ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රවි කන්‍යා රාශියට පිවිසීමත් සමග කෝණ මාසය ඇරඹේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව ජ්‍යොතිෂ කරුණු පිළිබඳව කෙතරම් සංවේදී ව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමේදී අපගේ විමසුමු ඇස යොමු වන ප්‍රධාන කාරණයක් වන්නේ කෝණ මාසයයි. අකුරු ශාස්ත්‍රය නොදන්නා, හේනට පැලට යන ගැමියා කෝණ ලැබු බව කියයි. එමෙන්ම සුබ කටයුතු මේ කාලය තුල සිදු නොකිරීමට ද වග බලා ගනිති. විශ්වය, සෞරග්‍රහ මණ්ඩලය අංශක 360ක වෘත්තයකි. මෙහි අංශක 90 කෝණ 04ක් ඇත. මේ කෝණ හතරට අයත් රාශිවලට සූර්යාගේ පැමිණීම කෝණ මාසයක් ලෙස සලකයි. 2015.09.17 දින දහවල් 12.20ට පමණ රවි කන්‍යා රාහියට පැමිණි අතර 2015 ඔක්කොබර් මස 17 රාත්‍රී 12.16 දක්වා කන්‍යා රාශියේ රැඳී සිටින්නේය. මේ කාලය / මාසය කෝණ මාසය ලෙස හඳුන්වනු ලබයි.

01. මිථුන රාශියට රවිගේ පැමිණීම
02. කන්‍යා රාශියට රවිගේ පැමිණීම
03. ධනු රාශියට රවිගේ පැමිණීම
04. මීන රාශියට රවිගේ පැමිණීම

මෙම රාශි පොදුවේ ගත් කල බුධට හා ගුරුට අයත් වන අතර උභය රාශීන්ය. මෙම රාශි හතරම සාත්වික ගුණයෙන් යුතු රාශීන්ය. මෙම සාත්වික රාශීයට පැමිණෙන් රවි ද සාත්වික ගුණයෙන් යුතු නිසා රාශියේ හා ග්‍රහයාගේ ගුණ සමාන තත්ත්වයට පත්වේ. එබැවින් මෙම කාලයේ කරන ලෞකික ජීවිතයේ දියුණවට අදාල කටයුතුවලට බාධා පැමිණේ. නැතහොත් නිශ්ප්‍රයෝජන වේ. මේ නිසා කෝණ මාසයේ ගෙවල් දොරවල් සඳහා කටයුතු ආරම්භ කිරීම, විවාහ වීම, ව්‍යාපාර ඇරඹීම හෝ වෙනත් කිසිඳු දෙයක් සිදු නොකිරීමට අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව පෙළඹී ඇත.

එහෙත් මෙම කෝණ මාසයේ බොහෝ විට ශුභ නැකත් ගන්නා අවස්ථා ඇත. එය එසේ සිදු කරන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමැති ප්‍රවීණයෙකුගේ උපදෙස් අනුව ය. එබැවින් හානියක් නැත. අප ඉහත විග්‍රහ කළ සාත්වික ගුණ මුසු රාශිය හා ග්‍රහයා සමානත්වයට පත් වන්නේ රවි හෙවත් සූර්යයා අදාල රාශියේ ගෝචර ගමනින් අංශක 07ක් පැමිණි පසුවය. එම 07 වැනි අංශකය පසුකර ඉදිරියට ගිය පසු කෝණයේ අයහපත් බලපෑම ඉවත්ව යන බැවින් ශුභ කටයුතු සිදුකිරීම වරදක් නොවේ. පොදුවේ ජනමතයේ රැඳී පැවති මාසය යන සංකල්පයට හානියක් නොකර අයහපත් බලපෑම්වලින් තොර ශුභ නැකතක් අනුව කටයුතු කිරීම මගින් ජය සතුට වාසනාව ළඟා කර ගත හැකිවේ.