අෂ්ඨාංග ආයුර්වේදය » කාය චිකිත්සාව »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රක්ත මෝක්ෂණය සහ ආයුර්වේදය

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තර්පණ/වෘංහණ ප්‍රතිකාර ක්‍රමය(සිරුර පෘෂ්ඨිමත් කිරීම) සහ අපතර්පණ/ලංඝන ප්‍රතිකාර ක්‍රමය (සිරුරු ගත ආමය පැසවීම) යන ප්‍රධාන චිකිත්සා ධාරා දෙක ඔස්සේ සිදු කරනු ලබන්නකි. මෙම ක්‍රමවේදයේදී වෘංහණ ප්‍රතිකාරය සඳහා රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) චිකිත්සාවද ලංඝන ප්‍රතිකාර සඳහා ශෝධන(Purifying) ශමන(Alleviative) ප්‍රතිකාරයද භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර සිදුකිරීම දීපන, පාචන, ක්ෂුත්, තෘට්, ව්‍යායාම, ආතප, මාරුත යන ක්‍රම ඔස්සේ සිදු කරන අතර ශෝධන ප්‍රතිකාරය සිදු කරනුයේ නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්තමෝක්ෂණ යන චිකිත්සාවන් පහ (පංචකර්‍ම චිකිත්සා)මගිනි.

උදෑසනට අවදිවු විට අඩිය බිම තබා ගැනීමට නොහැකිව ලතවෙන්නෝ…..

මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උදෑසනට විලුඹ බිම තැබීමට නොහැකි වන තරමේ අධික වේදනාවක් ඇතිවීමයි. රෝගීන් පවසන්නේ යටිපතුලේ අභ්‍යන්තරයට ඉඳිකටු වලින් අනින්නාක් බඳු දැනීමක් ඇති වන බවයි. මෙම රෝග තත්ත්වයෙන් පිඩා විදින අයවලුන් සියල්ලෝම උදැසනට අවදිවු පසු ඇ‍ඳෙන් බැස තම පළමු පියවර කිහිපය තබන්නේ ඇඳ විට්ටම අල්ලාගෙන හෝ නැතිනම් බිත්තිය අල්ලාගෙන හෝ නැතිනම් කොර ගසමින්ය. ආරම්භයේදී එසේ අපහසුවෙන් හෝ පියවර කිහිපයක් ඇවිද ගිය පසුව ඔවුන් පිඩා විදිනා ඇවිදිමේ අපහසුතාවය සහ යටිපතුලේ වේදනාව තාවකාලිකව සමනය වන නමුත් එයට නිසි ප්‍රතිකාරයක් සිදු නොකර සිටිමෙන් කාලයක් ගත වන විට දවස පුරාම ඇවිදිමේ අපහසුව සහ විලුඹ ප්‍රදේශයේ වේදනාව සහ ශෝථය පැවතිමේ අවස්ථාවට පැමිනේ.

පුරුෂ වන්ධ්‍යාභාවයට බලපාන කරුණු සහ ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග

පරිණත තත්ත්වයේ සිටින යුවලක් පවුල් සැලසුම් ඖෂධ හා උපකරණ නොමැතිව ක්‍රමානුකූල සංසර්ගය සිදු කළද වසරක් යන තුරු ගැබ් නොගැනීම වන්ධ්‍යාභාවය(Infertility) ලෙස සරලව අර්ථ දැක්විය හැක. වන්ධ්‍යාභාවය සඳහා කාන්තාවන්ගේ දෝෂ නැතිනම් හේතු 30%ක්, පුරුෂයන්ගේ දෝෂ 30%ක්, දෙදෙනාගේම දෝෂ 30%ක් සහ නොදන්නා

මානස රෝග පිළිබඳව ආයුර්වේද ඉගැන්වීම (දෙවන කොටස)

ආයුර්වේදයේ තියෙනවා කර්මජ රෝග කියලා කොටසක්. පිළිකා වැනි රෝග ඒ කොටසට දාන්න පුළුවන්. හැමෝටම හැදෙන්නෙත් නැහැනේ. කර්මජ හේතු නිසා තමයි ඒවා ඇතිවෙන්නේ. ආකාර තුනක අවස්ථා දක්වන්න පුළුවන්. කර්මජ, දෝෂජ සහ දෝෂ කර්මජ කියන තුන තමයි ඒ ආකාර තුන. දෝෂජ ඒවාට තමයි ඖෂධ ප්‍රතිකාර කරලා සුව කරන්න බලන්නේ. දෝෂ කර්මජ ඒවාට බෙහෙත් විතරක් දිලා මදි. කර්මය ගෙවිලා ඉවර වෙන්නත් ඕනේ. ඒකට බෝධි පුජා, විවිධ ශාන්ති කර්‍ම, දානමාන ආදිය කරන්න ඕනේ. සමහර වෙලාවට ජෝතිෂ්‍යයට අනූව විවිධ ක්‍රියාකරාකම් නිර්දේෂ කරනවා. ඒ ඒ ග්‍රහ බලපෑම් ඉවර වුනාට පස්සේ ලෙඩේ සුව වෙනවා. එතකම්, රෝගය සුව වෙන්නේ නැහැ. ඖෂධ වල ගුණ ලැබෙන්නේ නැහැ.

මානස රෝග පිළිබඳව ආයුර්වේද ඉගැන්වීම (පළමු කොටස)

විශේෂයෙන් වර්තමාන සමාජයේ බහුලම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇත්තේ දුක්ඛජ උන්මාදය යනුවෙන් ආයුර්වේදයේ වර්ග කෙරි ඇති උන්මාද රෝග කාණ්ඩයට අයත් රෝග තත්ත්වයන්ය. වර්තමාන තරගකාරි සමාජ ක්‍රමය තුල එකිනෙකා පරයමින් මිනිසා අසිමාන්තිකව ඉලක්ක සහ බලාපොරොත්තු පසු පස හඹා යෑමට උත්සහ දැරීම නිසා දුක්ඛජ උන්මාද රෝග තත්ත්වයන්ට පහසුවෙන්ම ගොදුරු විමේ මාර්ගය විවෘත කර ගනි. බටහිර මනෝ විද්‍යාව තුල ආතතිය, විෂාදය, ක්ලමතය, කාන්සාව වැනි විවිධ නම් වලින් හදුන්වන බොහොමයක් මානසික රෝග මේ දුක්ඛජ උන්මාද රෝග කාණ්ඩය යටතේ විස්තර කෙරේ.

අධි රුධිර පීඩනය (තීව්‍ර රක්තචාපය) යනු කුමක්ද?

ආයුර්වේද මතානුකූලව වැරදි ආහාර සහ විහරණ හේතු නිසා එක් රැස් වන නොදිරවු ආහාර “ආම” කොටස් ලෙස ශරීරයේ ප්‍රධාන දෝෂ(වාත පිත්ත සහ කඵ) සහ සප්ත ධාතුන් දූෂණය කොට එම අපවිත්‍ර කොටස් රුධිර නාල වල තැන්පත් වී අධි රුධිර පීඩනය ඇති විමට පරිසරය නිර්මාණය කරයි.

ආමවාතය වාතයක් වීමට පෙර………..

විවිධ බාහිර හේතුන් නිසා ආහාර ජීර්ණයට අවශ්‍ය ස්‍රාවයන් නිකුත් කරනා ඉන්ද්‍රියන් දුර්වල වි එහි ප්‍රතිඵලයක් ලෙස අග්නිමාන්දය ඇතිවිමත් අග්නිමාන්දයේ ප්‍රතිඵල යක් ලෙස සිරුරේ ආම තත්ත්වය ඇතිවුවද ආමය නිසාම අග්නිය තවදුරටත් දුබල වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආහාරය පැසවීමද මද වශයෙන් සිදුවේ. බාහිර හේතුවකින් සිරුරේ ආම තත්ත්වයක් ඇතිවුවද එය නිවැරදිව සකස් නොකර ගන්නා තෙක් ආමය විසින් නැවතත් ආමය වර්ධනය විමට අවශ්‍ය ශරීර තත්ත්වයන් නිර්මාණය කරයි. මෙය ආමය විසින් ආමය ඇතිවිමේ පරිසරය ඇතිකරන මෙම ක්‍රියාවලිය චක්‍රිය ක්‍රියාදාමයකි. අවසාන ප්‍රතිඵලය වන්නේ සිරුරේ ආමතාව තවදුරටත් වැඩිවිමයි .

රෝග සුව කරන ජීවි ශල්‍ය උපකරණය(Bio Surgical Instrument)

ජීවි ශල්‍ය උපකරණයක් ලෙස භාවිතා කරන බෙහෙත් කුඩැල්ලන් ප්‍රතිකාර සඳහා භාවිතා කිරිමේදී වෛද්‍යවරයා සතුව ඉතා බරපතල වගකීමක් පැටවෙන්නේ නිරායාසයෙනි. අනෙතුක් ඖෂධ සහ උපකරණ මෙන් නොව මෙහිදි භාවිතා කරන්නේ ජීවි සත්ත්වයෙකි. පණ ඇති වස්තුවකි. එම සත්ත්වයා අප අපගේ කාර්යය ඉටු කරවා ගැනීම සඳහා යොදා ගැනිමේදි ඇතිවිය හැකි සියලුම අවධානම් සහගත අවස්ථා සඳහා වෛද්‍යවරයා සුදානම්ව සිටිය යුතුය.

1 2 3 4
...

“ කාය චිකිත්සා නාම සර්වාංග සංශ්‍රීතානාං ව්‍යාධිනාං ජ්වරාතීසාර රක්ත පිත්ත ශොෂොන්මාද අපස්මාර කුෂ්ඨ මේහාදීනා මුපශමනාර්ථිම්”
යනුවෙන් සුශ්‍රැත සංහිතාවේ කාය චිකිත්සාව හදුන්වා දී ඇත. උණ, අතීසාර, රත්පිත්, ශෝෂ, උන්මාද, අපස්මාර, කුෂ්ඨ, ප්‍රමේහ ආදී වු සර්වාංගගත රෝග විනිර්ණය කිරීම හා සුවකිරීම පිළිබද ඉගැන්වීම කාය චිකිත්සාව යැයි ඉහත ‍ශ්ලෝකයේ තේරුමෙන් දැක්විය හැක. සුශ්‍රැතාචාර්යවරයා ශ්‍රේෂඨ ආයුර්වේද ශල්‍ය චිකිත්සාව පදනම් කර ගත්තා සේ ආත්‍රේය සම්ප්‍රදාය ගුරු කොට ගත් චරකාචාර්යවරයා කාය චිකිත්සාව පදනම් කර ගත්තේය. එබැවින් කාය චිකිත්සාව පිළිබදව සාකච්ඡාවේදී නිතැතින්ම චරක මතය හා ඉගැන්වීම සොයා බැලීමට සිදුවේ. ඒ අනූව සර්වාංග‍ රෝගයන්ගේ සාධ්යය අසාධ්යඅ බව අනූව මහා රෝග සහ සූක්ෂම රෝග යනුවෙන් වර්ගකර දක්වා ඇති රෝගයන් පිළිබදව අවධානය යොමුකල යුතුව ඇත. එසේම වර්තමානයේ දැකගත හැකි විවිධ රෝග තත්ත්වයන් පිළිබදවද ආයුර්වේදානුකූල පැහැදිළිකිරීම්ද කාලීන අවශ්‍යතාවයක්ව පවති.

...