ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ලොවටම හිසරදයක් වන ඉබොලාව……
(කාලින අවශ්‍යවතාවයක් වන බැවින් ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ ඇති තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සකසා ඇත.)
 

පසුබිම

තාක්ෂණය විද්‍යාව කොතරම් දියුණු වුවත් දින දින ලොව කොතැනකින් හෝ එම විද්‍යාවට අභියෝග කරනා, එහි අසම්පූර්ණ බව නැවතත් මතක් කර දෙන ebola virusකුමක් හෝ දෙයක් සිදුවන්නේය. නැතිනම් බිහිවන්නේය. මානව පිටපත් නිර්මාණය කිරීමට, සිරුරම බද්ධ කිරිමට තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් ලොව පැවතියත් එයටද ජයගත නොහැකි රෝග මිහිමත ඇතිවන්නේ එබැවිනි. එවැනි රෝගයක් පසුගිය සියවසේ ලොව බුද්ධිමතුන් ලැජ්ජාවට පත්කරමින් සමස්ථ ලොකයා වෙතම තම දබරැගිල්ල එසවිය. එසේ එසවු දබැරැගිල්ල පහත දමා ගැනිමට මේ වන තුරුත් කිසිදු වෛද්‍ය විද්‍යාඥයෙකුට හැකිවි නැත. “මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය” නැතිනම් HIV විසින් තවමත් ප්‍රතිකාර නොමැති රෝගයක් ලෙස “ඒඩ්ස් රෝගය” මානව ශිෂ්ඨාචාරයටම අභියෝගයක් කර ඇති පසුබිමක විසි වැනි සියවසේ හිස එසවු ඒඩ්ස් රෝගයේ විසි එක්වැනි සියවසේ සොහොයුරා ලෙස තවත් ප්‍රතිකාර නොමැති මාරාන්තික වෛරස රෝගයක් ලෙස EVD හිස ඔසවමින් සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) මේ වන විටත් අනාගත ලොකයට පැහැදිලි ලෙසම පිලිලයක් විය හැකි රෝගයක් ලෙස මෙම වෛරස් රෝගය හඳුන්වා දි ඇත්තේ එය එතරම් ම මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන බැවිනි.

කුමක්ද මේ EVD කියන්නේ?

ඉබෝලා වෛරස් රෝගය වෛරස් රෝග කාණ්ඩයට අයත් උණ රෝගයක් ලෙස හඳුන්වා දිය හැක. ඉංග්‍රිසි භාෂාවෙන් එය හඳුන්වන්නේ Ebola virus disease(EVD) නැතිනම් Ebola hemorrhagic fever යන නාමයෙනි. මෙම රෝගය අයත් වන්නේ නිශ්චිත ප්‍රතිකාර තවමත් සොයා ගෙන නැති එසේම මිනිසාට පහසුවෙන්ම මරණය අත්කර දිය හැකි තිව්‍ර රෝග තත්ත්ව(Acute Disease) යටතටය. ඒඩ්ස් වෛරසය සේම ඉබෝලා වෛරසයද පළමුවරට ebola draftමිනිසාට සංක්‍රමණය වන්නට ඇත්තේ අප්‍රිකානු වන සතුන් තුලින් බවත් දැන් එය මිනිසුන්ගෙන් මිනිසුන්ට ව්‍යාප්ත වන තත්ත්වය දක්වා පැතිරි ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමයි. එය සනාථ වන්නේ ඉබෝලා වෛරසය නැතිනම් ඊවිඩි රෝගින් බටහිර විද්‍යාඥයින් පළමු වරට සොයා ගනු ලබන්නේ වර්ෂ 1976 තරම් ඇත කාලයකදී මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයන් වන කොන්ගෝ රාජ්‍යයේදි සහ සුඩානයෙන් විම තුලිනි. මෙම වෛරසය සහ රෝගය ආරම්භය අප්‍රිකානු වන සතුන් තුල සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉබෝලා යන නාමය මෙම වෛරසයට සහ රෝගයට ලැබෙන්නේ පළමු ඉබෝලා රෝගින් මධ්‍යම අප්‍රිකාවේ ඉබෝලා ගංඟාව ආසන්න ගමකින් සොයා ගැනීම නිසාය. 1976 න් පසුව ක්‍රමයෙන් රෝගීන් බටහිර අප්‍රිකානු රටවල නාගරික මෙන්ම ග්‍රාමිය ප්‍රදේශ වලින්ද හමුවන්නට විය. එහෙත් පසුගිය දශක හතරකට ආසන්න කාලය පුරාවට මෙම රෝගය ගැන වර්ථා වු ප්‍රමානයට සාපේක්ෂව බැලු කල වර්ෂ 2014දි බටහිර අප්‍රිකානු රටවලින්(ගිනියා, සියරාලියෝන්, ලයිබීරියා, නයිජීරියා, සෙනගල්) විශාල සහ වඩාත් සංකීර්ණ ඉබෝලා රෝගින්ගේ වාර්තා විමක් සිදුවන්නේය. මෙම රෝගය ගැන ලෝකයා වඩාත් ඕනෑකමින් අවධානය යොමු කරන්නේ ඒ සමගය. මීට පෙර වර්ථා වු වසංගත අවස්ථා සියල්ලටම වඩා බරපතල වශයෙන් මෙම අවස්ථාවේ රෝගින් වාර්ථා විම සහ මර්ණ වාර්ථා වෙමින් පවති. රෝග ආසාධිතයන්ගෙන් 50%ක ප්‍රතිශතයකට වඩා රෝගය නිසා මිය යාමේ සම්භාවිතාවයක් ඇති හෙයින් එය ඉදිරියේදි ලෝක සෞඛ්‍ය තත්ත්වයන්ට බරපතල තර්ජනයක් විය හැකි බව මේ වන විටත් පුරෝකථනය කර ගෙන හමාරය. කොතරම් දියුණු තත්ත්වයට වෛද්‍යවිද්‍යාව පත්ව තිබුනද මෙම රෝග ව්‍යාප්තිය වැලැක්වීමට සාර්ථකම අවිය වි ඇත්තේව ප්‍රජාව දැනුවත් කිරිම හරහා සිදුවන ප්‍රජාමුල සෞඛ්‍ය නිරෝධායනයයි. නමුත් මෙම රෝග තත්වය බරපතල ලෙසම ආක්‍රමණය කර ඇත්තේ මානව සහ යටිතල පහසුකම් නිසි පරිදි දියුණු වි නැති ප්‍රජා සෞඛ්‍ය සේවය ඉතාම දුර්වල රටවල විම ස්වභාවධර්මයා විසින් මිනිසාට කල සරදමක් වැනිය. මේ වෛරසයේ ක්‍රියාකාරිත්වය මර්ධනය කල හැකි පිළිගත් නිශ්චිත ඖෂධීය ප්‍රතිකාරයක් හෝ ප්‍රතිඉබෝලා එන්නතක් හඳුන්වා දිමට වෛද්‍යවරුන් තවමත් සමත්ව නැති මුත් විවිධ ප්‍රතිශක්තිකරණ ඖෂධ ප්‍රතිකාරයන් පර්යේෂණ මට්ටමේ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබිම එක්තරා මට්ටමකට බලාපොරොත්තු ඇතිකරවන්නකි.

රෝගය ව්‍යාප්තිය

ඉබෝලා වෛරස කාරකයන් ලෙස ප්‍රධානව හඳුනාගෙන ඇත්තේ Pteropodidae කුලයට අයත් පළතුරු වවුලන්ය. අප්‍රිකානු වැසි වනාන්තර වල ජීවත්වන චිම්පන්සීන්, ගොරිල්ලන්, වඳුරන්, පළතුරු වවුලන්, ඇන්ටිලෝප් මුවන් සහ ඉත්තෑවන් වැනි සත්ත්ව විශේෂ වලට අයත් මෙම වෛරසයට ආසාධිත සතුන්ගේ රුධිරය, විවිධ ස්‍රාවයන්, ඉන්ද්‍රිය කොටස් සහ වෙනත් ශරීර ස්‍රාවයන් ස්පර්ශය හෝ අනුභවය මාර්ගයෙන් අප්‍රිකානු කලාපයේ ජීවත් වන ජනතාව වෙත ඉබෝලා වෛසරය ඇතුළු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මිනිසාගෙන් මිනිසා වෙත ඉබොලා වෛරසය සම්ප්‍රේෂණය වන්නේ රෝගි මිනිසුන්ගේ රුධිරය, ශරීර ස්‍රාවයන් හෝ තරල, වෛරසය තිබිය හැකි ඕනෑම දෙයක් සෘජු හෝ වක්‍ර මාර්ගයන්ගෙන් තවත් මිනිසෙකු ‍ස්පර්ෂ කිරිම මගිනි. රෝගින්ට ප්‍රතිකාර සිදුකරනා සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල අයද පහසුවෙන්ම මෙම වෛරසයට ගොදුරු වි සිටින්නේ වෛරසය ව්‍යාප්ත විමේ මේ ඉතා පහසු ක්‍රමය නිසාවෙනි. එබැවන් රෝගි සත්කාර සේවයේ යෙදෙන සෞඛ්‍ය සහන කණ්ඩායම් වල අයටද තමන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීමට සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සඳහා සහභාගි වන අයටද පහසුවෙන්ම මෙම වෛරසයට නිරාවරණය විමේ මාර්ගය විවර වි ඇත. ආසාධිත පුද්ගලයන්ගේ රුධිරයේ, ශරීර තරලවල, ශුක්‍රතරලයේ සහ තනකිරි වල පවා මෙම වෛරසය අන්තර්ගත වි තිබිය හැක. වෛරසය ආසාධනය වී සිට සුවය ලැබු පිරිමි පුද්ගලයෙකුගේ ශුක්‍රතරලය තුල සති 7ක් යනතුරු වෛරසය ජීවි ආකාරයෙන් තැන්පත්ව තිබෙන බව විද්‍යාඥයෝ සොයා ගෙන ඇත.

ඉබෝලාවේ රෝග ලක්ෂණ

Ebola Infectiousආසාධනය වීමේ සිට රෝග ලක්ෂණ පෙන්වීම දින 2 සිට 21 අතර කාලයකදි සිදුවේ. මිනිසා තුල රෝග ලක්ෂණ උත්සන්න වන තුරු රෝග වාහකයෙක් බවට පත්වන්නෙ නැත. පළමු ලක්ෂණය වන්නේ ක්ෂණිකව ඇතිවන උණ සමග එන තෙහෙට්ටුව, මාංශ පේෂින්ගේ වේදනාව, ශීර්ෂ ශූලය, උගුර බැරන්ඩිය යන ඒවාය. ඒවාට අමතරව ඉන් පසුව වමනය, මල ද්‍රවත්වයෙන් පිටවීම, චර්ම ආසාධනයන් සහ වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වයේ අක්‍රමිකතා යන ලක්ෂණ ඇතිවේ. සමහර අවස්ථා වල අභ්‍යන්තර සහ බාහිර රක්තපාත තත්ත්වයන්ද (විදුරුමස් වලින් ලේ ගැලිම, මල සමග රුධිරය පිටවීම) ඇතිවේ. පරික්ෂණාගාර වාර්ථා තුලින් සුදු රුධිර සෛල සහ රුධිර පට්ටිකා ප්‍රමාණයන්ගේ අඩුවීම සහ අක්මා එන්සයිම වල වැඩිවීම හඳුනා ගත හැක.

රෝග නිර්ණය

මුලිකව මැලේරියාව(malaria), උණසන්නිපාතය(typhoid fever), මොලේඋණ(meningitis) යන  ආසාධන ‍රෝග වලින් වෙන්කර හඳුනා ගැනිම අපහසුය. ඉහත රෝගයන්ගෙන් වෙන්කර ස්ථිර කර ගැනීම සඳහා පහත පරික්ෂන සිදු කල යුතුය.

  • antibody-capture enzyme-linked immunosorbent assay (ELISA)
  • antigen-capture detection tests
  • serum neutralization test
  • reverse transcriptase polymerase chain reaction (RT-PCR) assay
  • electron microscopy
  • virus isolation by cell culture.

රෝගින්ගේ රුධිර සාම්පල ගැනිම පවා ජීවිත අනතරට පත්විය හැකි අවදානම් කාර්යයකි. පරික්ෂණාගාර තුල සිදුකරනා පරික්ෂාවන් පවා සිදුකල යුතු වන්නේ උපරිම ජීව විද්‍යාත්මක ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින්ය.

ප්‍රතිකාර

විජලනය වලක්වා ගැනීම සඳහා සිදුකරන ප්‍රතිකාරයන් (Rehydration) සහ රොග ලක්ෂණයන්ට සිදුකරනු ලබන ලාක්ෂණික ප්‍රතිකාරයන්ගේන් (Symptomatic treatments) මගින් රෝගින් යම් තරමකට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ලැබේ. නමුත් මේ වන තුරුත් පිළිගත් නිශ්චිත ප්‍රතිකාරයක් ඉබෝලා වෛරස් රෝගය සඳහා සොයා ගෙන නැති බැවින් රෝගින් මිය යැමට ඇති අවස්ථා තවමත් ඉතා ඉහල අගයක පවති. නමුත්  එන්නත් සහ ඖෂධ ප්‍රතිකාර පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවති. නමුත් ඒවාද ඇත්තේ තවමත් පරික්ෂණ මට්ටමේ විම තුල මෙම ඉබෝලා වෛරස රෝගය නිසා සිදුවන විනාශය වලක්වා ගැනිමට තව කාලයක් ගතවිම වැලැක්විය නොහැක.

වැලැක්වීම සහ පාලනය

ebola treatmentsමේ වන විට ඉබෝලා රෝගය සඳහා ඇති සාර්ථකම විසඳුම වන්නේ රෝගය සැදීමට ඇති අවස්ථා වලක්වාලීම සහ රෝගය පැතිරී යෑම වැලැක්වීමයි. ඒසඳහා ඉතා සංවිධිත වසංගත පාලන ක්‍රමවේද අනුගමනය කල යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දි ඇති වසංගත පාලන සැලැස්ම තුල වැඩි අවධානය‍ යොමු කල යුතු අංශ කිහිපයක් හඳුනාගෙන ඇත.

• රෝගින් වෙන්කර ගෙන ඔවුන්ට වෙනම ප්‍රතිකාර සිදුකිරිම
• රොගින් සහ නිරෝගි අය හමුවීම වැලැක්වීම සහ ඔවුන් වෙන්කර තැබීම
• ප්‍රශස්ථ පර්යේෂණාගාර සේවාවක් පවත්වා ගෙන යෑම
• රොගය පිළිබඳව ප්‍රජාව හොඳින් දැනුවත් කිරීම
• මියයන පුද්ගලයන් ආරක්ෂා සහිතව භූමදාන කිරීම
• සමාජය ප්‍රජාව සක්‍රියව මේ සඳහා සම්බන්ධකර ගැනිම

යන කරුණූ රෝගය වැලැක්වීම සහ පාලනය සාර්ථකව සිදුකර ගැනීම සඳහා මුලිකව අවධානය යොමු කල යුතු අවශ්‍යතාවයන් ලෙස හඳුනා ගෙන ඇත.

මෙහිදි වනසතුන් හරහා මිනිසාට රෝගය ව්‍යාප්ත විමේ අවධානම අවම කර ගැනීම සඳහා ආසාධිත පළතුරු වව්ලන් හෝ වඳුරන්ගේ මස් ආහාරයට ගැනීම වැලැක්වීම, ‍සතුන් ඇල්ලීමට යාමේදි ආරක්ෂිත අස්වැසුම් සහ ආරක්ෂීත ඇදුම් ඇඳ සිටීම, සත්ත්ව මාංශ ආහාරයට ගැනීමට පෙර දැඩිව පිරිසිදු කර ආහාරයට ගැනිම සඳහා පිස ගැනිම. (Thoroughly cooked before consumption)

මිනිසුන්ගෙන් මිනිසුන්ට රෝගය ව්‍යාප්ත වීමේ අවධානම අවම කර ගැනීම සඳහා ආසාධිත රෝගි තැනැත්තන් සමග සෘජු සමිප ඇසුර අඩු කල යුතුය. විශේෂයෙන්ම ඔවුන්ගේ ශරිර තරල/ස්‍රාව(Body Fluid and secretions) ස්පර්ෂ විම වලක්වා ගත යුතුය. අත්ආවරණ සහ යොග්‍ය පුද්ගල ආරක්ෂක මෙවලම් භාවිතය රෝගි පුද්ගලයින් සමග ගනුදෙනු කිරිමේදි භාවිතය අනිවාර්යය කිරිම. රෝගින් බැලිමට රෝහල් වලට ගොස් පැමිනෙන විට අනිවාර්යයෙන්ම දෙඅත් සෙදීම සිදුකල යුතුය. නිවසේ රෝගින් බලාගැනිමේදි ද මෙම අවශ්‍යතා අඩු නැතිව පිළිපැදිය යුතුය.

වසංගත පාලනය සඳහා ඉබෝලා රෝගයෙන් ආසාධිත වී මිය ගියේ යැයි හඳුනාගන්නා සියළුම තැනැත්තන්ගේ සිරුරු ඉක්මනින් සහ ආරක්ෂිතව භූමදානය කිරිම කල යුතුය. රෝගින්ට නිරාවරණය වන්නට ඇතැයි සිතිය හැකි සැලකිය හැකි අවස්ථාවන්ට මුහුන දුන් අය පිළිබඳව දින 21ක් හොඳ සොදිසි‍යෙන් සිටිම. නිරෝගි අය සහ රෝගි අය වෙන් කර තැබීම තුලින් තවදුරටත් රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම සහ පිරිසිදු පරිසරයක් සහ ස්වස්ථතාව පවත්වාගෙන යෑම  වැනි කරුණු  අවධාරණය කර ගැනීම.

ebola health workersරෝගය සහ රෝගින් සම්බන්ධයෙන් කටයුතු කරනා ‍සෞඛ්‍ය සේවකයින් සහ නිලධාරින් නිතරම ඔවුනට හඳුන්වා දි ඇති සම්මත ආරක්ෂිත උපක්‍රමයන් පිළිපැදිමට කටයුතු කල යුතුය. තමන්ගේ නිරෝගිභා‍වයන් පිළිබඳ පෙර වර්ථා වල රැදි නොසිට තමන්ගේ දෙඅත් වල, ශ්වසන මාර්ගයේ ආරක්ෂාව සඳහා නිර්දේශිත පුද්ගල ආරක්ෂණ උපකරණ පැලඳිමට කටයුතු කල යුතුය. ආරක්ෂිතව එන්නත් කටු රෝගින්ට ඇතුළු කිරිම සහ ආරක්ෂිතව මිය ගිය පුද්ගලයින් භුමදාන කිරිමට සැලකිලිමත් වීය යුතුය. ඉබෝලා වෛරසයට නිරාවරණය වි ඇති රෝගින් සහ ආසාධනය වි ඇතැයි සැක සිතනා රෝගින් සඳහා සත්කාර කරනා සෞඛ්‍ය නිලධාරින් සහ සේවකයින් රෝගින්ගේ රුධිරය සහ ස්‍රාවයන්ද රෝගින් ස්පර්ෂ කරනා උපකරණ සහ ඇඳුම් ආදිය ස්පර්ෂ විම වැලැක්විම සඳහා අමතර ආරක්ෂිත උපක්‍රමයන් භාවිතා කල යුතුය. මිටර් එකකට වඩා ආසන්නයේ සිට රෝගියෙකු සමග කටයුතු කරනා සෞඛ්‍ය සේවකයින් අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ, දිගු අත් ආවරණ පැළඳිම අනිවාර්යය කර ඇත. ක්ෂේත්‍රයේ කටයුතු කරනා සෞඛ්‍ය සේවකයින්ට පමණක් නොව පරික්ෂණාගාර සේවකයින්ටද අවධානමක් ඇති බව පෙන්වා දි ඇත. පරික්ෂණ කටයුතු සඳහා ආසාධිත තැනැත්තන්ගෙන් සහ සතුන්ගෙන් සාම්පල එකතු කරනා සෞඛ්‍ය සේවකයින් ඒ සඳහා හොඳින් පුහුණු වි සිටිම අත්‍යාවශ්‍ය කර ඇත. එසේම ඒ සඳහා පහසුකම් ඇති පරික්ෂණාගාර තිබිය යුතුය යන්න ලොක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ය.

පහත පලවන්නේ 1976 සිට 2012 වර්ෂය දක්වා වාර්ථා වු ඉබෝලා රෝගින් පිළිබඳ සංඛ්‍යා දත්ත සටහනකි. මෙම වාර්ථාවේ 2013 සහ 2014 වර්ෂ ඇතුලත් කර නැත. එහෙත් මේ වන විට ඉබෝලා රෝගය නිසා අප්‍රිකානු කලාපයේ රෝගි වි සිටිනා ප්‍රමාණය 8000කට වඩා වැඩි අතර ඉන් 5000කට වඩා පිරිසක් මිය ගොස් ඇත. මෙම ප්‍රමාණය දිනෙන් දින වැඩි වනවා මිස අඩු නොවන අතර සියල්ලන්ගේම උත්සහය වි ඇති්තේ මෙම වෛරසය අප්‍රිකානු කලාපයෙන් ඔබ්බට පැතිර යාම මේ මොහොතේදි වලක්වා ගැනිමයි. එහෙත් එය එතරම් පහසුවෙන් සිදුකල හැකි වේද යන්න අනාගතයේදි බලාගත හැකි වනු ඇත.

Table: Chronology of previous Ebola virus disease outbreaks

Year Country Ebolavirus species Cases Deaths Case fatality
  • 2012 Democratic Republic of Congo Bundibugyo 57 29 51%
  • 2012 Uganda Sudan 7 4 57%
  • 2012 Uganda Sudan 24 17 71%
  • 2011 Uganda Sudan 1 1 100%
  • 2008 Democratic Republic of Congo Zaire 32 14 44%
  • 2007 Uganda Bundibugyo 149 37 25%
  • 2007 Democratic Republic of Congo Zaire 264 187 71%
  • 2005 Congo Zaire 12 10 83%
  • 2004 Sudan Sudan 17 7 41%
  • 2003 (Nov-Dec) Congo Zaire 35 29 83%
  • 2003 (Jan-Apr) Congo Zaire 143 128 90%
  • 2001-2002 Congo Zaire 59 44 75%
  • 2001-2002 Gabon Zaire 65 53 82%
  • 2000 Uganda Sudan 425 224 53%
  • 1996 South Africa (ex-Gabon) Zaire 1 1 100%
  • 1996 (Jul-Dec) Gabon Zaire 60 45 75%
  • 1996 (Jan-Apr) Gabon Zaire 31 21 68%
  • 1995 Democratic Republic of Congo Zaire 315 254 81%
  • 1994 Cote d’Ivoire Taï Forest 1 0 0%
  • 1994 Gabon Zaire 52 31 60%
  • 1979 Sudan Sudan 34 22 65%
  • 1977 Democratic Republic of Congo Zaire 1 1 100%
  • 1976 Sudan Sudan 284 151 53%
  • 1976 Democratic Republic of Congo Zaire 318 280 88%