ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
පංචකර්‍ම චිකිත්සාව (ශෝධන චිකිත්සාව)

ආයුර්‍වෙද ප්‍රතිකාර ක්‍රමයේ අරමුණ වන්නේ නීරෝගි අයගේ නිරෝගිභාවය ආරක්ෂා කොට පවත්වා ගෙන යාමත් රෝගි තැනැත්තන්ගේ රෝගිභාවය සුව කිරීමත්ය. මෙම කාර්යයන් දෙක ආයුර්‍වෙදයේ දක්වා ඇත්තේ

  • ස්වස්ථස්‍යොර්ජස්කර
  • ආර්තස්‍ය රෝගනුත්

යන සංස්කෘත පාඨයන් දෙකෙනි. මෙහිදි නීරෝගි කම ආරක්ෂා කර ගැනීම සදහා අෂ්ඨාංග ආයුර්වේදයට අයත් රසායන සහ වාජීකරණ යන ප්‍රතිකාර මූලධර්‍ම අනූව ප්‍රතිකාර කිරීම සිදුකරනු ලබයි.

රෝගි තත්වයන් සදහා ප්‍රතිකාර කිරිමේදි ශෝධන සහ ශමන යන ප්‍රතිකාර ක්‍රමයන් දෙක භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර මූලධර්‍ම ආකාර හතක් අනූව සිදු කල හැක. ශෝධන ප්‍රතිකාරය ආකාර පහකට සිදුකල හැක. “පංචකර්‍ම” චිකිත්සාව යනුවෙන් හදුන්වන්නේ මෙයයි. නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්ත මෝක්ෂණ යන ඒවා පංචකර්‍ම වලට ඇතුලත්ය.

Wedasa Panchakarmaශරීරයේ ඇති දෝෂයන් ත්‍රිත්වයට (ත්‍රිදෝෂ) අනුරුපව මෙම කර්මයන් පහද භාවිතා කිරීම වෙනස්වේ. කඵ/සෙම් දෝෂයෙන් හටගන්නා පීඩාවන් සදහා වමන හා නස්‍ය කර්මයන්ද විරේචන කර්මය පිත් දෝෂයේ කෝපතාවයෙන් හටගන්නා පීඩාවන් සංසිදවීමටද වස්ති කර්මය වාත දෝෂයන් සදහාද යොදා ගැනේ. මෙහිදි සදහන් නොවු රක්ත මෝක්ෂණ කර්මය පෙර සදහන් වු විරේචන කර්මයද සප්ත ධාතූන්ගෙන් එකක් වු රක්තය ශෝධනය සදහා යොදා ගැනේ. පිත් දෝෂය සහ රක්තය අතර පැහැදිළි සම්බන්ධතාවයක් ආයුර්වේදය පිළිගනි. ත්‍රිදෝෂය ශරීරයේ ප්‍රධානව කේන්ද්‍ර වී ඇති ස්ථානයන්/ප්‍රදේශයන් පිළිබදව ආයුර්‍වෙද මූලධර්‍ම වල සදහන්ව ඇත. කඵ/සෙම දසරුවෙන් ඉහල ප්‍රදේශයේත් වාතය නාභි මට්ටමෙන් පහලට වන්නටත් පිත් දෝශය මේ අතර ප්‍රදේශයේත් ප්‍රමුඛව ක්‍රියා කරයි. මෙම සංකල්පයට අනුරූපව පංච කර්‍ම චිකිත්සාවන්ද සිදුකිරීම වෙනස්වේ. දසරුවෙන් ඉහල සෙම් ජනිත රො‍්ගාවස්ථාවන් සදහා නස්‍ය සහ වමන කර්‍මයන්ද නාභියෙන් පහල ප්‍රදේශයේ බහුල වාත දෝෂ අවස්ථාවන් සදහා වස්ති කර්මද දසරුවෙන් පහල සහ නාභියෙන් ඉහල උදර ප්‍රදේශයේ පිත් ජනිත රෝගයන් සදහා විරේචන කර්මයන්ද නිර්දේෂිතය. මුළු ශරීරය පුරාම විසිරි පැතිරි  ඇති රක්තය ශෝධනය සදහා රක්ත මෝක්ෂණ කර්ම සහ විරේචන කර්‍ම දක්වයි.

ආයුර්‍වෙද සංකල්ප වලට අනූව ශරීරගත දෝෂයන්ගේ (වාත, පිත්ත, කඵ) අසමතුලිතතාවයක් හෝ කෝපතාවයක් හේතුවෙන් රෝග හටගන්නා බැව් පැවසීම සරලවම කල හැකි පැහැදිලි කිරීමයි. මෙසේ තම තුලිත භාවයෙන් පිට පැන දෝෂයන් ශරීරයේ වැඩි වීමක් හෝ අඩුවීමක් සිදුවු කල හට ගන්නා විකෘතිතාවය (රෝගි) නැවත ප්‍රකෘති තත්වයට (නිරෝගි) ගෙනඒම  සදහා ශමන හා ශෝධන කර්‍ම යොදා ගනී. ශමන චිකිත්සාවේදි සිදු කරනු ලබන්නේ  යම් විකෘති වු දෝශයක් මුලින් පැවති ප්‍රකෘති තත්වයට ගෙන ඒමයි. නමුත් මේහිදි දෝශ සමනයක් පමණක් සිදු කරණ බැවින් නැවත දෝෂ කෝප වී රෝගයක් සෑදිය හැක. එහෙත් ශෝධන කර්‍ම වලදී සම්පූර්ණයෙන්ම දෝෂ තත්වයන් හා රෝගය ආතිවීමට බලපෑ නිදානාදි හේතුන් ශරීරයෙන් ඉවත් කරන බැවින් නැවත රෝගය හටගැනිමක් සිදුවන්නේ නැත. මේ පිළිබදව අෂ්ඨාංග හෘදයේ සුත්‍රද්ථානයේ අධ්‍යාය හතරෙහි දක්වා ඇත්තේ පහත පරිදිය.

“ දෝෂා: කදාචිත් කූප්‍යන්ති ජීතා ලඝනපාචනෛ:
යේතු සංශෝධනෛ: ශුද්ධා න තේෂාං පුනරුද්භව:”

පංච කර්‍ම චිකිත්සාවේ ඇති සුවිශේෂි භාවය වන්නේ එය මූලික නියමයන්ට පටහැනිව කල නොහැකි වීමයි. එනම් පළමුකොටම රෝගීයා පංචකර්ම සදහා සූදානම් කල යුතුය. මෙසේ රෝගියා සූදානම් කිරීමද ප්‍රතිකාරයට අයත්ය. එය පූර්‍ව කර්‍ම යනුවෙන් හැදින්වේ. පූර්‍ව කර්ම වලදී කරනු ලබන්නේ ස්නේහන සහ ස්වේදන කර්මයන්ය. මෙම කර්මයන්ගෙන් තොරව කරනු ලබන පංචකර්‍ම සාර්ථක නොවේ. ‍මෙම පූර්ව කර්ම සම්බන්ධයෙන් ඇති න්‍යායාත්මක පදනම නම්, වාත දෝෂය පිත සහ කඵ යන දෝෂයන් ද්විත්වයේ මෙහෙයවන්නාය. ඒ නිසා වාත දෝෂය ත්‍රිදෝෂයන්ගේ ප්‍රධානියාය. එබැවින් වාතය සමනය කිරිමකින් තොරව කරනා ප්‍රතිකාරය මුනින් අතට නැමූ කළයකට ජලය වත් කිරීමක් හා සමානය. නිෂ්ඵලය.  වාතය සමනය කිරීම සදහා කරණා මූලික ප්‍රතිකාරයන් වන්නේ ස්නේහනය සහ ස්වේදනයයි. ඒබැව් චරක සංහිතා සූත්‍රස්ථාන දහතුන්වැනි අධ්‍යායයේ දක්වා ඇත්තේ පහත පරිදිය.

“ ස්නේහමග්‍රෙ ප්‍රයුඤ්ජිත තත: ස්වේද මන්නතරම්
ස්නේහ ස්වේදෝපපන්නස්තු සංශෝධන මථෙතරේත්:”