අෂ්ඨාංග ආයුර්වේදය » අගද තන්ත්‍රය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ත්‍රෛලෝක්‍ය විජයා පත්‍ර

කංසා ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වේ. ප්‍රඥාව දියුණුවේ. ධාරණ ශක්තිය ලැබේ. නිර්මාණ කුසලතා වැඩි දියුණු වේ. මේ සියල්ල කංසා ඖෂධයේ ඇති ගුණ වේ. මේ සියල්ල සිදුවන්නේ නම් ඔහුට හෝ ඇයට තුන්ලොව ජය ගැනීම අපහසු නොවන්නේය. කංසා සඳහා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර යන පර්යාය නාමය බැදී ඇත්තේද එබැවිනි.

සර්පයින් හදුනා ගනිමු!
දෙපත් කලුවා(උග්‍ර විෂ) Sri lankan coral snake

ඔබ නිසි පරිදි සර්පයින් හදුනන්නේ නම් සහ සර්ප දෂ්ටයක් සිදු වීම වලක්වා ගනිමින් ජීවත් වීමට දන්නේ නම් කිසි ලෙසකින් වත් සර්පයින් මරා දැමීමට නොපෙළඹිය යුතු බවයි. දුටු දුටු විගස අතට අසුවන දෙයකින් පහර දී මෙම සත්ත්වයින් මරා දමන්නේ නම් එසේ කරනුයේ සැබෑ ලෙසම මොඩයෙක් විසිනි. අපට මේ පොළවේ යම් අයිතියක් ඇත්ද ඒහා සමානම අයිතියක් මෙම සත්ත්ව කොට්ඨාශයටද පොළවේ හිමි වන්නේය. ඔවුන් තමන්ගේ ආරක්ෂාව සදහා ගනු ලබන ආරක්ෂිත උපක්‍රමයක් නිසා මිනිසාට එයින් අනතුරක් සිදුවිය හැකි මුත් මිනිසා විසින් ආරක්ෂාකාරී වන්නේ නම් එම අනතුරෙන්ද මිනිසාට ගැලවිය හැක. එසේ නොකොට මිනිසා විසින්ද පහර දීමට ගිය හොත් සර්පයා සහ මිනිසා අතර වෙනසක් ඇති නොවුනු ඇත.

...

ධූලක වේදය(Toxicology) යනු බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව අගද තන්ත්‍රය හදුන්වන නාමය ලෙස දැක්වීය හැක. ජීවින්ගේ ප්‍රානය පැහැර ගැනීමට වැඩිම හැකියාවක් ඇති බාහිර සංඝටක වන්නේ වස(Poison) යනුවෙන් හදුන්වනු ලබන ඒවා වේ. වස/විෂ යන්න පහසුවෙන් අර්ථ ගැන්විය හැකි නොවේ. එහෙත් අල්ප මාත්‍රාවෙන් හෝ ශරීර ගත වුවහොත් මූලික අසාත්මික අවස්ථාවේ සිට මරණය සිදුවීම දක්වා වූ පරාසයේ අනතුරක් කල හැකි ඕනෑම කාබනික, අකාබනික හෝ ජීවි සංයෝගයක් වස/විෂ ලෙස දැක්විය හැක.
සර්ප දෂ්ටයකදී ශරීර ගත වන්නේත් විෂකි.කල් ඉකුත් වූ ආහාරයක් ආහාරයට ගත් විට ශරීර ගතවන්නේත් විෂයි. ඖෂධයක් අධි මාත්‍රාවෙන් ගත් විටත් එය ශරීරයට විෂ වේ. කර්මාන්ත වලට හෝ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන රසායනික සංයෝගද වස යන්නට අයත් වේ. එසේම අහිතකර විකිරණ ශරීර ගත විමත් එක්තරා ආකාරයක විෂ වීමකි.
ජීවීන්ට ඕනෑම දෙයක් විෂ විය හැක. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. පුද්ගල ප්‍රකෘතිය මත එය තීරණය වේ. මාත්‍රාව, වර්ගය හෝ ශරීර ගත වන ආකාරය අනූවද එයින් පුද්ගලයාට වන බලපෑම වෙනස් විය හැක. ඉතා පුළුල් විෂයක් ලෙස බයහිර වෛද්‍ය විද්‍යාවේදි පිළි ගැනෙන ධූලකවේදය එම බරින්ම ආයුර්වේදය සියවස් ගණනාවකට පෙරදී දැක ඇත. අගද තන්ත්‍රය හුදෙක් සර්ප දෂ්ටයකට හෝ ආහාර විෂ වීමකට පමණක් සීමා වූ ප්‍රාථමික ප්‍රතිකාර පද්ධතියක් නොවේ. විෂ ඖෂධයක් ලෙසත් භාවිතා කල හැකි බව පෙන්වූ ආයුර්වේදිය අගද තන්ත්‍රය ගවේෂනය කල යුතු ක්ෂේත්‍රයකි.

...