නැත. ආයුර්වේදය සේම යෝග දර්ශනය සේම ජ්‍යොතිෂය විද්‍යාවද පෙරදිගයන්ගේ විශිෂ්ඨතම බුද්ධි මහිමයේ තවත් අග්‍ර ඵලයකි. වාණිජකරණය වි ඇති සමාජයක නොවිකුණු කිසිවක් නොමැති හෙයින් ජ්‍යොතිෂය විද්‍යාවද එහි පාරිශුද්ධත්වයට තරම් නොවන අරමුණු වෙනුවෙන් විකිණෙනු දැකගත හැක. එහෙත් එය ජ්‍යොතිෂය විද්‍යාවේ අකලංකභාවයට ගැටළුවක් නොවන්නේ ජ්‍යොතිෂය විද්‍යාව යනු විශ්ව ශක්කිය පිළිබද ඉගැනිවීම වන බැවිනි.

...