ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
බුද්ධරාජ කල්කය

වෛද්‍යාචාර්ය ඩි.එම්. ජයසිංහ මහතාගේ ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි. ආයුර්‍රවේද ඖෂධ සංග්‍රහයේ ප්‍රථම පියවර පළමු වන කොටසින් උපුටා ගන්නා ලදි.

යෝගය

  • සාදිලිංගම්
  • කලුදුරු
  • සුදුදුරු
  • රන්හිරියල්
  • කරාබු
  • වසාවාසි
  • සාදික්කා
  • ඉඟුරු
  • ගල්මද
  • ගල්නහර
  • උලුහාල්
  • සුවද කොට්ටං
  • වැල්මී
  • පෙරුංකායම්
  • අබිං
  • පුස්කර
  • සිනක්කාරම්
  • පල්මාණික්කං
  • ගෞරිපාෂණම්
  • මනෝසිල
  • හිගුරුපියලි
  • සහිඳලුණු
  • අක්කරපට්ටා
  • කටුකරෝසන
  • පීත කටුකරෝසන

මෙම ද්‍රව්‍ය එක් වර්‍රගයකින් කලං 08(ග්‍රෑම්:40) බැගින් සියලු බර  කලං 200(ග්‍රෑම්:1000) වන සේද,

  • රත් හඳුන් කලං 100 (ග්‍රෑම් 500) ක්ද,
  • සුදු හඳුන් කලං 100 (ග්‍රෑම් 500) ක්ද,

සම්පුර්ණ යෝගය  කලං 400 (ග්‍රෑම් 2000) ක් වනසේ කිරා ගත යුතුය.

සංස්කරණය

ද්‍රව්‍ය ඉතා සිනිදුව චූර්‍ණ කර කිහිප වරක් හොදින් හලා ගත යුතුය. නොඉදුනු ඇඹුල් දොඩම් ගෙඩි 100ක ඉස්මෙන් භාවනා දී අවසානයේ මී පැණියෙන් අඹරා ගන්නේය.

i. රස බෙහෙත් ද්‍රව්‍ය සහ අබිං, පෙරුංකායම් සහ සහිඳලුණු වෙන වෙනම අඹරාගන්න.

ii. පසුව සියල්ල එකට චූර්‍ණ කරගන්න.

iii. පුස්කර, සිනක්කාරම් සහ පල්මාණික්කං කබලේ බැදගත් භෂ්මය ගත යුතුය.

iv. සාදිලිංගම්, ගෞරිපාෂාණම්, රන්හිරියල් සහ මනෝසීල පළමුව ගලට දමා ඇඹරිය යුතුය. ඉතා හොදින් ඇඹරුණාට පසු  පුස්කර, සිනක්කාරම්, පල්මාණික්කං, අබිං, පෙරුංකායම් සහ සහිඳලුණු එකතු කල යුතුය.මේ සියල්ල අඹරන්නේ ඇඹුල් දොඩම් යුෂයෙනි.

v. රස බෙහෙත් සහ ලවණ වර්ග අබිං ආදිය දින තුනක් පමණ ඇඹරුනාට පසුව දොඩම් ඇඹුලෙන් භාවනා දුන් චුර්ණය එකතු කරන්නේය.

vi. දොඩම් යුෂ හොදහැටි වියලුණ තත්වයට පැමිණියාට පසු මී පැණියෙන් අඹරා ගන්නේය.

vii. අබිං ඉගුරු යුෂෙන් හෝ සුදු හදුන් කෂායෙන් ශුද්ධ කරගත යුතුය.

viii. සාදිලිංගම් සහ මනෝසීල දෙහි ඇඹුලෙන් භාවනා දී උණුවතුරෙන් සෝදා ගන්නේය.

ix. රන්හිරියල් හුණු වතුරෙන් භාවනා දී උණුවතුරෙන් සෝදා ගන්නේය.

x. ගෞරිපාෂාණම් කඩා කැබලි වලට කඩා සිහින් රෙදි කඩක බැඳ කරවිල ගෙඩි‍යක් තුල බහා වේලා එළකිරෙන් තම්බා ගෙන තද උණුවතුරෙන් සෝදා වේලා ගත යුතුය.