ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
බාහිර ස්නේහකර්‍ම

පංචකර්‍ම චිකිත්සාවේ එන ප්‍රථම පූර්වකර්‍මය වන ස්නේහකර්‍ම පිළිබදව කලින් පලවු ලිපියෙහි සදහන් වූ කරුණු වලට අමතරව  ඒ පිළිබදව දැනගත යුතුව ඇති ඉතිරි කරුණු සියල්ලම මෙම ලිපිය තුලින් සාකච්ඡා කරණූ ලැබේ. පෙර ලිපිය තුලින් සාකච්ඡා කරණූ ලැබුයේ ස්නේහකර්‍ම ශරීර අභ්‍යන්තර වශයෙන් wedasa treatment bedසිදුකරණු ලබන අවස්ථාවට අදාල න්‍යායාත්මක කරුණු සමූහයකි. මෙම ලිපිය තුලදී අභ්‍යන්තර වශයෙන් ස්නේහකර්‍ම සිදු කරනූ ලබන අවස්ථාවට අදාලව පෙර ලිපිය තුලින් නොකියවුනු වැදගත් හා අත්‍යාවශ්‍ය කරුණූ සහ බාහ්‍ය (බාහිර) වශයෙන් ස්නේහකර්‍ම සිදුකිරීමට අදාල න්‍යායයත්මක සහ ප්‍රායෝගික කරුණූ සම්පූර්ණයෙන්මත් සාකච්ඡා කරණු ලැබේ. ස්නේහකර්‍ම පිළිබදව සාකච්ඡා කෙරෙනා අවසන් ලිපිය මෙයයි.

ස්නේහ ද්‍රව්‍ය සහ ගුණ

ද්‍රව්‍ය ගුණ විඥානය යන මාතෘකාව යටතේ ආයුර්වේදය තුල රස, ගුණ, වීර්යය, විපාක සහ ප්‍රභාව යන ප්‍රධාන ප්‍රභේද පහක් සහ ඒවායේ උපලක්ෂණයන් සමූහයක්   සංකල්පයක් ලෙස සාකච්ඡා කෙරේ. එක් එක් ද්‍රව්‍යය පිළිබදව කරණු ලබන ආයුර්වේදානුකූල හැදීන්වීම් වලදී මෙම ප්‍රභේද වලින් එම ද්‍රව්‍ය සතුව ඇති ගුණාංග සාකච්ඡා කෙරේ. එම ගුණාංග විශ්ලේෂණය කිරීම තුලින් ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය පිළීබදව ආයුර්වේදානුකූල අවබෝධයක් ලබාගත හැකිවේ.

ගුරු, ශීත, සර, ස්නිග්ධ, මන්ද, සුක්ෂ්ම, මෘදු සහ ද්‍රව යන ගුණයන්(ද්‍රව්‍යයන් සතුවිය හැකි ගුණයන් ආකාර විස්සක් ඇත.) අයත් ඖෂධ ද්‍රව්‍ය බෙහො‍ සෙයින් ස්නේහන ඖෂධයන් සේ සැලකේ. ඒ අනූව මෙම ගුණයන් පිළිබද දැණුම හා ද්‍රව්‍ය පිළිබද දැණුම සතුවේ නම් ස්නේහන ද්‍රව්‍ය හදුනාගැනීමට මහත් පහසුවක් වනු ඇත. මෙම ගුණයන්ට විරුද්ධ ගුණ ඇත්තාවු ඖෂධ ද්‍රව්‍ය විරූක්ෂණ හෙවත් වියලවන ඖෂධයොයි. ස්නේහන ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් හතරක් දැක්වේ.ගුණ පිළීවෙලින් ඝෘත, තෛල(තලතෙල්), වසා, මජ්ජා ඒ හතරයි. මෙම හතර අතරින් ඝෘත/ගිතෙල් ශ්‍රේෂ්ඨ වේ. ඒ ගිතෙල් සතු සුවිශේෂී ගුණ‍යක් හේතුවෙනි. යම් දෙයක් සමග සකස් කල විට එම සංස්කරණය කරනු ලැබූ ද්‍රව්‍යයන්ගේ ගුණ අත්නොහැර රැක ගැනීම හෙවත් “සංස්කාරානුවර්‍තන ගුණය” ගිතෙල් සතුය. ඉතිරි සියල්ල එසේ නොවේ. මෙම ද්‍රව්‍යයන් හතරෙහි ඇති පිත්තනාශක ගුණය, වාත ‍ශ්ලේෂම නාශක ගුණය සහ ගුරු ගුණය යන ප්‍රධාන ශක්තීන් තුනට අනුරුපව මෙම ද්‍රව්‍ය පෙළගස්වා ඇත.

පිත්ත නාශක ගුණය

  • ඝෘත>වසා>මජ්ජා>තෛල(පිත්ත නාශක ගුණය නැත)

වාත ශ්ලේෂම නාශක ගුණය

  • තෛල>වසා>මජ්ජා>ඝෘත(වාත ශ්ලේෂම ගුණය නැත)

ගුරු ගුණය

  • මජ්ජා>වසා>තෛල>ඝෘත

පොදුවේ ස්නේහ පානය කිරිමට යොග්‍ය අය දක්වා තිබුනත් වෙන වෙනම ප්‍රධාන ස්නේහ වර්ග හතර පානය කිරීමට සුදුස්සෝ පෙර සදහන් වුයේ නැත. අප දැන් එක් එක් ස්නේහ වර්ග පානය කිරිමට සුදුසු අ යවලුන් දක්වා සිටිමු.

ඝෘත පානයට යෝග්‍යයෝ

වාත පිත්ත ප්‍රකෘතිකයන්ට, වාත ප්‍රකෘතිකයන්ට, පිත්ත ප්‍රකෘතිකයන්ට, ස්වස්ථතාව ආරක්ෂා කර ගැනුමට කැමැත්තවුන්ට, ඉතා ක්ෂීණ හෝ ඉතා මහළු, ඉතා දුර්වල අයට, දීර්‍ඝායු ලාභීනට, බල වර්ණ ස්වර වර්ධනය හා ආරක්ෂාව කැමැත්තවුන්ට, ප්‍රජා වර්ධනය ශරීරයේ සුකුමාර බව කාන්තිය ඕජසවර්ධනය ස්මරණ ශක්තිය ධාරණ ශක්තිය අග්නි දීප්තිය ඉන්ද්‍රිය ශක්තිය වර්ධනය කැමැත්තවුනට, දාහ ශස්ත්‍ර විෂ අග්නි යන මෙයින් පීඩීත වූවනයද ගිතෙල් පානය යහපත් බව දක්වා ඇත.

තලතෙල් පානය යෝග්‍යයෝ

යම් අයෙකුගේ ශරීරයෙහි සෙම් මේදස් අධික වේද, එසේම අධික ස්ථුල අයවලුන්ටද ,වාතව්‍යාධි වලින් පෙලෙන්නන්ටද, ශරීරශක්තිය,සෘජුබව, සැහැල්ලුබව,දැඩිබව,ස්ථිරබව, ඇති කර ගැනීමට බලාපොරොත්තු වන්නන් විසින්ද, නාඩිවෘණ වලින් පෙලෙන්නන් විසින්ද, ශීත කාලයේ තෛල පානය කිරීම ගුණදායකය.

වසා පානය යෝග්‍යයෝ

අව්වේන් හා වාතයෙන් වන පීඩා අධිකව ඉසිලීමේ හේතුවෙන් අධික රූක්ෂණ වු සිරුරු අතියවුනටත් බර උසුලා ගමන් යාමෙන් අධික කෘශ වූවනටත්, රක්ත, ශුක්‍ර මේදස්, කඵ ක්ෂය වූවන්ටත්, අස්ථි සංධි ශිරා ස්නායු චර්‍ම සහ කෝෂ්ඨයන්ගේ අධික වේදනා ඇතියවුනට, වාත කෝප හේතුවෙන් ස්‍රෝතස් අවරෝධය වූ අයට අත්‍යාග්නි ඇති අයට, වසා පානය පුරුදු වු අයටද ස්නේහ පානය අවශ්‍ය නම් වසා පානය කල හැකිය. ස්නේහ පානයේ(අභ්‍යන්තර ස්නේහකර්‍ම)දි සිදුවිය හැකි අවිධිමත් සේවනය නිසා ඇතිවිය හැකි උපද්‍රව සදහා ප්‍රතිකාර මූලධර්‍ම අවසන් වශයෙන් දක්වනු ලැබේ.මෙහිදී වමන කර්‍ම ස්වේද කර්‍ම කල යුතුය. රෝග රෝගී බල පරීක්ෂා කර බලා විරේචන කර්‍ම කිරීමද ප්‍රයෝජනවත්ය. අභ්‍යන්තර ඖෂධ වශයෙන් තක්‍රාරිෂ්ටය, රූක්ෂ ආහාරපාන, ගෝමුත්‍ර ත්‍රිඵලා යෝගයෙන්ද සුදුසු පරිදි යෙදිය හැක. පිපාසය සංසිදීම සිදුනොවුන ‍හොත් රූක්ෂ ආහාරපාන දී ශීතල ජලය පෙවිය යුතුය. එසේම වියලි ඉඟුරු තැම්බූ ජලයත් ෂඩංග පානයත් ස්නේහාජීර්‍ණයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. 

 බාහ්‍ය ස්නේහකර්‍ම

මෙතැන් සිට ස්නේහකර්‍ම වල බහුලව භාවිතා වන කොටසක් වන බාහ්‍ය ස්නේහකර්‍ම පිළිබදව පුළුල්ව සාකච්ඡා කිරිම සිදුකරණු ලැබේ. බාහ්‍ය ‍ස්නේහය අභ්‍යඞග, ශේක, පිචුධාරණා, ශිරෝවස්ති වශයෙන් හතර ආකාරයක් ඇත.

අභ්‍යඞග

wedasa katiwastiමුළු ශරීරයේම හෝ එක් ස්ථානයක තෙල් ගැල්වීම අභ්‍යඞග යනුවෙන් හැදින්වේ. එහෙත් උද්වර්ථනය(massage) කිරීමක් මෙම ප්‍රතිකාරයට ඇතුලත් නොවේ. තෙල් ගල්වා පැයකට වැඩි වේලාවක් (තෙල් ශරීරයට උරාගැනීමට) සිටීමට සලස්වා පසුව මතුපිට ඉතිරිවී ඇති තෙල් පිසදා ඉවත් කිරීම සිදුකරයි. අවසානයට උණුදිය ස්නානය කිරිම සිදුකල හැකිය. අභ්‍යඞගය සමගම කියැවෙන උද්වර්ථනය තෙල් ගෑමෙන් පසුව සිදුකරනු ලබන වෙනමම ප්‍රතිකාරයකි. එහිදි ක්‍රමානුකූලව පහල සිට ඉහලට ඇතීල්ලීමක් සිදුකරයි.

ශේක

wedasa Shirodharaශේක පරිශේක ධාරා යනුවෙන්ද හැදින්වේ. ධාරා කර්මයන් සදහා යොදාගනු ලබන්නේ තෛල නම් තෛල ධාරා යනුවෙන්ද, තක්‍ර(කිරි වලින් සදාගන්නා ද්‍රව්‍යයක්) යොදාගනු ලබන්නේ නම් තක්‍ර ධාරා යනුවෙන්ද ක්ෂිර යොදා ගන්නේ නම් ක්ෂිර ධාරා යනුවෙන්ද හැදින්වේ. ශිරෝ රෝග සදහා යෙදා ගන්නා වු ධාරා/ශේක ශිරෝධාරා යනුවෙන් හැදින්වේ. මුළු සිරුරටම යොදා ගන්නා විට සර්වාංගධාරා යනුවෙන් හැදින්වේ.

පිචු ධාරණ

ස්ථානිකව සිදු කරනා ස්නේහන ප්‍රතිකාරයකි. ස්ථානිකව පවතින පීඩාවන් සදහා පුළුන් හෝ කපු රෙදි භාවිතා කරමින් තෙල් ස්ථානිකව ටික වේලාවක් පවත්වා ගැනීමේන් සිදුකරනා ප්‍රතිකාරයකි. මෙහිදි මදක් උණුසුම් කරන ලද තෙල් භාවිතා කෙරේ. උද්වර්ථනය කල නොහැකි අවස්ථා වලදී මෙම ක්‍රමය භාවිතා කෙරේ.

ශීරෝවස්ති

ශිරෝ රෝග වලදි භාවිතා ‍කරනු ලබන තවත් ස්ථානික ප්‍රතිකාරයකි. ස්නේහන ගුණය අධික වන ආකාරයට මෙම ප්‍රතිකාරයන් පෙළ ගැස්වුව හොත් අඩුම ගුණයක් ඇත්තේ අභ්‍යංගයේය. පිළිවෙලින් අභ්‍යංගයට වඩා ශේකයත් ශේකයට වඩා පිචු ධාරණයත් පිචු ධාරණයට වඩා ශිරෝ වස්තියත් ස්නේහන ගුණයෙන් අධිකය.