අෂ්ඨාංග ආයුර්වේදය » ශල්‍ය තන්‍ත්‍රය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
අග්නි කර්‍ම/දහන චිකිත්සාව, ආයුර්වේදයේ සුවිශේෂී ප්‍රතිකාරයකි

ශල්‍ය ප්‍රතිකාර අංශය ශස්ත්‍රකර්‍ම, ක්ෂාරකර්‍ම සහ අග්නිකර්‍ම යන ප්‍රතිකාර ත්‍රිත්වයකින් සන්නද්ධ කලේ ආයුර්වේදඥ සුශ්‍රැත ආචාර්යවරයා විසිනි.සුශ්‍රැත ආචාර්යවරයා විසින් අග්නි ප්‍රතිකාරය සඳහා භාවිතා කල යුතු උපකරණද සුශ්‍රැත සංහිතාවේ හදුන්වා දී ඇත. දහනෝපකරණ යන නමින් හඳුන්වා දි ඇති මේවා ශරීරයේ විවිධ ස්ථාන සහ ශරීරයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු වන පරිදි සැකසු උපකරණයෝය.

රෝග සුව කරන ජීවි ශල්‍ය උපකරණය(Bio Surgical Instrument)

ජීවි ශල්‍ය උපකරණයක් ලෙස භාවිතා කරන බෙහෙත් කුඩැල්ලන් ප්‍රතිකාර සඳහා භාවිතා කිරිමේදී වෛද්‍යවරයා සතුව ඉතා බරපතල වගකීමක් පැටවෙන්නේ නිරායාසයෙනි. අනෙතුක් ඖෂධ සහ උපකරණ මෙන් නොව මෙහිදි භාවිතා කරන්නේ ජීවි සත්ත්වයෙකි. පණ ඇති වස්තුවකි. එම සත්ත්වයා අප අපගේ කාර්යය ඉටු කරවා ගැනීම සඳහා යොදා ගැනිමේදි ඇතිවිය හැකි සියලුම අවධානම් සහගත අවස්ථා සඳහා වෛද්‍යවරයා සුදානම්ව සිටිය යුතුය.

තාක්ෂණික උපකරණ නොමැතිව ආයුර්වේදිය ප්‍රතිකාර කල නොහැකිද…..ශාලාක්‍ය විෂය ආයුර්වේදයේ වැදගත්ම කොටසකි.(අවසන් කොටස)

විශේෂයෙන් කොළඹින් ඇතට යන්න යන්න ජනතාවට වැඩිම සේවයක් සපයන්නේ ආයුර්වේද රොහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා බව සත්‍යකි. එම රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වල තතත්වයන් දියුණු කර තව තවත් රෝහල් සහ බොහෙත් ශාලා ඇති කල හැකි නම් එය ජාතික ආර්ථිකයටත් ප්‍රජාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් ඉතාම වටිනා ආයෝජනයක් වන බව නොඅනුමානය. රටට අවශ්‍ය තරම් පුහුණු ආයුර්වේද වෛද්‍ය සම්පත පවති .අවශ්‍ය කරන්නේ යටිතල පහසුකම් සහ භෞතික සම්පත් ඇතිකිරීම පමණි. බටහිර ඖෂධ ගෙන්වීමට යන වියදම හා සැලකීමේදී ඉතාම අඩු ප්‍රතිශතයක් පමණක් ආයුර්වේද ඖෂධ සඳහා වි‍යවෙන්නේ. කිසිදු අංශයක් වෙත ඉතා සුළු ප්‍රතිපාදන පුමාණයක් වෙන් කර ඉතා ඉහල සේවාවක් බලාපොරෝත්තු විය නොහැකි සේම එසේ බලාපොරොත්තු විමත් අසාධාරණයි.
ඕනෑම අංශයක පරිපාළන කටයුතු සඳහා පත්විය යුත්තේ අදාල විෂය ගැන දැණුමැති එම විෂයේම නියුතු අයවළුන්ය. එය ආයුර්වේදයටත් පොදුය. නමුත් ආයුර්වේද ක්ෂේත්‍රයේ තිබෙන බහුතර පරිපාළන තනතුර වලට පත්වී සිටින්නේ සිවිල් සේවයේ නිළධාරින් වේ. එම තනතුරු වලට පත්විය යුත්තේ ආයුර්වේද වෛද්‍යවරුන්මයි.

සඟවා දැමිය නොහැකි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව (දෙවන කොටස)

මෑතකදී ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් තුලින් අනාවරණය වි ඇත්තේ අප‍ගේ කළාපයේ රටවල බහුතරයකම ජනතාව තවමත් වැඩි විශ්වාසයක් තබා ගෙන ඇත්තේ තමන්ගේ දේශිය වෛද්‍ය ක්‍රම වෙත බවයි. එම ජනතා කොටස් වල විශ්වාසය තහවුරු වන පරිදි ප්‍රතිකාර සිදු කිරීම එම වෛද්‍ය ක්ෂේත්‍රයන්ගේ නියැලී සිටින වෛද්‍ය වෘත්තිකයන්ගේ වගකීමකි. රෝගීන්ගේ විශ්වාසය බිදී යන්නේ නම් එයට හේතුව ‍දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වරදක් නොව එම වෛද්‍ය ක්‍රමය හසුරුවන වෛද්‍යවරුන්ගේ වරදක්ය.

සඟවා දැමිය නොහැකි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව (පළමු කොටස)

“ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල වෛද්‍ය ක්‍රමයකට තිබිය යුතු බොහෝ දේ අන්තර් ගත වන අතර ආයුර්වේද වෘත්තිකයන්ගේ වගකීම වන්නේ එය නිවැරදිව අවබෝධ කරගෙන ප්‍රයෝජනයට ගැනීමයි”- ආයුර්වේද විශේෂඥ ‍ශල්‍ය වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක

Successful Non-Operative Ayurvedic Para surgical Treatment for Ano rectal fistula.

The kshara sutra(medicated thread) treatment used in the field of Ayurveda surgery involves ligating the entire fistulous tract with a caustic ligature without performing an excisional therapy. This ligature is prepared by repeatedly smearing a size 20 surgical thread with certain medicinal plants caustics as described in the Ayurvedic literature. The insertion of the thread into the fistulous tract can be achieved without much difficulty with the help of specially designed instruments. The thread is changed at weekly interval and each time the length of the thread removed from the tract is measured and plotted on graph this gives an idea of the gradual progression of cutting and healing of the fistula.

දුෂ්ට ව්‍රණ හෙවත් කල් ගතවූ තුවාල සඳහා ආයුර්වේද ප්‍රතිකාර

අද සමාජයේ බහුලව පවතින සුවනොවන තුවාල වන්නේ දියවැඩියාව නිසා ඇතිවන තුවාල, නහර ගැට ගැසීම නිසා ඇතිවන තුවාල වැනි ඒවාය. රුධිරවාහිනී සිහින්වීම නිසා නිසි රුධිර සැපයුමක් තුවාලය ඇති ස්ථානයට නොලැබීම වැනි හේතු නිසා තුවාල සුව නොවේ. බොහෝ විට මෙවැනි රෝගීන්ගේ බටහිර ප්‍රතිකාර කිරීමේදී පාද ඉවත් කරණ අවස්ථා බහුලව දැකිය හැකි වේ. නමුත් ආයුර්වේදීය ශල්‍ය ප්‍රතිකාර මගින් මෙවැනි රෝගීන් රාශියක් සුවපත් කර තිබේ.

මහාන්ත්‍රික ප්‍රදාහය/Ulcerative colitis

මහාන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන කාලීන ප්‍රදාහාත්මක තත්ත්වයක් ලෙස මෙම රෝගය හැඳින්විය හැකිය. මහාන්ත්‍රය යනු ආහාර මාර්ගයේ අවසාන කොටස වන අතර අපද්‍රව්‍ය රැස්වී පවතින්නේ මෙහිය. මෙම රෝග තත්ත්වයේදී මහාන්ත්‍රයේ ඇතුලත ආස්තරණයේ ප්‍රදාහාත්මක තත්ත්වයක් දැක ගත හැකි අතර ඒ ආශ්‍රිතව තුවාලද පවතී. මෙහිදී

1 2
...

ලොව පහළවූ පළමු ශල්‍ය වෛද්‍යවරයා සුශ්‍රැත ආචාර්යවරයාය යන්න පෙරාපර දෙදිග සෑම බුද්ධිමතෙතුම අවිවාදයෙන් යුතුව පිළිගන්නා පොදු විශ්වාසයකි. සුශ්‍රැත ආචාර්යවරයා ශල්‍ය ප්‍රතිකාරයේ විශිෂ්ඨයෙකු වන අතරම එතුමන් විසින් රචිත සංහිතා ග්‍රන්ථයද එම විශිෂ්ඨත්වය උරුම කරගෙන ඇත්තේය.
නානාවිධ වූ තෘණ, ලී කැබලි, ගල්කැට, පස්, යකඩ කැබලි, කැට කැබිලිති, ඇටකටු, කෙස්, නිය, සැරවා, ලේ, ගැබ තුල වන මළ දරු හෝ මූඪ ගර්භ යනාදී ආකාර ඇති ශල්‍ය වර්ග උදුරා(උපුටා) දැමීම සදහාද යන්ත්‍ර,ශස්ත්‍ර, ක්ෂාර, අග්නි යන මේවායේ ප්‍රයෝගය සහ ව්‍රණ විනිශ්චය සදහාද ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන තන්ත්‍රය ශල්‍ය තන්ත්‍රය ලෙස සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇත.

...