උද්භිද ඖෂධ »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2
You should know about “papaya”

Papaya grows as small, bushy trees 4 to 8 m in average height with a hollow trunk, large palmate leaves and oblong smooth-skinned fruits (melons). The melons are usually picked in a mature green state and allowed to ripen. When

වැල්මී ගසක්ද? නැතිනම් වැලක්ද?

ආයුර්වේදය, පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමය වැනිවු  පෙරදිග වෛද්‍ය ශිල්ප තුල සම්භාවනාවට පාත්‍ර වූ සුවිශේෂි ඖෂධයක් ලෙස පිළිගැනෙන වැල්මි නම්වූ ශාකය පිළිබදව අපරදිගයන්ගේ දැනුම, අවබෝධයක් ඉහල හෝ පහල වුවද සාපේක්ෂව  එම ඖෂධ ශාකය වඩාත් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා පෙරදිගය රටක් වශයෙන් අප

පිපාසය සන්සිදුවා ගැනීමට පමණක් තේ බොන්න එපා!

නිවසට පැමිණෙන අමුත්තන්ට පිළිගැන්වීම සදහාත් එදිනෙදා ජිවිතයේදී තමන්ගේ පිපාසය සන්සිදුවා ගැනීම සදහාත් කය වෙහෙසවා වැඩ කල අයට ක්ෂණික උත්තේජයක් ලබා ගැනීම සදහාත් අනාදිමත් කාලයක සිට මෙරට විසුවන් භාවිතයට දැන පුරුදුව සිටියේ බෙලි මල්, රණවරා මල්, ඉරමුසු, ඉඟුරු කොත්තමල්ලි වැනි ද්‍රව්‍යයන්

නෙල්ලි ඇත්තටම ඇඹුල්ද?

ආමලකී, ධාත්‍රී, අම්ල, බහුපාලී, පංචරසා වැනි සුප්‍රසිද්ධ සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හදුන්වනු ලබන Phyllanthus emblica L යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන නෙල්ලි ආයුර්වේදය තුල සුවිශේෂි සළකුණක් සටහන් කල ඖෂධීය ශාකයකි. ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන්නේ Emblic Myrobalan යන නාමයෙනි. නෙල්ලි යන නාමයට අමතරව

බෙලි මෙතරම් වටින්නේ ඇයි?

හින්දු ආගමික හා දේව විශ්වාස හා බැදුනු ප්‍රධාන වෘක්ෂයක් වන්නේ බෙලි වෘක්ෂයයි. බෙලි වෘක්ෂය සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම ආගමික විශ්වාසය වන්නේ බ්‍රහ්ම, විශ්ණු සහ ඊශ්වරය  (හින්දු ආගමේ එන ත්‍රිමුර්තිය) යන දෙවිවරු මෙම වෘක්ෂයට අරක්ගෙන ඇතය යන්නයි. එය සංඛේතවත් වන්නේ බෙලි පත්‍රයේ

ආඩතෝඩා (වෛද්‍ය මාතා)

ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකය කුමක්දැයි රටේ විවිධ ප්‍රදේශ වලින් ‍අහඹු ලෙස තෝරා ගත් වැඩිහිටියන් කිහිපදෙනෙකුගෙන්  විමසුවහොත් ඔවුන් අනිවාර්යයෙන්ම පිළිතුරු ලෙස පවසනු

දුර්ලභ රත් හදුන්

රක්ත චන්දන යන සංස්කෘත නාමයෙන් හදුන්වයි.ඉතාම දුර්ලභ එසේම ඖෂධීය ගුණයෙන් අනූන වෘක්ෂයකි. කාෂ්ඨිය කදක් සහිත ශාඛයකි.කාෂ්ඨිය කද රත් පැහැයෙන් යුක්තය.උද්භිද විද්‍යාත්මක නාමය Pterocarpus santialinus Linn වේ.රනිල(ශිම්බි) කුලයේ ශාඛයකි.පර්යාය නාමයන් ලෙස ලොහිත, හරිචන්දන, රක්තසාර, ක්ෂුද්‍ර චන්දන, ශෝෂිත, භීම, තාම්‍රසාරක, අර්‍රක චන්දන,

1 2
...

පරිසරයේ ඇති එකකට එකක් වෙනස් වූ දස දහස් ගණනක් ශාක විශේෂ අතරින් කුමන ආකාරයක හෝ ඖෂධිය ගුණයක් නොමැති ශාක විශේෂයක් සොයා ගැනීම දුෂ්කර බව ඔබ දන්නවාද?
වර්තමාන පරම්පරාවේ බො‍හොමයක් දෙනා එය එලෙසින්ම නොපිළිගත්තද පෙර පරම්පරාවල අපගේ මුතුන්මිත්තන් සෑම ශාකයකම පාහේ ඇති කිනම් හෝ ඖෂධීය ගුණයක් දැන සිටියහ. පරිසරයත් සමග සමීපව ජීවත් වූ ඔවුන් එහි වටිනාකම, අගය දැන සිටියහ. අද සිදුව ඇත්තේ පරිසරයත් සමග සමීප නොවූ කාර්මිකරණය වූ සමාජයක ජීවත් වන්නවුන්ට එම දැනුම සම්ප්‍රේෂණය නොවීමයි. ඔවුන් ඒවා නොදන්නා බැවින් ශාකයන් සතුව අසීමිත ඖෂධීය ගුණ ඇතිබව විශ්වාස කිරීමට නොපෙළඹේ. නිවසේදී හෝ මග තොටේදී සිදුවන හදිසි අනතුරකදී තුවාල වීමක්, තැලීමක් හෝ අස්ථි බිදීයාමකදී පමණක් නොව විෂ ශරීර ගතවීමකදී හෝ සාමාන්‍ය ශරීර අපහසුතාවයකදී භාවිතයට ගැනීමට සුදුසු උද්භිද ඖෂධ පෙර හෙළයා අත්දැකීමෙන් දැන සිටියහ. වෛද්‍යවරයෙකු කරා ගියේද නැතුවම බැරි වූ මොහොතකදීය. වෛද්‍යවරා පවා ඖෂධ සොයා ගත්තේ තම ගෙවත්තේනි. නැතිහොත් අසල කැලෑ රෝදෙනි. එවන් සරල හා පරිසරය සමග අන්යෝන්‍ය බැදීමෙන් පෝෂණය වූ විශිෂ්ට ශිෂ්ඨාචාරයක වත්මන් පුරුක තම පරම්පරාවේ නොදැනීම හෝ නොහැකියාව වසා ගැනීමට උද්භිද සතු ඕෂධීය ගුණයන් පිළිබද සත්‍යය නොපිළිගැනීම හැදින්විය හැක්කේ කවරක් ලෙසද?
අතුරු ආබාධ සහ පශ්චාත් සංකූලතා ඇතිබව දැන දැනම වර්තමාන සමාජය රසායනික සංයෝග ඖෂධ ලෙස ගැනීම ප්‍රඥාවන්ත කමද? රසායනික ඖෂධ නිශ්පාදනය කරන්නා සේම ලොව පුරා බෙදා හරින්නාවූ රටවල් පවා දැන් දැන් එම ඖෂධ තමන්ගේ රටවල් තුල භාවිතයට ගැනිම අඩුකරමින් සිටින බව මේ නූතන බුද්ධිමතුන් දන්නේ දැයි අප නොදන්නෙමු. අවම වශයෙන් ඖෂධ ශාක වර්ග දහයකවත් හදුනාගැනීමට නොදන්නා තරුණ තරුණියන් බහුල වීම වර්තමානයේ රටක් වශයෙන් අප මුහුන දී සිටින ඛේදවාචකයේ ගැඹුර මොනවාට පැහැදිලි කරයි. එහෙත් අදුරට සාප කරමින් සිටිමට වඩා එක් පහනක් හෝ දැල්වීම මේ මොහොතේ දැනුවත් අපගේ සමාජ වගකීමයි. උද්භිද, පාර්ථිව සහ ජාන්තව යන ස්වභාවධර්මයේ විශිෂ්ඨතම නිර්මාණ ගොනුවේ නිර්මාණයන් සහ ඒවායේ ඖෂධීය ගුණ ඔබට හදුන්වා දීමට අප උත්සහ කරන්නේ එහෙයිනි.

...