ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
නින්ද තවත් එක් සාමාන්‍ය ජීව ක්‍රියාවක් ලෙස නොව…..

සිරුර රැක ගැනීම සඳහා ආහාර යම් සේ උපකාර වන්නේද විධිමත් පරිදි සේවනය කරන්නා වූ නින්ද මගින්ද නිරෝගිමත් ජීවිතයක් සඳහා ඒ හා සමාන කෘත්‍යයක් ඉටු කරනු ලබන්නේය. සිරුරේ ස්ථූල බව සහ කෘශ බව තීරණය වීම කෙරෙහි නින්ද සහ ආහාරය යන දෙක කරණු ලබන බලපෑම අති විශාලය. කිසිදු කාර්යයක් ගැන නොසිතා නිතර සංතර්පණයෙන් හා නිදීමෙන් යුක්ත වන මනුෂ්‍යයා සූකරයෙකු පරිද්දෙන් ස්ථූල වේ, නොඑසේ නම් පුෂ්ටිමත් වේ. යමෙකුට නොවැදගත් සේ හැඟී ගියත් ඉතා වැදගත් වූ මෙම පැහැදිලි කිරීම් අන්තර්ගත වී ඇත්තේ විශිෂ්ඨ ආයුර්වේද මූල ග්‍රන්ථයක් වන චරක සංහිතාව නම් පුරාණ ආයුර්වේද ග්‍රන්ථයේය. එම ග්‍රන්ථයේ අෂ්ටෞනින්දිතීය නම් වූ අධ්‍යායය පරිශිලනයෙන් නින්ද සම්බන්ධයෙන් දක්වා ඇති මෙම සුවිශේෂි අනාවරණයන් සොයා ගත හැක.

ඖෂධ සේවනය මගින් පමණක් නොව මිනිසා විසින් භෝජනයට ගනු ලබන ආහාරපාන සහ පවත්වනු ලබන විහරණද අනෙකුත් සාමාන්‍ය ජීව ක්‍රියාවලි මඟින්ද නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගෙන යෑම සඳහා බලවත් බලපෑමක් සිදුවන බව ආයුර්වේදයේ පිළිගැනීමයි. එහිදී නින්ද තවත් එක් සාමාන්‍ය ජීව ක්‍රියාවක් ලෙස ලඝුවෙන් නොතකා වඩාත් විස්තීරණව ආයුර්වේදය තුල සාකච්ඡා කරමින් එමගින් මිනිසාට ඇති කරණ බලපෑම විග්‍රහ කෙරී ඇත. මෙහි ඇති විශේෂත්වය සියවස් ගණනාවකට පෙරන් එනම් ක්‍රි. පූර්ව යුගයේදී බිහිවූ පෙරදිග ආයුර්වේදයේ මූල ග්‍රන්ථ වල මෙම තොරතුරු සඳහන්ව තිබීමයි. ආයුර්වේදය යනු සාම්ප්‍රදායික චිකිත්සා පද්ධතියක් ලෙස රෝගාබාධ සඳහා විවිධ ඖෂධ මගින් ප්‍රතිකාරයන් පමණක් සිදුකරණ පෙරදිග බිහිවු ප්‍රාථමික වෛද්‍ය ක්‍රමයක් නොවන බවත් වඩාත් පුළුල් ලෙස මිනිස් ක්‍රියාකාරීත්වයේ සෑම අංශයක්ම හොදින් විමර්ෂණය කොට ඉදිරිපත් කරන ලද ගැඹුරු දාර්ශනික විෂයක් බව මෙවැනි තැන් පරිශිලනයේදී පැහැදිලි වේ. වර්තමානයේදී නූතන වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම පදනම් කර ගනිමින් විවිධ පර්යේෂණ සිදුකරණ පෙර අපර දෙදිග බුද්ධිමතුන්ද ආහාර, නින්ද, ව්‍යායාම වැනි මිනිසාගේ මූලික ජීව ක්‍රියාවලීන් ජීවිතයට ඇතිකරන්නාවූ බලපෑම පිළිබඳව අනාවරණය නොවූ සැගවුණු සත්‍යයන් සොයාගැනූමට අනවරත උත්සහයක නිරත වෙමින් සිටිති. මේ අංශයන් පිළිබඳව විවිධ නව මතවාදයන්ද සංකල්පයන්ද සමාජගතවීම්ද වත්මන් විද්‍යා ලෝකය තුල අනන්තවත් සිදුවෙමින් පවතින්නේ එහි ප්‍රතිඵල ලෙසයි. සොයා ගන්නා නව දැනුම් සහ ඒ සඳහා දරනු ලබන වෙහෙස නිරීක්ෂණයේදී පෙනී යන්නේ ඔවුන් පිළිගත් විද්‍යා මූලධර්ම තුලින් දැන් ඔප්පු කරමින් යන්නේ පුරාණයේ විසු ආයුර්වේද ප්‍රාඥයින් ස්යංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන ග්‍රන්ථාරූඪ කරණ ලද දැනුමට බොහෝ දුරට සමාන කරුණුම බවයි. ආයුර්වේද මූල ග්‍රන්ථ වලින් ඉදිරිපත් වන මෙවැනි තොරතුරු එකහෙළාම ප්‍රතික්ෂේප නොකොට ඒ කරුණු දෙස විමර්ෂණශීලි දෘෂ්ටි කෝණයකින් බැලීමට දැන්වත් සමාජය නිහතමානී විය යුත්තේ එබැවිනි. අප මෙවැනි පූර්විකාවක් ඉදිරිපත් කලේ නින්ද(Sleep) සම්බන්ධයෙන් ආයුර්වේදයේ දක්වා ඇති මතය හා බටහිර වෛද්‍ය විද්‍යාත්මක මත සංසන්දනය කරමින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මාර්ගයක් විවෘත කර ගැනීමටයි.

ලොව බරපතල සෞඛ්‍යය ගැටළුවක් බවට පත්ව ඇති අතිස්ථූලය/ අධික තරබාරුව (Obesity) සහ නින්ද අතර ඇති අන්තර් සම්බන්ධතාවයක් පවතින බව ඔබ විශ්වාස කරන්නේද?

කිසිදු කාර්යයක් ගැන නොසිතා(ව්‍යායාමයෙන් තොරව) නිතර සංතර්ලණයෙන්(ප්‍රමාණයට වඩා හෝ පාළනයකින් තොරව ආහාර ගැනීම) සහ නිතර නිදා ගැනීමෙන් ශරීරය පුෂ්ටිමත් වීම සිදුවන බව ආයුර්වේදයේ දක්වා ඇති බව අප මෙම ලිපිය ආරම්භයෙදීම  සදහන් කලා ඔබට මතක ඇත. එහිදී පුෂ්ටිමත් වීම යනුවෙන් සදහන් කර ඇත්තේ උසට සරිලන මහතින් යුතු මනා ලෙස මාංශපේෂින් වර්ධනය වූ පිරිපුන් කයකින් යුක්ත වීම නොව තරබාරු බව නැතිනම් අතිස්ථුල බව බැව් වටහා ගත යුතුය.

බටහිර වෛද්‍ය මතයට අනූව නින්ද ගැන දක්වා ඇත්තේ මෙවන් වු අදහසකි. A natural periodic state of rest for the mind and body, in which the eyes usually close and consciousness is completely or partially lost, so that there is a decrease in bodily movement and responsiveness to external stimuli. During sleep, the brain in humans and other mammals undergoes a characteristic cycle of brain-wave activity that includes intervals of dreaming.

අකාලයෙහි නිදීම (අවිධිමත් නින්ද) , අධිකව නිදීම හා නොනිදීම යන තත්ත්වයන් කාල රාත්‍රී නිද්‍රාව (මරණය) මෙන් මනුෂ්‍යයාගේ සෞඛ්‍යය හා ආයුෂය ගෙවීමට හේතුවෙන බව අයුර්වේදයේ සදහන්ය. එසේ වුවත් විධිමත් පරිදි සේවනය කල ඒ නින්දම මිනිසා සැපවත් හා දීර්ඝායුෂ්ක කිරීමට හේතුවන බව තවදුරටත් සදහන්ය. දිනකට පැය 18-20 ත් අතර කාලයක් කුඩාම දරුවන් නිදා ගැනීම සිදු කරන අතර ව‍යසෙන් වැඩෙත්ම එම කාල සීමාව අඩුවෙමින් යයි. වැඩුණු තැනැත්තෙකුට දිනකට පැය 5-6 ක වත් නිදා ගැනීමට අවශ්‍යය. පැය හතරකට වඩා අඩුවෙන් සහ පැය 7-8කට ආසන්න ප්‍රමානයක් නිදා ගැනීමත් සිරුරට අහිතකරය. එබැවින් නියමිත කාල පරාසයක් නින්ද සදහා වෙන් කර ගැනීමට පුරුද වීම සෞඛ්‍යය සංරක්ෂණයට වැදගත් වේ. අකාලයේ නිදීම නැතිනම් අවිධිමත් ලෙස සිදුකරණ නින්දද සිරුරට අහිතකරය. එනම් කඩින් කඩ පැය හයක් නිදා ගැනීමත් නිශ්චිත කාලයකින් තොරව දිනයේ විවිධ වේලාවන් වලදී පැය හයක් පමණ නිදා ගත්තද එයද යෝග්‍ය නොවේ. දහවල් නිදීම ගැන සමාජයේ එතරම් ප්‍රසාද හැඟීමක් නැති අතර ආයුර්වේදයට අනූව එය අත්‍යාවශ්‍යයෙන්ම අනුගමනය කිරීමට නිර්දේශ අය පමණක් එසේ නිදීම සිරුරට අහිතකර නොවේ.

ශීතය, ඉගෙනුම, මධය පානය, මෛථුන්‍ය, වැනි පරිශ්‍රමය ඇතිකරවන කාර්යයන් ඉසිලීම හා අධිකව ගමන් බිමන් යෑම යන කාර්යයන් නිසාවෙන් කෘශ බවට පැමිණි තැනැත්තෝ දහවල් නිදීම ගැටළුවක් නොවේ. එසේම අජීර්ණ, ක්ෂය යන රෝග වලින් පෙළෙන්නෝ වැහැරුණු සිරුර ඇති අය, වයෝවෘද්ධ බාල හා දුර්වල ශරීර ඇති අය, පිපාස, අතීසාර, ශූල, ස්වාස සහ හික්කා යන රෝග වලින් පීඩාවට පත්වූවන්ටද මීට අමතරව පහර කෑ අය, උන්මත්තක අය, යාන වාහාන පැදවීමෙන් හා රාත්‍රියේ නිදි මැරීමෙන් දුරුවල වූ අය නැතිනම් එවැනි ක්‍රියා ‍නිසාවෙන් වෙහෙසට පත් වූවෝ දහවල් නිදීම නිර්දේශ කර ඇත. ක්‍රෝධය, ශෝකය හා භය යන මානසික හැගීම් හේතුවෙන් ශරීරය දුර්වල වූවන්, සෑඹ සෘතුවකදීම දහවල් නිදා ගැනීමට පුරුදු වූ අය, යන සියළු දෙනා සෑම අවස්ථාවකදීම දහවල් නිදීම කලාට හානියක් නොවන බව සදහන්ය. එහිදී දිවා නින්ද හේතුවෙන් ඉහත සඳහන් කල තැනැත්තන්ගේ ධාතු සාත්ම්‍යය ඇතිවන බව සඳහන්ය. එබැවින් එම දිවා නින්ද තුලින් ඔවුන්ගේ නිරෝගිභාවය අතිවන අතර වියැකී ගිය ශරීර බලයද නැවත වර්ධනය වේ.අවයව හෙමින් පෝෂණය වේ.ආයුෂ පිළිබද ස්ථිරත්වය ඇතිවේ. විශේෂයෙන් ග්‍රීෂ්ම කාළයේදී දහවල වැඩිවී රාත්‍රී කාලය අඩුවී යන හෙයින් මේ කාලයේදී මිනිසුන්ගේ සිරුරුද රළු බවට පත්වන බව දක්වයි. එබැවින් එම කාලයෙහිදී දිවා නින්ද ප්‍රශස්ථ ප්‍රතිකාරයක් බව දක්වා ඇත. කෙසේ නමුත් ඉහත දැක්වූ කුලකයන්ට අයත් නොවන සියළුම තැනැත්තන් දිවා නින්ද වර්ජනය කල යුතු අයවෙති.

සිරුරේ මේද බහුල තැනැත්තන්ද, නිතර නිතර ස්නේහ සේවනය කරන අයවලුන්ද(ස්නේහ පාන සහ ස්නේහ අභ්‍යංග), ශරීර ප්‍රකෘතියෙන් මසම් බහුල යැයි හඳුනා ගත් තැනැත්තන්, දූෂී විෂයෙන් පීඩිත වූ රෝගීන්, යන අයවලුන්ද දහවල් නිදීම කිසි ලෙසකින් වත් ප්‍රඥා ගෝචර නොවේ. එවන් අයවලුන් සහ තම සිරුරට නොසුදුසු දහවල් නින්ද/ අකාලයේ නින්ද ප්‍ර‍යෝග කරන්නවුන්ට ශිරඃශූල, අවයව වල බරබව, ඇඟ මැඬුම, ආහාර රුචිය අඩුවීම, හෘදයෙහි ආබාධ, ඉදිමුම්, මුඛයට ඛේඨය නිතරම ඉනීම, පීනස, සමේ බිබිලි, වණ, පිඩකා, ආදීය ඇතිවීමකැස්ස, ගලරෝග, ස්මෘතිහානිය, බුද්ධිහානිය, ස්‍රෝතස් අවරෝධය, උණ, ඉන්ද්‍රිය දුබල බව, වැනි තත්ත්වයන්ට පත්වේ.

 මේ අකාරයට නින්ද ගැන ආයුර්වේදයේ දක්වා ඇති පැහැදිලි කිරීම තුලින් පුද්ගලයා විසින් තමන්ගේ සිරුරට අවැසි සුදුසුම ආකාරයේ නින්ද තිරණය කොට එය තම දෛනික චර්යාවන් තුලට ඇතුලත් කරගෙන යට අනූව සියල්ල සකසා ගත යුතුය. එයින් අධිකව පෘෂ්ටිමත්වීම වැනි තත්තවයන්ට පත්වීමේන් වැලකි සිටය හැක. එසේ වැලකී සිටින්නේ නම් එය බොහෝ රෝග වලින් මිදී සිටීමට මනා පිටුවහලක් වනු ඇත.