ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රෝග සුව කරන ජීවි ශල්‍ය උපකරණය(Bio Surgical Instrument)

 මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා පණූවන් භාවිතා කරනවා යැයි පැවසුවහොත් එය ඔබ විහිළුවක් යැයි සිතනු ඇත. නමුත් එහි සත්‍යතාවයක් ඇති අතර  ඒ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ කුඩැල්ලන්ය. බොහෝ දෙනා බියක් දක්වන සත්ත්ව වර්ග අතර අපෘෂ්ඨවංශි කුඩැල්ලාද සිටියි. නමුත් විශේෂිත රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරිමේදී  සුවිශේෂි දායකත්වයක් ලබා දෙන නැතහොත් කාර්යයභාරයක් ඉටුකරන කුඩැලු විශේෂ කිහිපයක්ද මිහිපිට සිටින බව ඔබ දන්නවාද? නව්‍ය සත්ත්ව විද්‍යා වර්ගීකරණයට අනූව කුඩැල්ලා (Leeches) යනු පණු වර්ගයක් වන අතර Annelida වංශයේ  Hirudinea නැමති  සත්ත්ව උප වර්ගයට (Subclass) අයත් වන ගොඩබිම මෙන්ම ජලයෙහිද මිරිදිය සහ කරදිය බේදයකින් තොරව වාසය කරනා සත්ත්යෙකි. පණුවන් මිනිසුන්ට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන්නේ යැයි පැවසෙන්නේ ඒ අර්ථයෙනි. කූඩැල්ලන් විශේෂ 700ක් පමණ මේ වන විට ලොව පුරා හඳුනාගෙන ඇත. මින් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගන්නා විශේෂ කිහිපය අතර Hirudo medicinalis  නැමති සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන විශේෂය ප්‍රධානය.  Hirudo medicinalis  කුඩැලු වර්ගය ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය තුල මෙන්ම දේශිය වෛද්‍ය ක්‍රමය තුලද ඉතා ඈත අතීතයේ සිටම විශේෂිත ශල්‍ය ප්‍රතිකාරයක් සඳහා යොදා ගෙන ඇති අතර වර්තමානයේද සාර්ථකව යොදා ගැනේ. පුරාණ ග්‍රික ශිෂ්ඨාචාරය තුලද කුඩැල්ලන් මගින් සිදුකරන ප්‍රතිකාර ගැන විවිධ සඳහන් ඇති මුත් වඩාත් විස්තීරණව සහ පදනමකින් යුතුව මෙම ප්‍රතිකාර ගැන හොදින්ම සඳහන්ව ඇත්තේ ආයුර්වේද මුල ග්‍රන්ථ තුලය. බටහිර වෛද්‍යකර්‍මය තුලද මේ වන විට විවිධ ප්‍රතිකාර අවස්ථාවන්හිදි මෙම කුඩැලු ප්‍රතිකාරය භාවිතා කරනු දැක ගත හැක. ශරීරයෙන් රුධිරය බැහැර කිරීම හෙවත් රක්ත මෝක්ෂණය නම්වු විශේෂිත ශෝධන චිකිත්සාමය කාර්යයට මෙම බෙහෙත් කුඩැල්ලන්/දිය පූඩාවන් යොදා ගැනේ. සෘජුවම මෙය ශල්‍ය ප්‍රතිකාරයනට අයත් වන කොටසක් වන අතර  මිනිසුන්ගේ රෝග තත්ත්වයන් සුව කිරීම සඳහා  ජීවී සත්ත්වයින් සෘජුවම ප්‍රතිකාර උපකරණයක් ලෙස යොදා ගත් ලොව ප්‍රථම අවස්ථාව ලෙස හඳන්වා දිය හැකිය. දිය කුඩැල්ලන්ට අමතරව ආයුර්වේදය තුල විවිධ ශල්‍ය කර්‍ම ප්‍රතිකාරයන් වලදී විවිධ සත්ත්ව වර්ගයන්ගේ ජීවි අවස්ථා  විවිධ කාර්යයන් සඳහා උදා:විශේෂිත කුහුඹු වර්ග ශල්‍ය කර්ම සිදුකල ස්ථාන සවි කර තැබීමට  යොදා ගෙන ඇත. එහෙත් ඒවා පසු කාලීනව අභාවයට ගොස් ඇත්තේ ඒ සඳහා වඩා ඵලදායි ආදේශකයන් හමු වීම නිසා වන්නට පුළුවන. එහෙත් දිය පුඩාවන්‍ විසින් සිදු කරන කාර්යයට ආදේශකයක් මේ වන තුරු සොයා ගැනීමට හැකිවි නැත. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නේ කෙසේද දිය පුඩාවන් විසින් පිරිසිදු රුධීරයෙන් අපිරිසිදු රුධිරය වෙන්කර ගන්නේද ඒ හා සමානවය. මෙහිදි අපිරිසිදු රුධිරය සේම සැරව(Puss cell) සෛලද අනෙකුත් අනවශ්‍ය ද්‍රව කොටස් මෙම දිය පූඩාවන් විසින් උරා බොනු ලැබේ. තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කර සකසා ඇති ඉතා නවීන උපකරණ වලින් පවා එලෙස රුධිරය තුලින් හොද සහ නරක රුධිරය වෙන්කර ගැනීමට හැකියාව තවම ලැබී නැත. රුධිරය පෙරිමට භාවිතා කරන වර්තමාන නවින තාක්ෂණික රුධිර කාන්දුකරණ ක්‍රම සහ උපකරණ වලින් රෝගියාට ඇතිවන අමතර ආබාධ සැලකුවද දිය පුඩාවන් ඉතා ආරක්ෂා සහිත සහ ඵලදායි කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ඉදිරියෙන් සිටියි. තවද මෙමගින් සිදුවන්නේ රුධිරයයේ හොඳ සහ නරක කොටස් වෙන්කර රුධිරය පෙරා ඉවත් කිරීම පමණක් ‍නොව රෝග සුවයක්ද ලබා දීමක් වන අතර එවැනි කාර්යයක් සිදුකරන රුධිර කාන්දුකරණ කෘතිම උපකරණයක් තව සියවස් දෙක තුනක් ගතවුවද නවීන විද්‍යාව තුලින් නම් බිහි නොවන බව පැහැදිලිය.

රක්ත මෝක්ෂණය මගින් සුවකල හැකි රෝග

කල් ගතවු කුෂ්ඨ, වාතරක්ත  නිසා ඇතිවන ව්‍රණ තත්ත්ව, ග්‍රන්ථි අර්බුද, අර්ශස්, නේත්‍ර රෝග සහ කල්ගතවු ව්‍රණ ‍‍යන රෝග අවස්ථාවන් සඳහා ප්‍රධානව මෙම ප්‍රතිකාරය භාවිතා කෙරේ. අධිමන්ථ(ග්ලුකෝමා/Glucoma) රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ප්‍රථිඵල අත්කර දීමට බෙහෙත් කුඩැල්ලන් මාර්ගයෙන් සිදුකරන රක්ත මෝක්ෂණ  ප්‍රතිකාරයට හැකිවි ඇත. මීට අමතරව ඇස පැසවීම, ඇසට පහර වැදීම, වැටීම් තැලීම් ආදියෙන් ඇතිවන්නාවූ ඇසේ රෝග තත්ත්වයන් ‍බොහොමයක් සඳහාද එම අවස්ථාවේදීම  සිදුකරන දිය පුඩා ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රථිඵල අත් කර ගත හැක. නහර ගැට ගැසීම හෙවත් ශිරා ග්‍රන්ථි (Vericose veins) අවස්ථාව සඳහාද මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කල හැක.

රෝග සුවකිරීම සඳහා ලෝකයේ භාවිතා කරනා සාර්ථකම ජීවි ශල්‍ය උපකරණය මෙයයි. මීට අමතරව දැන් විශේෂිත පණු වර්ග යොදා ගෙන කල් ගතවු සහ නරක් වු සෛල හා පටක කොටස් කාදැමිම හරහා සුව කල නොහැකි තුවාල සුව කරගැනිමේ ශිල්පීය ක්‍රමයක් බටහිර වෛද්‍යවරුන් අත්හදා බැලෙමින් පවති. එසේම මත්සයින් ආධාරයෙන් සිදුකරන නරක්වු සෛල හා පටක කොටස් ඉවත් කිරිමේ ක්‍රමයක්ද දැන් ජනප්‍රිය වෙමින් පවති. එසේ වුවත් මෙම ක්‍රම සඳහා තවමත් නිශ්චිත පදනමක් හෝ විද්‍යාත්මක පසුබිමක් සැකසි නැත.

ජීවි ශල්‍ය උපකරණයක් ලෙස භාවිතා කරන බෙහෙත් කුඩැල්ලන් ප්‍රතිකාර සඳහා භාවිතා කිරිමේදී වෛද්‍යවරයා සතුව ඉතා බරපතල වගකීමක් පැටවෙන්නේ නිරායාසයෙනි. අනෙතුක් ඖෂධ සහ උපකරණ මෙන් නොව මෙහිදි භාවිතා කරන්නේ ජීවි සත්ත්වයෙකි. පණ ඇති වස්තුවකි. එම සත්ත්වයා අප අපගේ කාර්යය ඉටු කරවා ගැනීම සඳහා යොදා ගැනිමේදි ඇතිවිය හැකි සියලුම අවධානම් සහගත අවස්ථා සඳහා වෛද්‍යවරයා සුදානම්ව සිටිය යුතුය. වෛද්‍යවරයා තමා ප්‍රතිකාරයට භාවිතයට ගන්නා කුඩැල්ලන් රක්ත මෝක්ෂණ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට නිර්දේශිත නිර්විෂ කුඩැල්ලන් වර්ගයට අයත් දැයි නිශ්චිතවම හඳුනා ගැනීමේ සිට ප්‍රතිකාර සඳහා යොදා නොගන්නා විෂ සහිත කුඩැල්ලන් සහ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා විෂ රහිත කුඩැල්ලන් වර්ග ගැන හොදින්ම දැන සිටිය යුතුය. ආයුර්වේද මුල ග්‍රන්ථ වල කුඩැල්ලන් වෙන වෙනම හඳුනා ගන්නා ආකාරය දක්වා ඇත.  එපමණක් නොව  ජලෞකා/බෙහෙත් කුඩැල්ලන්  ප්‍රතිකාරය සිදුකිරිමේදි රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලැවැත්වෙන සියළුම අවස්ථා සහ පශ්චාත් උපද්‍රව අවස්ථා ඇතිනොවන අයුරින් එම ප්‍රතිකාරය සිදුකල යුතු ආකාරය ගැනත් ‍මූල ග්‍රන්ථ වල සඳහන්ය. රක්ත මොක්ෂණ ප්‍රතිකාර සඳහා සුදුසු රෝගින් සේම නොසුදුසු රෝගීන්ද ප්‍රතිකාර සාර්ථක විමේ ලක්ෂණ සහ අසාර්ථක විමේ ලක්ෂණද දක්වා ඇත.