ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ස්ත්‍රිසේවනය ගැන ආයුර්වේද මුලග්‍රන්ථ අදහස්……..

sex postureපුද්ගලයන්ගේ නිරෝගි බවට පමණක් නොව සමාජයේ යහපැවැත්මට පවා වැදගත් වන්නාවු බොහෝ කරුණු ආයුර්වේද මූලග්‍රන්ථ තුල අන්තර්ගතව ඇති බව ආයුර්වේදය නොකියවූ ආයුර්වේදය නොදන්නා අය පමණක් නොව ආයුර්වේදය කියවූ ‍ආයුර්වේදය දන්නවා යැයි සිතනා බොහෝ දෙනා පවා සැබැවින්ම දන්නේ දැයි සැක සහිතය. ආයුර්වේද මුලග්‍රන්ථ තුල බොහෝ දෙනා ඇතියැයි විශ්වාස කරනුයේ ආයුර්වේදානුකුලව රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න කියාදෙන කරුණු පමණකි. එහෙත් රෝග, රෝග ප්‍රතිකාර, ඖෂධ සමග සෘජුවම හෝ වක්‍රව සම්බන්ධයක් නැති යැයි යමෙකුට සිතිය හැකි බොහෝ අමතර කරුණුද ආයුර්වේද මුලග්‍රන්ථ තුල හමුවේ. එම කරුණු තුලින් ඉදිරිපත් කර ඇත්තේ නිරෝගී ජීවිතයක් සේම යහපත් සමාජයක් ඇතිවීමට අදාල වන්නාවූ අවබෝධයයි. මෙම කරුණු ආයුර්වේදමතානුකූලව ප්‍රධාන මූලග්‍රන්ථ තුල විවිධ මාතෘකා යටතේ ඉදිරිපත් කිරීමට මුලග්‍රන්ථ කතුවරුන් කටයුතු කර ඇත්තේ ආයුර්වේදය වෛද්‍යක්‍රමයකට අමතරව ජීවන දර්ශනයක්ද වන නිසාය.
මූලග්‍රන්ථ තුල විස්තර කෙරෙනා එවැනි විශේෂ සහ වැදගත් මාතෘකා පිළිබඳව විටින් විට අප ලිපි ඔස්සේ සාකච්ඡා කරනුයේ හේතු කිහිපයක් නිසාවෙනි. එය ආයුර්වේදය සම්පූර්ණයෙන්ම කියැවීමට සහ හැදෑරීමට කැමති අයට තොරතුරු ගවේශණයට උපකාරයක් වන්නේය. එසේම ආයුර්වේදය කියවීමට අකමැති හෝ අවස්ථාව නැති අයට වුවද සමාජය තුල ජීවත් වීමේදී මෙම මාතෘකා යටතේ විස්තර කෙරෙනා කරුණු භේදයකින් තොරව වැදගත් වන නිසාය. තවද අතීත, වර්තමාන සහ අනාගත යන තුන් කාලයටම ගැලපෙන දාර්ශනික දැනුමක් ආයුර්වේදය සතු බව අපගේ පාඨකයන්ට උදාහරණ සහිතව පෙන්වා දීමටය. පැරැන්නෝ ආයුර්වේදය හුදු වෛද්‍යක්‍රමයකට ලඝු නෙකොට පරිපූර්ණ සමාජ ජීවන දර්ශනයක් ලෙස අර්ථ දක්වා ගත්තේ පදනමක් ඇතිව බව ස්ථිර කරන තරමටම මෙම කරුණු ත්‍රෛකාලිකය. මිනිසා‍ට සමාජය තුල එදිනෙදා නිරෝගිව ජීවත් වීමේදී අනුගමනය කල යුතු ආචාරධර්ම සුවිශේෂි මාතෘකා යටතේ සම්පිණ්ඩනය කොට මුලග්‍රන්ථ තුල දක්වා ඇති අතර එම කරුණු අප විටින් විට ඉදිරිපත් කරනුයේ අවසාන වශයෙන් ඒවා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තරමටම පුද්ගල නිරෝගිභාවය ඇතිකර ගැනීමට වැදගත් වන නිසාවෙනි.
මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ කාලීන ගැටළුවක් බවටද පත්වී ඇති වර්තමානයේදී ස්ත්‍රීපුරුෂ දේපාර්ශවයම එකසේ දැනුවත් විය යුතු මාතෘකාවක් පිළිබඳව ආයුර්වේද මුලග්‍රන්ථ තුල දක්වා ඇති අදහස් කිහිපයක් සාකච්ඡා කිරීමටයි. ආයුර්වේදයේ මෙය දක්වා ඇත්තේ ස්ත්‍රීසේවනය යනුවෙනි.(ආයුර්වේදයේ ස්ත්‍රීසේවනය ලෙස පමණක් විශේෂයෙන් දක්වා ඇත්තේ එම යුගයේ භාරතිය සමාජය පුරුෂ කේන්ද්‍රීය සමාජයක් විම නිසා විය යුතුය. ස්ත්‍රීපුරුෂ ‍සේවනය යන නාමයද මෙට යොදා ගත හැක. මුලග්‍රන්ථ තුල දක්වා ඇති කරුණු ස්ත්‍රීපුරුෂ දෙපාර්ෂවයට එකසේ අදාල කර ගත හැකි නිසා ස්ත්‍රීපුරුෂ සේවනය යන නාමයෙන් හැඳින්වීමද විශේෂ ගැටළුවක්ද නැති බව අපගේ වැටහීමයි). විරුද්ධ ලිංගිකයන් සේවනය කිරීම බොහෝ දෙනා තමන් නිවැරදිව දන්නවා සහ ක්‍රියාත්මක කරනවා යැයි සිතුවත් ඒ අතරින් අතිශය බහුතරයක් හරියට නොදන්නා සහ ක්‍රියාත්මකද නොකරනා වැඩිහිටි ජීවිත වලට බද්ධ වු අත්ත්‍යාවශ්‍ය අවශ්‍යතාවයකි. අප සමාජයේ වෙසෙන්නන් ලිංගික අවශ්‍යතාවයන් සඳහා තම විරුද්ධ ලිංගිකයා තෝරාගැනීම පමණක් නොව තොරා ගත් සහයකයා පිළිබඳව ඇති ආකල්ප පවා ඉතාම වැඩවසම් ස්වභාවයක් ගනී. මෙම කාර්යය සම්භන්ධයෙන් ඇති අසමත්බව මොනවාට පැහැදිලි වන්නේ රටක් වශයෙන් පමණක් නොව ලෝක මට්ටමෙන් ගත්තද අද අසන්නට දකින්නට ලැබෙනා බොහොමයක් අපරාධ වලට අනීතික සහ සදාචාරසම්පන්න නොවන ස්ත්‍රීපුරුෂ ලිංගික සම්බන්ධයන් ඇතිකර ගැනීමට උත්සහ දැරිම පදනම් වී ඇති බැවිනි. සමාජයක් තුල පුරුෂයා විසින් නිවැරදිව ස්ත්‍රිය සේවනය කල යුතු ආකාරයත් ස්ත්‍රිය විසින් නිවැරදිව පුරුෂයා සේවනය කල යුතු ආකාරයත් පිළිබදව නිසි වැටහීමක් නොමැති කම නිසාවෙන් අද සිදුවන බොහොමයක් අපරාධ අතරට ලිංගික අපරාධද එකතු වි ඇත. මේනිසා වර්තමාන සමාජය විශේෂයෙන් කාන්තාවන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බව කණගාටුවෙන් වුවත් පිළිගැනීමට සිදුව ඇත. කාන්තාවන්ට ලිංගික හිංසනයක් සිදුවීම පමණක් නොව මෙවැනි ලිංගික අපරාධ වල පසු ප්‍රතිඵල ලෙස සමාජයන් තුල ඉතා භයානක සමාජරෝග පවා පැතිර යාමේ අවධානමක් මතුව ඇත. ඒබව ලෝක සෞඛ්‍යය සංවිධාන වාර්ථා වලින්ම තහවුරු කෙරී ඇත. බටහිර ලොකය මේවා ගැටළු ලෙස දැක්කේද ඉතා පසුකාලිනවය. නමුත් පුරාණ භාරතීය සමාජය තුල ගොඩ නැඟුනාවු ආයුර්වේදය විසින් කාන්තාසේවනය(පුරුෂ කේන්ද්‍ර සමාජයක් විම නිසා සෑමවිටම පුරුෂයා කාන්තාවට වඩා නිදහස් අයෙකු විය) කිරීම පිළිබඳව නිවැරදිව අධ්‍යාපනයක් සමාජයට ලබා දිමට කටයුතු කර ඇත්තේ මීට ශතවර්ශ බොහෝ ගණනාවකට පෙරදිය. ආයුර්වේදය යනු මුල මැද සහ අග දාර්ශනික සම්බන්ධයක් සහිත වෛද්‍යක්‍රමයක් බව මනාව පෙන්නුම් කිරීමට මෙම විෂය කොටස වුවද යොදා ගත හැක. එහිදී වෛද්‍ය විද්‍යාත්මකව සහ ආචාර විද්‍යාත්මකව එකිනෙකට සම්බන්ධවු අරමුණු දෙකක් එකවිට ආවරණය කරගන්නේ කෙසේදැයි හොදින්ම පෙන්වා දි ඇත. වෛද්‍යග්‍රන්ථයක් ලෙස පමණක් ගෙන හෝ වෛද්‍යකර්මයක් ලෙස පමණක් ගෙන ආයුර්වෙද කියවන්නෙකුට හෝ ආයුර්වේදය හැදින ගන්නා අයකුට මෙම කොටස් මගහැර යාම ස්වාභාවිකය. කෙනෙකුට රෝගයකට ප්‍රතිකාර කිරීම සඳහා මෙවැනි ආචාර විද්‍යාත්මක උපදෙස් වල ඇති වැදගත්කම කුමක්දැයි සිතෙනු ඇත. නමුත් හොදින් විමසා බලන්නේ නම් මෙවැනි කොටස් වල ඇති වෛද්‍ය විද්‍යාත්මක සම්බන්ධතාවයන් මනාව වැටහෙනු ඇත. ස්ත්‍රීසේවනය සම්බන්ධ විශේෂ උපදෙස් යන උප මාතෘකාව යටතේ සුශ්‍රැත සංහිතා චිකිත්සාස්ථාන විසි හතර වැනි අධ්‍යායය තුල හමුවන මෙම කොටස සුවිශේෂී වන්නේ එහෙයිනි. එම අධ්‍යායය හඳුන්වා ඇත්තේ අනාගතාබාධ ප්‍රති‍ශේධනීය චිකිත්සිත නම් අධ්‍යායය ලෙසයි. පහත විස්තර කෙරෙනුයේ එහි දක්වා ඇති අදහස්ය.

ස්ත්‍රිසේවනය සම්බන්ධ අනාගතාබාධ ප්‍රති‍ශේධනීය චිකිත්සිත නම් අධ්‍යායයේ විස්තරය……

happy coupleහොඳ-නරක සහ හිත-අහිත දන්නා පුරුෂයා අධික ස්ත්‍රිසේවනය කෙරෙන් තමා රැකෙන්නේය යන පාඨයත් සමගින් මෙම අධ්‍යායයේ ස්ත්‍රිසේවනය සම්බන්ධ විශේෂ උපදෙස් යන උපමාතෘකාව යටතේ වන කරුණු ආරම්භ වේ. එම පාඨයෙන් අදහස් කර ඇත්තේ බුද්ධිමත් පුද්ගලයා ඉතා බුද්ධිමත්ව කටයුතු කර තම ලිංගික ආශාවන් ඉටුකර ගන්නා අතරම සතුටත් නිරෝගි කමත් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් බවයි. එසේ කටයුතු කරන්නේ කෙසේදැයි නොදන්නා අයට දැන ගැනිම පිණිස මෙම කරුණු දක්වා ඇති බව ව්‍යංගයෙන් පැවසෙන අරුතයි. මෙහි උප මාතෘකාව යටතේ දක්වන කරුණු ස්ත්‍රීපුරුෂ දෙපාර්ෂවයටම එකසේ ගැලපේ. හුදෙක් පුරුෂයන්ට පමණක් අනුගමනය කල යුතු කරුණු නොව පුරුෂ සේවනයේදි ස්ත්‍රීන්ද දැනසිටිය යුතු කරුණූ වන්නේ මේවාය. එහි වෙනසක් නැත. එවැවින් දෙපාර්ශවයම මෙම විෂය කොටස අදාල කර ගත හැක.
අධිකව ස්ත්‍රිසේවනය/පුරුෂසේවනය හේතු කොට ගෙන සේවනය කරන්නාට මෙන්ම සේවනය ලබන්නාටද ශූල-කාස-ජ්වර-ශ්වාස-කෘශත්ව-පාණ්ඩු-ක්ෂය-ආක්ෂේපක ආදී රෝග ඇතිවන බව ආයුර්වෙද මතයයි. මෙම වර්තමාන බටහිර වෛද්‍යවරුන්ද පිලිගෙන ඇති කරුණකි. ස්ත්‍රීසේවනය/පුරුෂසේවනය විෂයයෙහි සංවර වන අය ආයුෂමත්-ජරා රහිත-සුන්දර දේහ-බල-වර්ණ යන මේවායින් සමන්විතයෝ වන බව ආයුර්වේදය නැවතත් කියා සිටියි. මෙයද ඉතාම පැහැදිලිව වර්තමානයේ ඔප්පු වි ඇති කරුණකි. ලිංගික ජීවිතය ඉතා සංවරව සහ ක්‍රමවත්ව පවත්වා ගෙන යන අයගේ සිරුරේ ඇතිවන්නාවු වෙනස්කම්ද මෙහිදි දක්වා ඇත. ඇඟමස දැඩි වීම සහ පුෂ්ටිමත් විම සිදුවන බව දක්වා ඇත.
විශේෂයෙන් තම සහයකයා සහ සහයිකාව සමග ලිංගිකව එකතුවිය යුතු කාලය සම්බන්ධයෙන් වෛද්‍ය ඇසින් පළමුවරට මතයක් ඉදිරිපත් කර ඇත්තේ ආයුර්වේදයයි. එම මතයට අනූව සියලුම සෘතු වල දී තුන්දිනෙකට එක් වරක්ද, ග්‍රීෂ්ම සෘතුවේ දී දෙසතියකට වරක්ද පුරුෂයා සහ ස්ත්‍රිය සම්භෝගයේ යෙදිය යුතු බව පිළිගෙන ඇත.
සම්භෝගය සඳහා තම විරුද්ධ ලිංගිකයා ලෙස තොරා නොගත යුතු අයද දක්වා ඇත්තේ වෛද්‍ය ඇසින් සේම සඳාචාර ඇසින්ද බලා බව සම්භෝගයේ නොයෙදිය යුතු යැයි දක්වා ඇති පිරිස විමසිමෙදි පැහැදිලි වේ.
• සෘතුමතිය(මල්වර වු ස්ත්‍රිය) මෙයට වැඩිමහළු වියට පාතැබු තරුණයාද දැක්විය හැකිය.
• තමන් නොකැමැති තැනැත්තිය/තැනැත්තා
• කිළුටු-අප්‍රිය-තම හට වඩා වංශවත්-වයසින් වැඩි තැනැත්තිය/තැනැත්තා
• රෝග පිඩිත-හීන වූ අවයව යුක්ත තැනැත්තිය/තැනැත්තා
• ගර්භිණි ස්ත්‍රිය
• ද්වේෂ කටයුතු තැනැත්තිය/තැනැත්තා
• යෝනි රෝගයෙන් පීඩිත ස්ත්‍රිය/ සමාජ රෝග වලින් පෙ‍ලෙන විරුද්ධ ලිංගිකයන්
• සමාන ගෝත්‍රවත් වනිතාව(අද ප්‍රතික්‍ේෂප කරනා ලේඥාති විවාහයේ අරමුණ වන්නේද මෙයයි)
• ගුරුභාර්යාව/ ගුරුස්වාමියා
• පරස්ත්‍රිය/පරපුරුෂයා
• පැවිදි වු තැනැත්තිය/පැවිදි තැනැත්තා
යන මේ කණ්ඩායම් වලට අයත් සමග සම්භොගයේ නොයැදෙන ලෙස ආයුර්වේදයේ දක්වා ඇත. අද වාර්තා වන බොහොමයක් ලිංගිකඅපරාධ වලදි අගතියට පත් පාර්ශව ලෙස වාර්ථා වන්නේ ඉහත ප්‍රතික්ෂේප කරන්නැයි දක්වා ඇති අයවලුන් නොවන්නේද?
සම්භොගයේ යෙදීමට සුදුසු නොවන දවසේ කාලයන් සහ ස්ථානයන්ද මෙහි විස්තර කර ඇත.
• සන්ධ්‍යා කාලය
• උත්සව සමය
• සංක්‍රාන්ති ඇති දවස්
• ගොම්මන් වේලාව
• අඩ රැයෙහි
• මද්දහනේහි
• ලැජ්ජා බහුල තැන්හි(ප්‍රසිද්ධ ස්ථාන)
• නො ඇවුරු ස්ථානයෙහි(විවෘත ස්ථාන)
• කිළුටු වූ ස්ථාන
මේ මෛථුන සේවනයට සුදුසු නොවන ස්ථාන බව දක්වා ඇත. මෙහි no sex in publicසදාචාරාත්මක සහ සමාජ විද්‍යාත්මක අංශයක් ඇත්තා සේම නොපෙනෙන වෛද්‍යවිද්‍යාත්මක අංශයක්ද ඇති බව ආයුර්වේද දෘෂ්ටියෙන් බලනා ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. මෛතුන්‍යය සේවනයේ යෙදිමට සුදානම් වන පුරුෂයා/ස්ත්‍රිය පහත දැක්වෙන අපහසුතා වලින් පෙලෙන්නේ නම් එම කාර්යයයෙහි නෙයෙදිය යුතු බව මුලග්‍රන්ථයේ තව දුරටත් දක්වා ඇත. බඩ සය-රෝගපීඩා-සිත් බිය-වාත මල මුත්‍රා යන මේවායේ වේග-පවස-දුබල බව යන තත්ත්වයන් එහිදි සැලකීමට භාජනය වි ඇති රෝගපිඩාවන්ය. මෙහිදි සභ්‍ය නෙවෙන එසේම පිළිගත් ක්‍රමවේදයන්ට අනුකුල නොවන ආකාරයන්ගෙන්ද සම්භෝගයේ නොයෙදිය යුතු බව දක්වා ඇත. එය දක්වා ඇත්තේ පහත පරිදිය. “තිරශ්චීනයෝනින්හි මෙන්ම අයෝනීන්හි(යෝනි නොවන තන්හි) ද මෛථුනය නොකරන්නේය, ඒබඳු අවස්ථා‍වන්හි දී පැමිණි ශුක්‍රවේගය ද දරා ගන්නේය. බලවත් පුරුෂයෙක් වුවත් ස්වභාවයෙන් දුෂ්ට වූ යෝනියෙහි අධික මාත්‍රාවෙන් ශුක්‍රවිසර්ජනය නොකරන්නේය(වළක්වන්නේය). ”
මෛතුන්‍යය සේවනයේදි නොයෙදිය යුතු ඉරියව්වන් වෛද්‍යකර්මයක දක්වා ඇත්නම් ඒ ආයුර්වේදයේය. රමණය හිටගෙන හෝ පුරුෂයා උඩුකුරුව සිට හෝ මෛථුනය කිරීම ගර්හිත හෙයින් සෙල්ලමක් වශයෙන් හෝ ඒ නින්දිත කාර්යය නොකරන්නේය. එසේම එම කාලයේදී ලලාටසංවරණය වර්ජනය කල යුතු බව දක්වයි.
සම්භොගයේ නොයෙදිය යුතු විරුද්ධ ලිංගිකයින් සේම නෙයෙදිය යුතු අවස්ථා සහ ස්ථාන වල එම කාර්යයෙහි යෙදෙන්නේ නම් සිදුවන හානියන්ද සැකවින් දක්වා ඇත. එහෙයින් මේ සියල්ල අත්හැර දැමිය යුතු අවස්ථා බවත් එසේ නොකොට සේවනයේ යෙදුනහොත් එයායේ ප්‍රතිඵල දෙලොවටම(වෛදය විද්‍යාත්මකව සේම ආචාර විද්‍යාත්මකවද) අහිත-අවැඩ පිණිස පවතිනු ඇති බව දක්වා ඇත.
• මල්වර වැ සිටුන ස්ත්‍රිය වෙත එළඹෙන ඉන්ද්‍රිය පරායණ වූ පුඟුලා ගේ දෘෂ්ටි-ආයුෂ-තේජස් යන මේවාට හානි සිදුවන්නාක් මෙන් ම පව් ද සිදු වන්නේය.
• පැවිදි වු ස්ත්‍රිය, ගුරු බිරිය , සගෝත්‍ර ස්ත්‍රිය(එකම වංශවතිය-ඥාති ස්ත්‍රිය) , මහළු අඟනය ‍යන මොවුන් සමග මෛථුනය කල කල්හිද, උත්සව දවස් , සංක්‍රාන්ති ඇති දවස්, උදය කාල, සැන්දෑ කාල යන මේවායෙහිද මෛථුනය කල විටද ආයුක්ෂය වන්නේය/ආයුෂ කෙටි වන්නේය.
• ගැබිණිය වෙත එළඹිමෙන් ගර්භපීඩාද, රෝගපීඩිත ස්ත්‍රිය සමග සඞගමය කිරීමෙන් බලක්ෂයය ඇති වන්නේය
• හීන අවයව යුක්ත-කිළුටු-ද්වේෂය කටයුතු-වඳ යන මේ ලකුණු සමන්වීත වු ස්ත්‍රින් වෙත එළඹිමෙන් චිත්තක්ෂයයද වන්නේය.
• අනාවරණ ස්ථානයන්හිදි මෙන්ම අපවිත්‍ර ස්ථානයේදී ස්ත්‍රි සඞගමය කිරීම හේතු කොට ගෙන ශුක්‍රක්ෂයය හා චිත්තක්ෂයය හා සිදු වන්නේය.
• සයින් හෝ පවසින් හෝ පිඩිතව හෝ බිය සිතින් යුතුවැ ස්ත්‍රිගමනය කිරීමෙන්ද, මද්දහනේදී ස්ත්‍රින් වෙත එළඹිමෙන්ද, දුබල අවස්ථාවේදී ස්ත්‍රිගමනය කිරීමෙන්ද, සිටගෙන මෛථුනයේ යෙදීමෙන්ද ශුක්‍රක්ෂය-වායුකෝප යන දෙක විදින්නට සිදවන්නේය.
• අධික විසින් ස්ත්‍රිසඞගමය කිරීමෙන් ශුක්‍රක්ෂය වැ ශෝෂ රෝගය හටගනී.
• රෝගපීඩිතව සිටියදී මෛථුනය කිරීමෙන් රුජා-ප්ලීහ-මුර්ච්ඡා-මරණ යන මේවා ඇති වන්නේය.
• අළුයම සහ අඩ රැයෙහි හා ස්ත්‍රීගමනයෙන් වායුව හා පිත හා කුපිත වන්නේය.
• තිරශ්චීන යෝනි-අයෝනි-දුෂ්ටයෝනි යන මේවායෙහි මෛථුනය කිරීමෙන් උපදංශ-වාතකෝප- ශුක්‍රක්ෂයයන මේවා උපදනේය.
• මලවේගයෙන් හෝ මුත්‍රාවේගයෙන් පීඩිතව සිටියදී මෛථුනය කල විටද, ශුක්‍රවේගය දැරු කල්හිද, උඩුකුරුව සිට මෙවුන්දම සෙවු විටද ශීඝ්‍රව ශුක්‍රාශ්මරී රෝගය උපදනේය.
එසේම මෙම මාතෘකාව අවසාන කිරිමට වැදගත් උපදෙස් කිහිපයක් සේම පිළිගැනීම් කිහිපයද එකතු කිරීමට සුශ්‍රැත ආචාර්යවරයා කටයුතු කර ඇත.
පැමිණි ශුක්‍රවේගය මොහයෙන් මුලාවැ කිසිවිටෙකත් නොදැරිය යුතුය. ඉන් අදහස් කරඇත්තේ හැගීම් නැත්තෙකු සේ තම ශරීර අවශ්‍යතාවයන් පාළනය කරගෙන නොසිටිය යුතු බවයි. අභිලාෂය සහිත වැ, ප්‍රීතිසිතින්ද යුක්තව වාජිකරණ ඖෂධ වර්ග සේවනය කිරිමෙන් ලත් බලයද ඇතිව අභිලාෂවත් වුත් හර්ෂය සහිත සිතින් යුක්තවුත් වයස-රූප-ගුණ-සමාන සිත්-අනුකූලගුණ යන මේවා විහිත අයුරින් ඇත්තා වුත් ලලනාව/පුරුෂයා සමග මෛථුනය කිරීම තුලින් පුද්ගලයාගේ සිරුරේ නිරෝගි බවත් සමාජයේ යහපත් පැවැත්මත් ආරක්ෂා වි තහවුරු වන බව සුශ්‍රැත ආචාර්යවරයා තම ග්‍රන්ථය තුල පවසා ඇත. මෛථුනය කිරීමෙන් පසු සීනී සහිත වු කෑම වර්ග, සීනි යුක්ත කල එළකිරි, මස්රස යන මේවා නිසි සේ සේවනය කරන්නේය. ස්නානය, පවන් සැලීම, නිදීම යන මේවා ද හිතකර බව වැඩිදුරටත් එකතු කර ඇත.
ස්ත්‍රීපුරුෂ වශයෙන් ඒ ඒ කාලයෙදී සිරුර තුල ඇතිවන්නාවු ශාරීරික සහ මානසික අවශ්‍යතාවයන් සුදුසු පරිදි බුද්ධිමත්ව තර්පනය කර ගත යුතුය යන්න ආයුර්වේදය පිළිගෙන ඇත්තේ එපරිද්දෙනි. පුළුල් දැක්මකින් සහ අර්ථසම්පන්න භාවයක් නොමැතිනම් මෙවැනි ‍දර්ශනික වෛද්‍යක්‍රමයක් ගොඩ නැගිය නොහැකිය. එනම් මෙය සැබෑම දර්ශනයකි. සාමාන්‍ය දර්ශනයක් නොව විද්‍යාත්මක දර්ශනයකි.