ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
මෙය හෘද රෝගීන් සඳහා පමණක්ම නොවෙයි…..!

තාක්ෂණයේ සීග්‍ර වර්ධනයත් සමගින් මිනිසුන්ද ඉතාම කාර්යය බහුල ජීවින් කොට්ඨාශයක් බවට පත්වී තිබේ. එයට සාපේක්ෂව මිනිසුන් රෝගීන් බවට පත් වීමද වේගවත් වී තිබේ. මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව පුද්ගලයා තමා කෙරෙහි දක්වන අවධානය තමා විසින්ම අඩු කරගෙන තිබීමයි. සංවර්ධනය වීමේදී ‍පුද්ගලයාගේ ආර්ථිකය සේම සෞඛ්‍යයද එක ලෙසම වර්ධනය විය යුතුය. සමාජයේ ඇති එක් පොදු පිළිගැනීමක් වන්නේ හෘද් රෝග යනු පොහොසතුන්ට වැඩියෙනුත් දුප්පතුන්ට අඩුවෙනුත් වැලදෙන/පිඩා කරන රෝග කාණ්ඩයක් බවයි. එහි සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් පහත කරුණු ‍එම දෙකොට්ඨාශයටම එක ලෙස පිළිපැදිය හැකි ඒවා වේ.

  • ආහාර පාලනය නිවුඩු සහිත සහලින් පිසු බත් සහ කොළ පාට සහ නිල් පැහැයට හුරු පළාකොළ මැල්ලුම් සහිතව එළවළු බහුල ආහාර වේලක් ගැනීම.
  • ආහාර සැකසීමේදී ලුණු අඩුවෙන් භාවිතා කර ආහාර පිළියෙල කිරීම.
  • ශීතලට මිදෙන තෙල් වර්ග(පොල්තෙල්, එළඟිතෙල් ආදීය) සහ සත්ත්ව තෙල්(සම්තෘප්ත මේද‍ය) භෝජනයෙන්වැලකීම සහ පොල් කිරි ඉතාමත් අඩුවෙන් භාවිතා කිරිම.
  •  බිත්තර සුදුමදය හම ඉවත් කරන ලද තෙල් රහිත කුකුල් මස් කරදිය මාළු, මිරිදිය මාළු ආදීය සාමාන්‍යව අනුභවයෙන් මාංශ ධාතු අවශ්‍යතාවය සපුරා ගැනීම.
  • මුංඇට, කඩල, පරිප්පු, කවුපි, දඹල, සෝයාබෝංචි, මෑකරල් ආදී රනිල ධාන්‍ය ආහාර වැඩිපුර අනුභව කිරිම.
  • තෙල් අවශ්‍යතාවය සඳහා තලතෙල්, ඉරිඟුතෙල්(කෝන්ඔයිල්), සූරීයකාන්ත ඇට තෙල් ආදීය භාවිතා කිරිම.
  • සුදුලූනු, රතුලූනු, ලොකුලූනු, ලීක්ස් හා නිරාලික්ස් ආදි සුදුලුනු පවුලේ උද්භිද වර්ග බහුලව ආහාරයට එකතු කර ගැනීම.
  • පළතුරු බහුලව ආහාරයට එකතු කර ගැනීම. ඒ අතුරෙන් ගස්ලබු ප්‍රධානය. ඉදුනු ගස්ලබු මෙන්ම කිරි දමා උයා ව්‍යාංජන සහිතව අනුභවයෙන් ලේ කැටි හැදීම වලක්වා ගත හැකිය. මීට අමතරව ඇපල්, මිදි, දොඩම්, කෙසෙල් ගෙඩි, දෙළුම්, පේර, ඇඹරැල්ලා, මසං, කාමරන්කා, ජම්බු වර්ග සහ රටඉඳි වැනි පළතුරු වර්ගද සුදුසුය.
  • මධුමේහය(දියවැඩියා) රෝගය ඇතිවීමට  හේතු නොවන අයුරින්  පිෂ්ඨධාතු ආහාර සීනි පැණි හකුරු ආදී මධුර පදාර්ථ ඉතාමත් අඩුවෙන් පරිභෝජනය කිරීම.
  • සිගැරට්, සුරුට්ටු, බීඩි සහ පයිප ආදී වූ ධූමපානයන් සහ දුම්කොළ භාවිතයෙන් අත්මිදීම සහ සෑම ආකාරයකම මධ්‍යසාර පානයන් වර්ජනය කිරීම.
  • තම තමන්ගේ දේහ බලයන්ට ගැලපෙන අයුරින් ව්‍යායාම් වල යෙදීම. මෙහිදී පයින් යාහැකි දුර ස්ථායන්ට වාහන වලින් නොගොස් හාකිතාක් පයින්ම ගමන් කිරීම සිදු කල හැක.
  • දෛනික සෞඛ්‍යය නායාමනයන් නිසි පරිදි පිළිපැදීම. විශේෂයෙන් දත් මුඛය පිරිසිදු කිරිම, දිරාපත් වු දත් ඉවත් කරන අතර විදුරුමස නරක්වීම් තිබේ නම් ඊට සුදුසු ප්‍රතිකර ලබා ගැනීම.
  • යෝග අභ්‍යාස සහ ශරීරය ලිහිල් කිරිමේ අභ්‍යාස (Yoga & Relaxation) නිවැරදිව ප්‍රගුණ කර ඒවායේ  ඒදිනෙදා යෙදීම. උදාහරණ ලෙස සූර්ය නමස්කාරය සහ ප්‍රාණයාම වැනි යෝගාසන සුදුසුය.
  • තම තමන් අදහන ආගම් වලට අනූව සත්කාර්යයන්හි යෙදීම. වන්දනා කිරීම් කිරීම, භාවනාවන් හි නිරත වෙමින් සිත තැන්පත් කර ගැනීම, මෙවැනි ක්‍රම මගින් මානසික සුවය ලැබෙන බැවින් ඒවා වඩාත් යෝග්‍යය.
  • චිත්ත පීඩාවන් ඇතිකරන නඩුහබ, මුදල් ගනුදෙනු ආරවුල්, රැකියා ස්ථාන වල කරදර, පවුලේ අසමගිය වැනි තත්ත්වයන්ගෙන් හැකිතාක් නිදහස්ව සිටීමට වීර්යය යෙදීම.

ඉහතින් දැක්වූයේ සෘජුවම හෘද රෝගීන්ට තම රෝග තත්ත්වයට ඖෂධීය ප්‍රතිකාර වලට අමතරව යම් සැලකිය යුතු සහනයක් ලබා ගත හැකි ක්‍රම කිහිපයකි. හෘදය සහ හෘදය ආශ්‍රිත රෝග වැළදීමෙන් අවාසනාවන්ත ලෙස තම ජීවිතය කෙටි කර ගන්නා පිරිසෙහි සැලකිය යුතු වර්ධනයක් පසුගිය දශක දෙකක පමණ කාලයක සිට දැකගත හැකි බව සෞඛ්‍ය අධ්‍යයන අංශ වාර්ථා හෙලි කොට ඇත. එබැවින් මෙම කරුණු හෘද රෝගින්ට පමණක් නොව සමාජයේ සෑම සියලු දෙනාගේම අවධාණයට යෙමු  වීම හෘද රෝග වලින් ආරක්ෂා වීමටද උපකාර විය හැක.