අසුවක් වු වාත රෝගයන් අතරින් ගෘධ්‍රැසි නම් වු රෝග අවස්ථාව වර්ථමානයේ ඉතා බහුලව සමාජය තුල දැක ගත හැකි රෝගාවස්ථාවක් ලෙස දැක්විය හැක. බටහිර වෛද්‍යවරුන් විසින් ‘සයටිකා/සයටික් නියුරයිටිස්’ (Sciatica/Sciatic neuritis) යන නාමයන්ගෙන් හදුන්වා දෙන්නේද මෙම රෝග තත්වයයි. ගෘධ්‍රැසි යන නාමය මෙම …
“ කාය චිකිත්සා නාම සර්වාංග සංශ්රීතානාං ව්යාධිනාං ජ්වරාතීසාර රක්ත පිත්ත ශොෂොන්මාද අපස්මාර කුෂ්ඨ මේහාදීනා මුපශමනාර්ථිම්”
යනුවෙන් සුශ්‍රැත සංහිතාවේ කාය චිකිත්සාව හදුන්වා දී ඇත. උණ, අතීසාර, රත්පිත්, ශෝෂ, උන්මාද, අපස්මාර, කුෂ්ඨ, ප්‍රමේහ ආදී වු සර්වාංගගත රෝග විනිර්ණය කිරීම හා සුවකිරීම පිළිබද ඉගැන්වීම කාය චිකිත්සාව යැයි ඉහත ශ්ලෝකයේ තේරුමෙන් දැක්විය හැක. සුශ්රැතාචාර්යවරයා ශ්‍රේෂඨ ආයුර්වේද ශල්‍ය චිකිත්සාව පදනම් කර ගත්තා සේ ආත්‍රේය සම්ප්රදාය ගුරු කොට ගත් චරකාචාර්යවරයා කාය චිකිත්සාව පදනම් කර ගත්තේය. එබැවින් කාය චිකිත්සාව පිළිබදව සාකච්ඡාවේදී නිතැතින්ම චරක මතය හා ඉගැන්වීම සොයා බැලීමට සිදුවේ. ඒ අනූව සර්වාංග රෝගයන්ගේ සාධ්‍යය අසාධ්යඅ බව අනූව මහා රෝග සහ සූක්ෂම රෝග යනුවෙන් වර්ගකර දක්වා ඇති රෝගයන් පිළිබදව අවධානය යොමුකල යුතුව ඇත. එසේම වර්තමානයේ දැකගත හැකි විවිධ රෝග තත්ත්වයන් පිළිබදවද ආයුර්වේදානුකූල පැහැදිළිකිරීම්ද කාලීන අවශ්‍යතාවයක්ව පවති.