අෂ්ඨාංග ආයුර්වේදය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රක්ත මෝක්ෂණය සහ ආයුර්වේදය

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තර්පණ/වෘංහණ ප්‍රතිකාර ක්‍රමය(සිරුර පෘෂ්ඨිමත් කිරීම) සහ අපතර්පණ/ලංඝන ප්‍රතිකාර ක්‍රමය (සිරුරු ගත ආමය පැසවීම) යන ප්‍රධාන චිකිත්සා ධාරා දෙක ඔස්සේ සිදු කරනු ලබන්නකි. මෙම ක්‍රමවේදයේදී වෘංහණ ප්‍රතිකාරය සඳහා රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) චිකිත්සාවද ලංඝන ප්‍රතිකාර සඳහා ශෝධන(Purifying) ශමන(Alleviative) ප්‍රතිකාරයද භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර සිදුකිරීම දීපන, පාචන, ක්ෂුත්, තෘට්, ව්‍යායාම, ආතප, මාරුත යන ක්‍රම ඔස්සේ සිදු කරන අතර ශෝධන ප්‍රතිකාරය සිදු කරනුයේ නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්තමෝක්ෂණ යන චිකිත්සාවන් පහ (පංචකර්‍ම චිකිත්සා)මගිනි.

සත්ත්ව රජස් තමස් සහ ආයුර්වේදයේ මානසික රෝග

සියළුම සත්වයින්ට මනසක් ඇත. නමුත් මිනිසා නැමති සත්ත්වයාට ඇති මනස අන් සියළුම සතුන්ට ඇති මනසට වඩා උසස්ය. දියුණුය. ක්‍රියාශීලිය. අනෙකුත් සතුන්ට නොහැකි වුවත් මිනිසාට තමාගේ මනස වර්ධනය කර ගත හැකිය. වනචාරි ව විසු මිනිසා ක්‍රමක්‍රමයෙන් තමාගේ මනස දියුණු කර ගැනිමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ථමානයේ සිටිනා තැනට පැමිණ ඇත. අනාගතයේදී මෙතැනින් තවත් තැනකට යනු ඇත. මෙම මනසේ ගුණය නිසා අනාගතයේදි මිනිසා කෙබදු ස්ථානයක කෙබදු ආකාරයකින් සිටි දැයි කිව නොහැකිය.

උදෑසනට අවදිවු විට අඩිය බිම තබා ගැනීමට නොහැකිව ලතවෙන්නෝ…..

මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උදෑසනට විලුඹ බිම තැබීමට නොහැකි වන තරමේ අධික වේදනාවක් ඇතිවීමයි. රෝගීන් පවසන්නේ යටිපතුලේ අභ්‍යන්තරයට ඉඳිකටු වලින් අනින්නාක් බඳු දැනීමක් ඇති වන බවයි. මෙම රෝග තත්ත්වයෙන් පිඩා විදින අයවලුන් සියල්ලෝම උදැසනට අවදිවු පසු ඇ‍ඳෙන් බැස තම පළමු පියවර කිහිපය තබන්නේ ඇඳ විට්ටම අල්ලාගෙන හෝ නැතිනම් බිත්තිය අල්ලාගෙන හෝ නැතිනම් කොර ගසමින්ය. ආරම්භයේදී එසේ අපහසුවෙන් හෝ පියවර කිහිපයක් ඇවිද ගිය පසුව ඔවුන් පිඩා විදිනා ඇවිදිමේ අපහසුතාවය සහ යටිපතුලේ වේදනාව තාවකාලිකව සමනය වන නමුත් එයට නිසි ප්‍රතිකාරයක් සිදු නොකර සිටිමෙන් කාලයක් ගත වන විට දවස පුරාම ඇවිදිමේ අපහසුව සහ විලුඹ ප්‍රදේශයේ වේදනාව සහ ශෝථය පැවතිමේ අවස්ථාවට පැමිනේ.

පුරුෂ වන්ධ්‍යාභාවයට බලපාන කරුණු සහ ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග

පරිණත තත්ත්වයේ සිටින යුවලක් පවුල් සැලසුම් ඖෂධ හා උපකරණ නොමැතිව ක්‍රමානුකූල සංසර්ගය සිදු කළද වසරක් යන තුරු ගැබ් නොගැනීම වන්ධ්‍යාභාවය(Infertility) ලෙස සරලව අර්ථ දැක්විය හැක. වන්ධ්‍යාභාවය සඳහා කාන්තාවන්ගේ දෝෂ නැතිනම් හේතු 30%ක්, පුරුෂයන්ගේ දෝෂ 30%ක්, දෙදෙනාගේම දෝෂ 30%ක් සහ නොදන්නා

මානස රෝග පිළිබඳව ආයුර්වේද ඉගැන්වීම (දෙවන කොටස)

ආයුර්වේදයේ තියෙනවා කර්මජ රෝග කියලා කොටසක්. පිළිකා වැනි රෝග ඒ කොටසට දාන්න පුළුවන්. හැමෝටම හැදෙන්නෙත් නැහැනේ. කර්මජ හේතු නිසා තමයි ඒවා ඇතිවෙන්නේ. ආකාර තුනක අවස්ථා දක්වන්න පුළුවන්. කර්මජ, දෝෂජ සහ දෝෂ කර්මජ කියන තුන තමයි ඒ ආකාර තුන. දෝෂජ ඒවාට තමයි ඖෂධ ප්‍රතිකාර කරලා සුව කරන්න බලන්නේ. දෝෂ කර්මජ ඒවාට බෙහෙත් විතරක් දිලා මදි. කර්මය ගෙවිලා ඉවර වෙන්නත් ඕනේ. ඒකට බෝධි පුජා, විවිධ ශාන්ති කර්‍ම, දානමාන ආදිය කරන්න ඕනේ. සමහර වෙලාවට ජෝතිෂ්‍යයට අනූව විවිධ ක්‍රියාකරාකම් නිර්දේෂ කරනවා. ඒ ඒ ග්‍රහ බලපෑම් ඉවර වුනාට පස්සේ ලෙඩේ සුව වෙනවා. එතකම්, රෝගය සුව වෙන්නේ නැහැ. ඖෂධ වල ගුණ ලැබෙන්නේ නැහැ.

මානස රෝග පිළිබඳව ආයුර්වේද ඉගැන්වීම (පළමු කොටස)

විශේෂයෙන් වර්තමාන සමාජයේ බහුලම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇත්තේ දුක්ඛජ උන්මාදය යනුවෙන් ආයුර්වේදයේ වර්ග කෙරි ඇති උන්මාද රෝග කාණ්ඩයට අයත් රෝග තත්ත්වයන්ය. වර්තමාන තරගකාරි සමාජ ක්‍රමය තුල එකිනෙකා පරයමින් මිනිසා අසිමාන්තිකව ඉලක්ක සහ බලාපොරොත්තු පසු පස හඹා යෑමට උත්සහ දැරීම නිසා දුක්ඛජ උන්මාද රෝග තත්ත්වයන්ට පහසුවෙන්ම ගොදුරු විමේ මාර්ගය විවෘත කර ගනි. බටහිර මනෝ විද්‍යාව තුල ආතතිය, විෂාදය, ක්ලමතය, කාන්සාව වැනි විවිධ නම් වලින් හදුන්වන බොහොමයක් මානසික රෝග මේ දුක්ඛජ උන්මාද රෝග කාණ්ඩය යටතේ විස්තර කෙරේ.

අධි රුධිර පීඩනය (තීව්‍ර රක්තචාපය) යනු කුමක්ද?

ආයුර්වේද මතානුකූලව වැරදි ආහාර සහ විහරණ හේතු නිසා එක් රැස් වන නොදිරවු ආහාර “ආම” කොටස් ලෙස ශරීරයේ ප්‍රධාන දෝෂ(වාත පිත්ත සහ කඵ) සහ සප්ත ධාතුන් දූෂණය කොට එම අපවිත්‍ර කොටස් රුධිර නාල වල තැන්පත් වී අධි රුධිර පීඩනය ඇති විමට පරිසරය නිර්මාණය කරයි.

අග්නි කර්‍ම/දහන චිකිත්සාව, ආයුර්වේදයේ සුවිශේෂී ප්‍රතිකාරයකි

ශල්‍ය ප්‍රතිකාර අංශය ශස්ත්‍රකර්‍ම, ක්ෂාරකර්‍ම සහ අග්නිකර්‍ම යන ප්‍රතිකාර ත්‍රිත්වයකින් සන්නද්ධ කලේ ආයුර්වේදඥ සුශ්‍රැත ආචාර්යවරයා විසිනි.සුශ්‍රැත ආචාර්යවරයා විසින් අග්නි ප්‍රතිකාරය සඳහා භාවිතා කල යුතු උපකරණද සුශ්‍රැත සංහිතාවේ හදුන්වා දී ඇත. දහනෝපකරණ යන නමින් හඳුන්වා දි ඇති මේවා ශරීරයේ විවිධ ස්ථාන සහ ශරීරයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු වන පරිදි සැකසු උපකරණයෝය.

1 2 3 6
...

අෂ්ටාංගයෙකින් සමන්විත වූ ආයුර්වේදය වනාහි අථර්ව වේදයට අයත් උපාංගයෙකි. එය භගවත් වූ මහාබ්‍රහ්ම තෙම ප්‍රජාව මැවීමට පළමුව ශ්ලෝක ලක්ෂයකින් හා අද්ධ්‍යාය දහසෙකින් හා යුක්ත කොට ප්‍රකාශ කළේය. අනතුරුව මිනිසුන්ගේ අල්පායුෂකත්වය හා අල්ප මේධාව (බුද්ධිය) හා අවලෝකනය කොට, කොටස් අටෙකට බෙදා ප්‍රණයනය කෙළේය; ඒ මෙසේයි:-
ශල්‍යය, ශාලාක්‍යය, කාය චිකිත්සා, භූත විද්‍යා, කෞමාරභෘත්‍ය , අගදතන්ත්‍ර , රසායන තන්ත්‍ර, වාජීකරණ තන්ත්‍ර යන විසිනි.
-සුශ්‍රැත/ සූත්‍ර/ වේදෝත්පත්ති අද්ධ්‍යායය/5-6

...