ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
පූර්‍ණ චන්ද්‍ර ග්‍රහණයෙන් අගුණ වූ කාලගුණය.

පසුගිය දින කීපය පුරාම දිවයිනේ සෑම ප්‍රදේශයකට ම අධික වර්ෂාපතනයක් ඇද හැලුණු අතර ජල ගැලීම් ද ඇති වූ බව දක්නට ලැබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය තවත් දින කිහිපයක් පවත්නා බවයි. 2015 සැප්තැම්බර් 28 දින මේ වසරේ සිදුවන අවසන් චන්ද්‍ර ගුහණය සිදු වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 08.18ට සිදුවන මෙම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය දැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව නොලැබෙනුයේ ඒ වන විට අප රටට හිරු පායා ඇති බැවිනි.

චන්ද්‍ර ග්‍රහණය - ග්‍රහ පිහිටීමමේ ගත වන්නේ කන්‍යා රවිය හෙවත් රවි කන්‍යා රාශියේ ගමන් කරන කාලයයි. කෝණ මාසය වශයෙන් හඳුන්වන කාලයකි. දැනට වසරක පමණ කාලයක සිට කන්‍යා රාශියේ රාහු තැම්පත් ව සිටින අතර කන්‍යා රාශියට රවිගේ පැමිණීමත් සමග සතුරු ග්‍රහයන් දෙදෙනෙකුගේ එක් වීමක් සිදු විය. එම රාශියේ ම උච්ච බුධ වක්‍ර ගමනක් අරඹා ඇත. මේ තත්ත්වය මෙසේ පවතින අතරවාරයේ මීන රාශියට පැමිණි චන්ද්‍රයා කේතු සමග යෝග විය. චන්ද්‍ර ග්‍රහණය ද මෙදිනට යෙදුණි. දැන් ආලෝක ග්‍රහයන් දෙදෙනාම පීඩාවට පත් ව සිටී.

චන්ද්‍ර ග්‍රහණය සිදු වන අවස්ථාවේ තත්කාල ලග්නය වන්නේ සිකුරු හිමි තුලා ලග්නයයි. ලග්නාධිපති වූ සිකුරු දස වැන්නේ තැම්පත්ව සිටිනුයේ කටක රාශියේය. කටකය ජල රාශියකි. සඳු 06 වැන්නේ තැම්පත්ව සිටින්නේ ද ජල රාශියක් වූ මීනයේ ය. උදා වී පවතින නැකත වන්නේ සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතයි. සෙනසුරු ද දෙවැන්නෙ තැම්පත් ව සිටිනුයේ සතුරු රාශියක් වූ වෘශ්චිකයේ ය. ගුරු කුජ දෙදෙනා එකොළොස් වැන්න වූ සිංහ රාශියේ තැම්පත් ව සිටියි. මේ හේතු නිසා තද සුළං, අධික වැසි හා නායයෑම් සිදුවිය හැකිය. සොර සතුරු කරදර විපත් සිදු වීමට ද ඉඩ ඇති කාලයකි. තත්කාල කේන්ද්‍රයේ රෝගස්ථානය වූ 06 වැන්නේ තැම්පත් සඳු ග්‍රහණයට හසු වීම නිසා රෝග පීඩා බහුලව ඇති වන කාලයක් වේ. වසංගත රෝග ඇතුළු බෝ වන රෝග සහ වාතය හා සෙම කිපීමෙන් හට ගන්නා රෝග බහුල වන කාලයක් වන බැවින් සෞඛ්‍ය සේවාවන්හි නිරත අය ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
චන්ද්‍ර ග්‍රහණය - ග්‍රහ පිහිටීම 2ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු දහවැන්නේ සිටින අතර ගුරු ට හා කුජ ට දෘෂ්ටි හෙලා ඇත. ග්‍රහණයට හසු වන සඳු මෙම සතුරු රාශිගත සෙනසුරුගේ නැකතක ගෝචර වෙමින් තැම්පත්ව සිටනුයේ දෙවැන්නේ ය. නිශ්චල ධනය හා දේපල පිළිබඳව විග්‍රහ කෙරෙන දෙවැන්නේ සිදු වන මෙම චන්ද්‍ර ග්‍රහණය නිසා බොහෝ ඉඩම් ආදිය නායයෑම් හා සෝදා පාළුවට පත්වීමට ඇත. පුත්‍රස්ථානය වූ පස්වැන්නාධීපති බුධ වක්‍ර ගමනින් 08 වැන්නේ ගෝචර වීම දරුවන්ට අසුබ ගෙන දෙන්නක් වේ. තව ද පාසල් ඇතුළු අධ්‍යාපන අංශයට එය නරක අන්දමින් බලපානු ඇත.

සෙනසුරුගේ දෘෂ්ටියට හසු වී හත් වැන්නේ කුජ තැම්පත් ව සිටීම නිසා ද අභාග්‍ය සම්පන්න කාම අපරාධ සිදු විය හැකි කාලයක් වන බව කිය හැකිය. මාතෘකාරක චන්ද්‍රයා ග්‍රහණයට හසු වන බැවින් ද පොදුවේ කාන්තාවන්ට අපල ඇති කරන බව පැහැදිලය. හත්වැන්නේ තැම්පත් කුජගෙන් 08 වැන්න වූ දෙවැන්නේ සඳු ග්‍රහණයට හසු වීම නිසා ද එම තත්ත්වය තව දුරටත් පෙන්නුම් කරන අතර තම විවාහක පවුල් ජීවිතය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනාම උත්සුක විය යුතුය. අනවශ්‍ය පුද්ගලයන් සමග ඇති සබඳතා නතර කර දැමීම ඉතාම නුවණට හුරු ක්‍රියාවක් බව අවධාරණයෙන් දන්වා සිටිමි. තවද කුඩා දරු දැරියන් ආරක්ෂා කර ගැනීම විශේෂයෙන් සිදු කළ යුතු ය. ජලාශවල, වැව්වල හා මුහුදේ නාන්නට/ පිහිනීමට යාම නිසා තරුණ ජීවිත අකාලයේ විනාශ වී යා හැකිය. එබැවින් ඒ පිළිබඳව ද වැඩිහිටියන්ගේ හා අනිකුත් සියලු දෙනාගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය.

පහත් බිම් ආශ්‍රිත ව දිවි ගෙවන අය ජල ගැලීම් ආදියෙන් ආරක්ෂා වීමට ක්‍රියා කළ යුතු අතර බෝ වන රෝගවලින් ද ආරක්ෂා වීමට පියවර ගත යුතු කාලයකි. තව ද නායයෑම් ආදී අවධානම් කලාපවල සිටින පිරිස ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වේ. එම ප්‍රදේශ ආශ්‍රිත ව සෞඛ්‍ය සේවාවන් ද නිසිපරිදි ඇති විය හැකි රෝගාදිය කලින් අධ්‍යයනය කර හඳුනාගෙන අවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වා ගැනීම සුදුසුය. මෙවැනි චන්ද්‍ර ග්‍රහණ ඇති වීමෙන් පසුව එහි අසුබඵල සහිත අවධානම මාස 03ක් පමණ කාලයක් පවතින බව පුරාණාචාර්යවරුන්ගේ ඉගැන්වීමයි. සුබ කටයුතු සඳහා දින 07ක් ඉදිරියට සුබ නැකැත් දීමෙන් වලකින ලෙස ද ගුරූපදේශවල සඳහන් කර ඇත.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.