අෂ්ඨාංග ආයුර්වේදය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4 6
ආමවාතය වාතයක් වීමට පෙර………..

විවිධ බාහිර හේතුන් නිසා ආහාර ජීර්ණයට අවශ්‍ය ස්‍රාවයන් නිකුත් කරනා ඉන්ද්‍රියන් දුර්වල වි එහි ප්‍රතිඵලයක් ලෙස අග්නිමාන්දය ඇතිවිමත් අග්නිමාන්දයේ ප්‍රතිඵල යක් ලෙස සිරුරේ ආම තත්ත්වය ඇතිවුවද ආමය නිසාම අග්නිය තවදුරටත් දුබල වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආහාරය පැසවීමද මද වශයෙන් සිදුවේ. බාහිර හේතුවකින් සිරුරේ ආම තත්ත්වයක් ඇතිවුවද එය නිවැරදිව සකස් නොකර ගන්නා තෙක් ආමය විසින් නැවතත් ආමය වර්ධනය විමට අවශ්‍ය ශරීර තත්ත්වයන් නිර්මාණය කරයි. මෙය ආමය විසින් ආමය ඇතිවිමේ පරිසරය ඇතිකරන මෙම ක්‍රියාවලිය චක්‍රිය ක්‍රියාදාමයකි. අවසාන ප්‍රතිඵලය වන්නේ සිරුරේ ආමතාව තවදුරටත් වැඩිවිමයි .

රෝග සුව කරන ජීවි ශල්‍ය උපකරණය(Bio Surgical Instrument)

ජීවි ශල්‍ය උපකරණයක් ලෙස භාවිතා කරන බෙහෙත් කුඩැල්ලන් ප්‍රතිකාර සඳහා භාවිතා කිරිමේදී වෛද්‍යවරයා සතුව ඉතා බරපතල වගකීමක් පැටවෙන්නේ නිරායාසයෙනි. අනෙතුක් ඖෂධ සහ උපකරණ මෙන් නොව මෙහිදි භාවිතා කරන්නේ ජීවි සත්ත්වයෙකි. පණ ඇති වස්තුවකි. එම සත්ත්වයා අප අපගේ කාර්යය ඉටු කරවා ගැනීම සඳහා යොදා ගැනිමේදි ඇතිවිය හැකි සියලුම අවධානම් සහගත අවස්ථා සඳහා වෛද්‍යවරයා සුදානම්ව සිටිය යුතුය.

ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර

කංසා ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වේ. ප්‍රඥාව දියුණුවේ. ධාරණ ශක්තිය ලැබේ. නිර්මාණ කුසලතා වැඩි දියුණු වේ. මේ සියල්ල කංසා ඖෂධයේ ඇති ගුණ වේ. මේ සියල්ල සිදුවන්නේ නම් ඔහුට හෝ ඇයට තුන්ලොව ජය ගැනීම අපහසු නොවන්නේය. කංසා සඳහා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර යන පර්යාය නාමය බැදී ඇත්තේද එබැවිනි.

Ayurveda and Diabetes mellitus

According to WHO Statics DM (Diabetes Mellitus) is one of the leading Noncommunicable diseases (NCDs) in the world today. There are millions of peoples dyeing annually from DM. DM has very old records. In Ayurveda it has unique classification and methodology for describe to DM. “madumeha” is the term used in ayurvedic medicine to describe diabetes mellitus.

තාක්ෂණික උපකරණ නොමැතිව ආයුර්වේදිය ප්‍රතිකාර කල නොහැකිද…..ශාලාක්‍ය විෂය ආයුර්වේදයේ වැදගත්ම කොටසකි.(අවසන් කොටස)

විශේෂයෙන් කොළඹින් ඇතට යන්න යන්න ජනතාවට වැඩිම සේවයක් සපයන්නේ ආයුර්වේද රොහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා බව සත්‍යකි. එම රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වල තතත්වයන් දියුණු කර තව තවත් රෝහල් සහ බොහෙත් ශාලා ඇති කල හැකි නම් එය ජාතික ආර්ථිකයටත් ප්‍රජාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් ඉතාම වටිනා ආයෝජනයක් වන බව නොඅනුමානය. රටට අවශ්‍ය තරම් පුහුණු ආයුර්වේද වෛද්‍ය සම්පත පවති .අවශ්‍ය කරන්නේ යටිතල පහසුකම් සහ භෞතික සම්පත් ඇතිකිරීම පමණි. බටහිර ඖෂධ ගෙන්වීමට යන වියදම හා සැලකීමේදී ඉතාම අඩු ප්‍රතිශතයක් පමණක් ආයුර්වේද ඖෂධ සඳහා වි‍යවෙන්නේ. කිසිදු අංශයක් වෙත ඉතා සුළු ප්‍රතිපාදන පුමාණයක් වෙන් කර ඉතා ඉහල සේවාවක් බලාපොරෝත්තු විය නොහැකි සේම එසේ බලාපොරොත්තු විමත් අසාධාරණයි.
ඕනෑම අංශයක පරිපාළන කටයුතු සඳහා පත්විය යුත්තේ අදාල විෂය ගැන දැණුමැති එම විෂයේම නියුතු අයවළුන්ය. එය ආයුර්වේදයටත් පොදුය. නමුත් ආයුර්වේද ක්ෂේත්‍රයේ තිබෙන බහුතර පරිපාළන තනතුර වලට පත්වී සිටින්නේ සිවිල් සේවයේ නිළධාරින් වේ. එම තනතුරු වලට පත්විය යුත්තේ ආයුර්වේද වෛද්‍යවරුන්මයි.

Carpal Tunnel Syndrome ශල්‍ය ප්‍රතිකාරයට විකල්පයක් තිබේද?

“මැණික් කටු උමගේ සහලක්ෂණය” නම් රෝගයක් ගැන ඔබ දැනුවත්ද? නැතිනම් “විශ්වාචී/විශ්වාහි” වැනි නමකින් හඳුන්වන රෝගයක් ගැන දැනුවත්ද? එසේත් නැතිනම් Carpal Tunnel Syndrome යන ඉංග්‍රීසි නමකින් හඳුන්වන රෝග අවස්ථාවක් ගැන ‍දැනුවත්ද?බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තුල CTS නම් කෙටි නාමයෙන් හඳුනාගන්නා මෙම රෝගය බටහිර වෛද්‍ය ප්‍රතිකාර අංශයට මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර අංශයටද ඉතාම සුවිශේෂි රෝග අවස්ථාවක් බව කිව හැක. මෙම රෝගය සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාර පිළිබඳව සමාජයේ ඇති ප්‍රතිවිරුද්ධ ආකල්ප නිසාවෙන් එවැනි සුවිශේෂි බවක් නිතැතින්ම මෙම රෝගය සඳහා ලැබී ඇත්තේ යැයි කිව හැක.

ශාලාක්‍ය විෂය ආයුර්වේදයේ වැදගත්ම කොටසකි.(පළමු කොටස)

ආයුර්වේදයේ ශල්‍ය කොටස ධන්වන්තරී සෘෂී පැවසු ආකාරයටත් ශාලාක්‍ය කොටස් වේදේහ රටේ රජු වු ජනක රාජශ්‍රී පැවසූ ආකාරයටත් ගොඩ නැගී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මේ සමගම ආයුර්වේද ශල්‍ය අංශයේ ආදිකතෘවරයා සුශ්‍රැත ආචාර්යවරයා බවට පත්වන විට ශාලාක්‍ය අංශයේ අදිකතෘවරයා බවට නිමි (ජනක රාජශ්‍රී) ආචාර්යවරයා පත්වීමයි. ශාලාක්‍ය කියන වචනයට තනි ඉංග්‍රිසි වචනයක් හෝ විෂයයක් පිළිබඳව තොරතුරක් වත්මන් ඉංග්‍රිසි ශබ්දකෝෂයන්හි සඳහන් නොවේ. ශාලාක්‍ය යන වචනය තරමක් ව්‍යාප්ත වු අදහසක් තියෙන වචනයක් බව තේරුම් ගත යුතුය.

සඟවා දැමිය නොහැකි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව (දෙවන කොටස)

මෑතකදී ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් තුලින් අනාවරණය වි ඇත්තේ අප‍ගේ කළාපයේ රටවල බහුතරයකම ජනතාව තවමත් වැඩි විශ්වාසයක් තබා ගෙන ඇත්තේ තමන්ගේ දේශිය වෛද්‍ය ක්‍රම වෙත බවයි. එම ජනතා කොටස් වල විශ්වාසය තහවුරු වන පරිදි ප්‍රතිකාර සිදු කිරීම එම වෛද්‍ය ක්ෂේත්‍රයන්ගේ නියැලී සිටින වෛද්‍ය වෘත්තිකයන්ගේ වගකීමකි. රෝගීන්ගේ විශ්වාසය බිදී යන්නේ නම් එයට හේතුව ‍දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වරදක් නොව එම වෛද්‍ය ක්‍රමය හසුරුවන වෛද්‍යවරුන්ගේ වරදක්ය.

1 2 3 4 6
...

අෂ්ටාංගයෙකින් සමන්විත වූ ආයුර්වේදය වනාහි අථර්ව වේදයට අයත් උපාංගයෙකි. එය භගවත් වූ මහාබ්‍රහ්ම තෙම ප්‍රජාව මැවීමට පළමුව ශ්ලෝක ලක්ෂයකින් හා අද්ධ්‍යාය දහසෙකින් හා යුක්ත කොට ප්‍රකාශ කළේය. අනතුරුව මිනිසුන්ගේ අල්පායුෂකත්වය හා අල්ප මේධාව (බුද්ධිය) හා අවලෝකනය කොට, කොටස් අටෙකට බෙදා ප්‍රණයනය කෙළේය; ඒ මෙසේයි:-
ශල්‍යය, ශාලාක්‍යය, කාය චිකිත්සා, භූත විද්‍යා, කෞමාරභෘත්‍ය , අගදතන්ත්‍ර , රසායන තන්ත්‍ර, වාජීකරණ තන්ත්‍ර යන විසිනි.
-සුශ්‍රැත/ සූත්‍ර/ වේදෝත්පත්ති අද්ධ්‍යායය/5-6

...