ජ්‍යොතිෂය විද්‍යාව »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3
සූර්ය ග්‍රහණය නිසා විපත් කරදර වැඩි වේවිද?

2015.03.20 දින මෙම වසරේ සිදු වන ප්‍රථම සූර්ය ග්‍රහණය වාර්තා වන දිනයයි. එදින සවස 03.17ට පමණ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වන අතර ශ්‍රී ලංකාවාසීන්ට නම් එය දැක බලා ගැනීමට අවස්ථාව උදා වන්නේ නැත. සූර්ය ග්‍රහණයක් සිදු වන්නේ සූර්යයාත් පෘථුවියත් අතරට

කුජ සිකුරු යුද්ධයෙන් සුරතලිය පරදී.

කුජ සහ සිකුරු මේ වන විට ගමන් කරන්නේ මීන රාශියේය. සිකුරුගේ උච්ච බලය විහිදුවමින් මාලවී යෝගය උදා කර ඇත. කුජ සිකුරු දෙදෙනාම දැන් ගමන් කරන්නේ සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේ ය. මෙසේ ග්‍රහ යෝගයක් උදා කරමින් දෙදෙනාම සමාන ගමනක් යද්දී යහපතක්

මේ දිනවල උගතුන්ට හා දරුවන්ට අපලද ?

මේ දිනවල මාධ්‍ය මගින් නිතර අසන දකින පුවත් අතර ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ මල් කැකුළු වන් අහිංසක පුංචි දරුවන් නොසිතූ නොපැතූ ලෙස පීඩාවට, හිංසාවට හෝ මරණයට පත් වූ බව දැක්වෙන පුවත්වලටයි. අම්මා දරුවාට බත් කවා ගෙතුළට ගොස් නැවත පැමිණෙන විට

2014.11.24 සවස සිදුවන දුබල චතුර්ග්‍රහ යෝගයක්.

2014. 11. 24 යැයි පැවසූ ගමන් ඔබට සිහි වන්නේ 2015 වර්ෂයේ අය වැය ඉදිරිපත් කරන දිනය බවය. මෙදින ජ්‍යොතිෂමය වැදගත්කමක් ද සපිරී ඇති බව දිටිමි. එබැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සිතීමි. ඉතාම කලාතුරකින් හමුවන ග්‍රහ පිහිටීමක් මෙදින සවස 01.59ට සිදුවන

අර්ථ ත්‍රිකෝණය

ජ්‍යොතිෂ විද්‍යාවේ දැක්වෙන සිව්වැදරුම් ත්‍රිකෝණ අතරින් ධර්ම ත්‍රිකෝණය පිළිබඳව පෙර ලිපියකින් අපි සාකච්ඡා කළෙමු. අද එහි තවත් පියවරක් ඉදිරියට යමින් අර්ථ ත්‍රිකෝණය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලබයි. කේන්ද්‍රයක 02 – 06 – 10 යන රාශීන් මුල් කරගෙන මෙම අර්ථ ත්‍රිකෝණය නිර්මාණය වෙයි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් ධනස්ථානය – ශතෘ ස්ථානය හා කර්ම ස්ථානය එක් වීමකි. බ්‍රාහ්මණ යුගයේ දී මිනිසාගේ ප්‍රධාන අපේක්ෂාවන් ලෙස වේද ග්‍රන්ථවල සඳහන් වූයේ ධර්ම – අර්ථ – කාම – මෝක්ෂ යනාදිය යි. මෙහි අර්ථ යනුවෙන් සඳහන් වන්නේ ආර්ථිකය යන්නයි. ආර්ථික ශක්තිය ඇති ප්‍රඥාසම්පන්න බුද්ධිමත් පුද්ගලයාට මිහිපිට ඇති සුරපුරයක දිවි ගෙවන අයුරින් සැප සහසුකම් ඇතිව වාසය කළ හැකිය.

දුර්ලභ ගණයේ ශනි සිකුරු යෝගයක් උදා වූ වගයි. මිථුන – කන්‍යා – ධනු – මීන ලග්න හිමියන්ගේ වාසනාව ගෙදරට ම…  

2014. 11. 12 උදේ 07.04ට සිකුරු වෘශ්චික රාශියට පිය මැන්නේ බ්‍රහස්පතීට අයත් විසා නැකතේ 04 වැනි පාදයෙන් ය. පසුගිය 02 වැනිදා සෙනසුරා  වෘශ්චික රාශියට පිවිසියේ ද බ්‍රහස්පතීගේ විසා නැකතේ 04 වැනි පාදයෙනි.මෙම බ්‍රහස්පතී හෙවත් ගුරු ග්‍රහයා මේ වන විට කටක

වසර 30කට පසු අඟහරුගේ නිවසට යන මහලු සෙනසුරු.

සෙනසුරු මහලු ග්‍රහයෙකැයි කී විට ඔබට යමක් සිතා ගත හැකිය. ඒ මෙසේය. මහලු නිසා ශරීරයේ පැහැපත් බව අඩු වී ඇත. ඉතා සෙමින් ක්‍රියා කරයි. ඒ නිසා ම එකම දෙයක් කරන්නට වැඩි කාලයක් ගත කරයි. එකම දෙයක් ගැන දෙතුන් වරක් කල්පනාකර ඉවසීමෙන් තීන්දු තීරණ ගනියි. වාතාධික බව නිසාම හන්දි වේදනා, ඇඟපතේ අමාරුකම් බහුලය. එ බැවින් තෙල් බෙහෙත් වර්ගවලට වැඩි ලෙන්ගතුකමක් දක්වයි. පැරණි ඇඳුම් සැහැල්ලු බව කියමින් ඒවා අඳින්නට කැමතිය.

ධර්ම ත්‍රිකෝණය

කේන්ද්‍ර සටහනක දක්නට ලැබෙන බෙදීම් අතර ත්‍රිකෝණයට ද විශේෂ ස්ථානයක් හිමි වේ. එවැනි ත්‍රිකෝණ හතරකි. එනම් ධර්ම ත්‍රිකෝණය, අර්ථ ත්‍රිකෝණය, කාම ත්‍රිකෝණය, මෝක්ෂ ත්‍රිකෝණය වශයෙනි. මෙහි දී ධර්ම ත්‍රිකෝණයට ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ එයට ලග්නය හා ලක්ෂ්මී ස්ථාන දෙක වූ 05 වැන්න හා 09 වැන්න සම්බන්ධ නිසාය.

1 2 3
...

විසිවැනි සියවසේ ඇරඹුමත් සමගම විවිධ වු දාර්ශනිකයින් සහ බුද්ධිමත්හු භෞතිකවාදය පරම සත්‍ය ලෙස ගනිද්දිත් මසැසැය නොපෙනෙන විවිධ වූ විද්‍යාවන් තවදුරටත් තම සමාජ භූමිකාව සුරැකිව තබා ගනිමින් සිටින්නේ කෙසේදැයි කිසිවෙකුටවත් පිළිතුරු නැත. අනන්තය තෙක් විහිදුනු විශ්වයේ කෙ‍ළවර සොයා ගැනීමට නොහැකිව ලතවන භෞතිකවාදය කරපින්නා ගත් නූතන පඩිවරුන්ට සූර්යයා ප්‍රමුඛ සෞරග්‍රහ මණ්ඩලයේත් එතැනින් එහාට විහිදුනු විවිධ තරු රටාවන්ගේත් චලනයන් මිනිසාට සහ පෘථිවියට බලපාන්නේය යන තර්කය අවඥාවට ලක් කිරීමට සදාචාරා‍ත්මක අයිතියක් ඇතියැයි අප විශ්වාස නොකරන්නෙමු. ‍ජ්‍යොතිෂය විද්‍යාව යනු කිසිවෙකුටත් අභියෝග කල නොහැනි සුවිශේෂි ගණිතමය විද්‍යාවකි. එහි දිග පළල මැනීම හෝ එහි විශ්මිතභාවය මැනීමට හැකි කිසිදු සංවේදී උපකරණයක් මිහිපිට කිසිවෙකු විසින් මෙතෙක් නිපදවා නැත. ආයුර්වේදය සේම යෝග දර්ශනය සේම ජ්‍යොතිෂය විද්‍යාවද පෙරදිගයන්ගේ විශිෂ්ඨතම බුද්ධි මහිමයේ තවත් අග්‍ර ඵලයකි. වාණිජකරණය වි ඇති සමාජයක නොවිකුණු කිසිවක් නොමැති හෙයින් ජ්‍යොතිෂය විද්‍යාවද එහි පාරිශුද්ධත්වයට තරම් නොවන අරමුණු වෙනුවෙන් විකිණෙනු දැකගත හැක. එහෙත් එය ජ්‍යොතිෂය විද්‍යාවේ අකලංකභාවයට ගැටළුවක් නොවන්නේ ජ්‍යොතිෂය විද්‍යාව යනු විශ්ව ශක්කිය පිළිබද ඉගැනිවීම වන බැවිනි.

...