ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
මහාන්ත්‍රික ප්‍රදාහය/Ulcerative colitis

මහාන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන කාලීන ප්‍රදාහාත්මක තත්ත්වයක් ලෙස මෙම රෝගය හැඳින්විය හැකිය. මහාන්ත්‍රය යනු ආහාර මාර්ගයේ අවසාන කොටස වන අතර අපද්‍රව්‍ය රැස්වී පවතින්නේ මෙහිය. මෙම රෝග තත්ත්වයේදී මහාන්ත්‍රයේ ඇතුලත ආස්තරණයේ ප්‍රදාහාත්මක තත්ත්වයක් දැක ගත හැකි අතර ඒ ආශ්‍රිතව තුවාලද පවතී. මෙහිදී පහල වන ප්‍රධාන ලක්ෂණ වන්නේ උදර වේදනාව, අතීසාරය, ගුදගත රුධිර වහනයයි. මීට අමතරව උණ තත්ත්වයක් පැවතිය හැක. වර්තමානයේ බොහෝ පුද්ගලයින් මෙම රෝගී තත්ත්වය නිසා දැඩි ලෙස පීඩා විඳිති. තරුණ හා මධ්‍යම වයස්වල පුද්ගලයින් අතර මෙම රෝගය බහුලව පවතින අතර බාල හා මහළු වයසේ පුද්ගලයින් අතරද පවතින අවස්ථා දැක ගත හැක.

 රෝග ලක්ෂණ

  • උදර වේදනාව
  • අතීසාරය
  • ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම
  • උණ

 මෙම රෝග තත්ත්වයේදී රෝගියාට දිනකට වාර තුනක් හෝ ඊට වැඩි වාර ගණනක් දියර ලෙස මල පිටවිය හැක. මල සමග රුධිරය පිටවිය හැකි අතර ඇතැම් විට ශ්ලේෂ්මල හෝ පූයා ස්‍රාව පිටවිය හැක. මෙහිදී ඇතිවන වේදනාව මස්පිඬු පෙරලන්නාක් බඳු වේදනාවක් වන අතර උදරයේ වම් ප්‍රදේශයේ ඇතිවේ.

මහාන්ත්‍රික ප්‍රදාහය ප්‍රදාහාත්මක රෝගයක් නිසා ප්‍රදාහයකදී පහළ වන ලක්ෂණයක් ලෙස උණ ඇතිවිය හැක. සමහර පුද්ගලයින්ට අධික ලෙස උණ තත්ත්වයක් ඇති විය හැකි අතර සමහර අවස්ථා වලදී මද උණ තත්ත්වයක් හට ගනී. වරින් වර උණ තත්ත්වයක් ඇතිවන අවස්ථාද දැක ගත හැක.

මීට අමතරව රෝගයේ විවිධ ප්‍රභේද ඇතිවන ලක්ෂණ වෙනස් වේ. ඒවා පහත පරිදි දැක්විය හැක.

  1. Ulcerative proctitis -මෙහිදී ප්‍රදාහ තත්ත්වය පවතින්නේ ගුද ප්‍රදේශය ආශ්‍රිතවය. මෙහිදී ඇතිවන ප්‍රධාන ලක්ෂණය වන්නේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීමයි. මීට අමතරව ගුද ප්‍රදේශයේ වේදනාව, මල පිටකිරීම පාලනය කල නොහැකි වීම වැනි ලක්ෂණද දැක ගත හැක.
  2. Proctosigmoiditis -ගුද ප්‍රදේශයේ සහ මහන්ත්‍රයේ  අවසාන කොටස ආශ්‍රය කරගෙන ඇතිවේ. මෙහිදීද ගුදගත රුධිර වහනයක් වන අතර ඊට අමතරව රුධිරය මිශ්‍රිතව සිදුවන දියරමය මල පහවීම, මල පිටකිරීම පාලනය කළ නොහැකි වීම , උදරයේ පෙරලෙන ස්වභාවය වැනි ලක්ෂ්‍යද ඇතිවේ.
  3. Left side colitis – මහන්ත්‍රයේ වම් පස කොටස මෙහිදී ප්‍රදාහයට ලක්වන අතර උදරයේ දකුණු පස ඇති වන වේදනාව ශරීරයේ බර අඩුවීම සහ රක්තාතිසාරය (bloody diarrhea) මෙහි ලක්ෂණ වේ.
  4. Pancolitis or universal colitis – ගුද ප්‍ර දේහයේ මෙන්ම මහන්ත්‍රෙය් මුලුමනින්ම ප්‍රදාහ තත්ත්වය ඇතිවේ. රුධිරය මිශ්‍රිත දියරමය මල පහවීම , ශරීරයේ බර අඩුවීම, උදරයේ වේදනාව, වෙහෙසකාරී බව, උණ, රාත්‍රී කාළයට දහඩිය දැමීම ආදී ලක්ෂණ මෙහිදී ප්‍රමුඛ වේ.

මෙම රෝගය ඇතිවීමට බලපාන නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. නමුත් අන්ත්‍ර ආශ්‍රිත ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන අසාමාන්‍යතාවයක් රෝගය සඳහා හේතුවන බව නව්‍ය විද්‍යාත්මක මතයයි. සාමාන්‍යෙයන් ආසාදනයක් සිදුවු විට එය විනාශ කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය වේ. මෙම රෝගයේදී සිදු වන්නේ එවැනි හේතුවකින් තොරව උදරය ආශ්‍රිතව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍ය උත්තේජන තත්ත්වයක් දිගුකාලීනව පැවතීමයි. මේ ආකාරයට සිදුවන උත්තේජනය හේතුවෙන් දීර්ඝකාලීන පවතින ප්‍රදාහ තත්ත්වයක් හා ක්ෂත ඇතිවේ.

මහන්ත්‍රික ප්‍රදාහය නිසා ඇතිවන උපද්‍රව

  1. මහාන්ත්‍රය ආශ්‍රිතව පිළිකා තත්ත්ව වර්දනය වීම- රෝගය ඇතිවී වසර අටක් දහයක් පමණ ගිය පසු මහන්ත්‍රය ආශ්‍රිතව පිළිකා තත්ත්ව ඇතිවීමේ අවධානමක් පවතී.
  2. සන්ධි ප්‍රදාහ හෙවත් ආතරයිටිස්a (Athritis)
  3. මුඛයේ තුවාල ඇතිවීම
  4. සමේ වේදනාවෙන් යුක්ත වූ රතු පැහැති ගැටිති ඇතිවීම
  5. ඇස රතු පැහැති වීම ඇතුළු ප්‍රදාහාත්මක ලක්ෂණ පහල වීම
  6. කාමලාව(Jaundice), යාකෘතික ප්‍රදාහය (Cirrhosis)

 Ulcerative colitis රෝගීන්ට සුදුසු ආහාර

ප්‍රදාහ ශමනයට බෙලි කොළ, උඳුපියලිය, මෝරු, මුං ඇට තැම්බූ වතුර” හීං බෝවිටියා කැඳ, මහ පස්මුල් පේයාව, විලඳ කැඳ, හැටදා සහල්, රතුළුණු, කෝමාරිකා, ගොටුකොළ, රතු සහල්, තුඹ දළු, රත්තම්පලා, ඇඹුල් ඇඹිලිය, පොළොස් ගැට ආදිය සුදුසුය.

ව්‍රණ රෝපණයට හීං බෝවිටියා කැඳ, උඳුපියලිය, බෙලි කොළ, රතු පරිප්පු, තුඹ දළු, රතුළූණු කැඳ, හීරැස්ස+කොහිල+පොල්කිරි කැඳ, හැටදා සහල්, ගොටුකොළ, රත්තම්පලා, ගැට පොළොස්, අළුත් තෝර පරිප්පු, කැරන්කොකු, පොල්මද ආදිය සුදුසුය.

 බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවත් මෙම රෝගය සුව කිරීම සඳහා යෙදිය හැකි ඖෂධීය ප්‍රතිකාරයක් නොමැති බව කිව යුතුය. ඔවුන් මේ සදහා දක්වන එකම පිළියම වන්නේ ශල්‍ය කර්‍මයයි. ශල්‍ය කර්‍මය නිසා ඇතිවන අතුරු උපද්‍රව බොහෝ පවතී.

මෙම රෝගය සහ ඊට අදාළ ප්‍රතිකර්ම පිළිබද පහත සදහන් දුරකථන අංකයෙන් විමසා දැන ගත හැක.

 077 – 7628948