ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
දේශීය චිකිත්සා ක්‍රම‍යේ ‍‍‍ඓතිහාසික පසුබිම හා විකාශනය (පළමු ‍‍‍කොටස)

හැඳින්වීම

pulasti rishiභාරතීය ආයුර්‍වෙදයට සමාන ලක්ෂණ ඇති නමුත් ඉන් බැහැර වු ‍ ‍දේශීය චිකිත්සාව ‍‍‍ලෙස අදහස් කරනු‍යේ ශ්‍රී ලංකා‍‍වේදී ම ප්‍රභවය වී විකාශනය වුවකි. ‍මෙම ආයුර්‍වෙදය හිමව‍‍තෙහි පැවති සෘෂී සම්‍‍මේලන‍යෙන් පසුව ආරම්භ වු බව සඳහන් ‍වේ. එ‍‍හෙත් ලංකායුර්වේදය ‍‍හෙවත් ‍‍‍දේශීය චිකිත්සා‍වේ ආරම්භය ‍කොතැනකදැයි කිව ‍නොහැකි තරම්ය. සෘෂි සම්‍‍මේලනයට ශ්‍රී ලංකා‍‍වේ සිට ත්‍රි‍වේද පරප්‍රාප්ත පුලස්ථී සෘෂිවරයා සහභාගි වූ නිසා‍‍වෙන් ඒ වන විටත් ශ්‍රී ලංකා‍වේ දේශීය චිකිත්සා ක්‍රමයක් තිබු බව ප්‍රත්‍යක්ෂ ‍වේ. අප‍‍ගේ සෑම  ‍දෙයකටම මුල ඉන්දියාව යැයි කියන ශ්‍රී ලාංකිකයන් විජය රජු‍ගෙන් ව්‍යාප්ත වූවක් බව පමණක් සිතති. එ‍හෙත් අපට ඊට වඩා ඈතට විහිදුනු ඉතිහාසයක් ඇති බව ‍‍මො‍හොතකට ‍හෝ ඔවුන්‍‍ගේ මතකයට පැමිණිය යුතුය.  ආසියාවේ  පැරණිම නවීන මානව ලක්ෂණ ශ්‍රී ලංකා‍වේ බට‍දොඹ ‍ලෙ‍නෙන් හමුවන බව ආචාර්ය ශීරාන් දැරණියගල මහතා දක්වයි. මීට අමතරව මහා භාරතය, රාමායණ වැනි ග්‍රන්ථ ඉතා ඕනැකමින් පරිස්සමින් කියවා බැලී‍මෙන්ද අපට අපගේ ප්‍රෞඪත්වය අවබෝධ කර ගත හැකිය.එවන් රටක ප්‍රධාන මානව අවශ්‍යතාවයන් වු ‍වෙදකම ‍කෙබඳු තත්ත්වයක තිබෙන්නට ඇතිදැයි ‍මොහොතකට සිතා බැලිය යුතුය.සෘෂී යුග‍යේදි හිමව‍තෙහි පැවති මහාර්ෂි සමුළු‍වෙන්  පසුව භාරතය පුරා ආයුර්‍වෙදය පැතිර ගිය අතර එය ශ්‍රී ලංකාවට පැමිණි බවක් ‍නොදැක්වේ. ‍මේ  සමුළුවට සහභාගි වු එකම වෛද්‍යවරයා පුලස්ථි සෘෂීවරයා වීමත් යන ප්‍රධාන කරුණු ‍දෙක අනූව බලන කල අප ර‍ටේ එකල දියුණූ ‍වෛද්‍ය ක්‍රමයක් තිබී ඇත. මීට අමතරව එකල ශ්‍රී ලංකා‍වේ ගෘහ නිර්මාණ ශිල්පය, ‍වෛද්‍ය විද්‍යාව, ගණිත ශාස්ත්‍රය, උද්භිද විද්‍යාව, ගුප්ත විද්‍යාව, හා අහසින් යැ‍මේ වි‍ශේෂ හැකියාවන් සහිත අයද සිටි බව රාමායණ‍යේ දැක්වේ.

පසුකාලිනව ඉන්දියාව සමග තිබු සබඳතාවල අනිටු විපාකයක් ‍ලෙසින්  ‍දේශීය චිකිත්සාව පටපත් වන්නට ඇත. ඊට ප්‍රධාන ‍හේතුවක් ‍ලෙස මුඛ පරම්පරානුගතව චිකිත්සා ක්‍රමය රැ‍‍ගෙන ඒම ‍‍හේතු වී ඇත. තවද කිසි වි‍ටෙක දක්ෂ චිකිත්සකයන් එක්ව ‍මේ ‍දේශීය චිකිත්සාව සංගායනා කල බවක් අසන්නට නැත. එ‍‍සේ වුවද අ‍පේ ඇතැම් පාරම්පරික ‍වෙද මහත්වරුන් දන්නා ප්‍රත්‍යක්ෂ ඖෂධ භාරතීය ආයුර්‍වෙද‍යේ ඇතැම් විට නැති තරම්ය. ඒ බව ඩබ්ලිවු. අයි ප්‍රනාන්දු ‍වෛද්‍යාචාර්ය තුමා ‍මෙ‍සේ දක්වයි.

“අප ර‍ටේ  නොයෙක‍් ‍වෛද්‍ය පරම්පරා වලට ‍පොදුවු  රහස් ‍‍බෙහෙත් ඇති බව අප දනිමු. ඒවා ඖෂධ සං‍යෝග වශ‍‍යෙන් ඒකරාශී විමට ප්‍රභල විද්‍යාත්මක ඥානයක් අවශ්‍යය. එ‍මෙන්ම ලංකා‍වේ විෂ චිකිත්සා‍‍වේ ව්‍යවහාර කරන ද්‍රව්‍ය වලින් වැඩි ‍කොටසක් භාරතීය ආයුර්‍වෙද ‍පොත්වල දක්නට ලැ‍‍බෙන ඒවා ‍නොවේ.”                                                                                    -ආයුර්‍වෙද සමික්ෂා වර්ෂ කළාපය

‍මේ අනුව ‍මේවන විටද අපටම අනන්‍ය වූ ‍කොටස් ‍‍දේශීය චිකිත්සා‍වේ ඉතිරිව ඇති බව පැහැදිලිය. ඒ පිළිබඳව ආයුර්‍වෙද ‍වෛද්‍ය ශි‍රෝමණි රත්නසිරි ලියන‍ගේ මැතිඳුන් සමග කළ සාකච්ඡාවකදී සඳහන් වූ පරිදි ‍දේශීය චිකිත්සා‍‍ව අංග අටකින් යුක්ත බව ‍හෙළිවිය.

  1. වාත‍රොග  ‍වෙදකම
  2. ඇස් ‍වෙදකම
  3. කැඩුම් බිඳුම් ‍වෙදකම
  4. චර්ම ‍රෝග ‍වෙදකම
  5. ජලභීතිකා ‍වෙදකම
  6. සර්පවිෂ ‍වෙදකම
  7. ‍‍ගෙඩි වණ පිළිකා ‍වෙදකම‍
  8. විදුම් පිළිස්සුම් ‍වෙදකම

‍මෙම සියළු චිකිත්සා ක්‍රම පාරම්පරිකව ව‍වෝද්ගතව ති‍‍‍‍‍බෙන අතර හඳුනාගත් ‍පොදු වු ‍‍බෙ‍හෙත් වට්‍‍ටෝරු නැති තරම්ය. ඒ ප්‍ර‍දේශ වල ‍‍සොයා ගත හැකි ද්‍රව්‍ය ‍යොදා ගනිමින් ඒ ‍‍වෛද්‍යවරුන්‍‍ගේ දැනුම චිකිත්සා පත්‍රයක් පිළි‍‍යෙල කරනු ලැ‍බේ. එය සැමට සුව‍‍සෙත කැන්දන මහඟු ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඖෂධයක් වී ඇත.

ප්‍රාග් ‍ඓතිහාසික පසුබිම

ප්‍රාග් ‍‍ඓතිහාසික යුග‍යේ ශ්‍රී ලංකා‍වේ පැවති ‍වෛද්‍ය ක්‍රම පිළිබඳ ‍තොරතුරු විමර්ශනය කරන කල විජයාවතරණ‍‍යෙන් ඔබ්බට එහි ඉතිහාසය දිව යන වග කිව හැකිය. ශ්‍රී ලංකා‍වේ පැරණිම ප්‍රාග් ‍ඓතිහාසික ස්ථාන අතර මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජ‍‍වෙල ආදි ප්‍ර‍‍දේශවල ශිලා යුගයට අයත් මානවයන් වාසය කළ බවට සාධක ඇත. ‍මෙම සාධක වසර 125,000ට කාල නිර්ණය කර ඇත.

  • දැරණියගල, ශිරාන් 1991:13 පිටුව ‍- මෙම ප්‍ර‍‍දේශ වල කරන ලද කැණිම් වලින් ශිලා ‍මෙවලම් විශාල ප්‍රමාණයක් හමුවිය. ඒවා සතුන් මරා ගැනීමට හා මැරුණු සතුන්ගේ මස් ඉරා ගන්නට, හම ගසා ගන්නට භාවිත කළ බවට ‍තොරතුරු ‍හෙළි ‍වේ. ‍මෙම මානවයන් වනගතව ‍ගෙවු ජීවිත‍යේ දි නිරන්තර‍‍යෙන්ම ගල් මුල් වලින් හා සතුන් ‍ගෙන් සිදුවිය හැකි අනතුරු වලට මුහුණ පාන්නට ද ඇත. එවන් අවස්ථාවක නම් සිරුරට වු හානිය සුව කර ගැනීමට ‍නොදැන සිටියා යැයි සිතිමට අපහසුය. ආසියා‍වේ පැරණිතම නවින ලක්ෂණ සහිත මානව සාධක ශ්‍රී ලංකා‍වේ පාහියන්ගල හා බට‍දොඹ ‍‍ ‍ලෙ‍‍නෙන්  හමුවි ඇත.
  • දැරණියගල, ශිරාන් 1991: ශ්‍රී ලංකා‍වේ ප්‍රාග් ඉතිහාසය 23 පිටුව -‍ මේ වන විට හඳුනා‍‍ගෙන ඇති පැරණි සුසාන භූමිවලින් ද එවක විසු මානවයන්‍‍ගේ ශිෂ්ටසම්පන්න බව අව‍බෝධ කරගත හැකිය. බට‍දොඹ‍ලෙන කැණි‍මේදි  ලැබී ඇති මානව ඇටසැකිලි නමා හකුලා වල දැමිම.
  • දැරණියගල, ශිරාන් 1991:13 පිටුව – එනිසා ඔවුන්‍‍‍ගේ  අවමංගල චාරිත්‍ර ක්‍රමයක්  ද වු බව සිතීමට සාධක ඇත. ‍මෙම යුගය වන විට මිනිසා මැටි බඳුන් නිශ්පාදනය දැන සිටි බව රාවණා ඇල්ල ගුහා‍වෙන් හමුවු මිනිස් හිස් කබ‍‍ලෙහි ක්‍රමවත්ව හිල්විද එක් පැත්තක රතුගල් වලින් පාට කර තිබී ඇත. පාහියන්ගල ‍ලෙ‍නේන් වසර 5000ක් පැරණි ඇටසැකිල්ලක ගුරුගල් ආ‍ලේප කර තිබි‍මෙන් පැහැදිලි ‍වේ.‍

pahiyangalaඑයින් කිය ‍වෙන‍්‍‍නේ  තත්කාලීන යුගයන්හිදි දියුණු සංස්කෘතියක් ශ්‍රී ලංකා‍වේ තිබු බවයි.  ‍මේනිසා එකල ස්වස්ථතාවය ආරක්ෂා කර ගැනීමට ‍නො‍‍යෙක්  ක්‍රම අනුගමනය කරන්නටද ඇත.විශ්ව‍‍යේ උපත හා මානව සංහති‍යේ උපත කවදා සිදුවු‍‍යේ දැයි කිමට අප සැ‍‍වොම අසමත්ය. එ‍‍ලෙසින්ම චිකිත්සා ක්‍රමයන්හී උපත කවදා සිදුවී දැයි කීමටද අපට පුළුවන් කමක් නැත. යම් දි‍නෙක ‍‍ලෝකය මනුෂ්‍ය වාසයක් වීද, එදා සිටම ඔවුන්‍‍ගේ ‍‍රෝග ව්‍යාධි සමනය කිරීමට චිකිත්සා ක්‍රමයක පිහිට ලබා ගත් බව පිළිගත හැකිය.

‍වෛදික යුගය වන විට ශ්‍රී ලංකා‍වේ ඉතා දියුණු සංස්කෘතියක් තිබු බව රාම-රාවණ කථා පැවතින්ද පැහැදිලි ‍වේ. රාවණා රජු‍‍ගේ සීයා ‍‍කෙ‍නෙකු වන පුලස්ථි සෘෂිවරයා හිමව‍‍තෙහි පැවති සෘෂි සම්‍‍මේලනයට සහභාගී වු සෘෂීවරු අතර ත්‍රි‍‍‍වේද පරප්‍රාප්ත වු‍වෙකි.

ප්‍රනාන්දු ඩබ්ලිව්. අයි‍; ‍හෙළ වෙදක‍‍මේ සුලමුල, ආයුර්‍වෙද සමීක්ෂා, වර්ෂ කලාපය, 36 පිටුව – අගස්ථි සෘෂීවරයා‍‍ගේ සමකාලීන‍යෙකු වු ශ්‍රී ලංකා‍වේ පුලස්ථි සෘෂීවරයා එම සෘෂී සමුළු‍‍‍වේ සිටි එකම ‍‍වෛද්‍යවරයා වු‍යේ යැයි ඩබ්ලිව්. අයි ප්‍රනාන්දු මහතා දක්වයි. පුලස්ථි සෘෂිවරයා‍ගෙන් ‍වෙදකම උගත් රාවණා රජු සකල විද්‍යාවන්‍‍‍ගේ නිපුණ‍‍යෙකු විය. එතුමා විසින්,

  • අර්ක ප්‍රකාශ
  • නාඩි පුකාශ
  • කුමාර තන්ත්‍ර
  • උඩ්ඩීස තන්ත්‍ර
  • ශිවනාණ්ඩව ස්‍‍‍තෝත්‍ර

rama rawana warයන මාහැඟි ග්‍රන්ථයන් රචනා කරන ලදැයි ‍‍දේශීය චිකිත්සා සංග්‍රහ‍යේ දැක්‍‍වේ.  රාම-රාවණා ‍දෙදෙනා‍ගේ යුද්ධය නිමාවු පසුව රාම‍ගේ  පිරිස භාරතය බලා ‍ගොස් ඇත්‍‍තේ රාවණ‍ගේ  ‍සොයුරු විභීෂණ‍ගේ  අහස් යාත්‍රා‍වෙන්   බව කියැ‍වේ. (පඤ්ඤානන්ද හිමි, පරවාහැර, රාවණා පුවත හිතලුවක්ද?  ආයුර්‍වෙද සමීක්ෂා, 203 පිටුව) ඒ අනූව එකල  ශ්‍රී ලංකා‍වේ තිබූ දියුණුව ‍‍‍‍කෙතරම් දැයි අව‍‍බෝධ කරගත හැකිය. රාව‍‍ණ‍ගේ අභාව‍‍යෙන්  පසුව විභිෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා රාජ්‍යය භාරත‍‍යේ යටත් විජිතයක් වු නිසා ස්ව‍‍දේශිය සංස්කෘතිය, ‍ශ්‍රේෂ්ඨත්වය යටපත්ව ‍‍ගොස් භාරතීය ලක්ෂණ ඉස්මතු වී ඇත. (ධම්මරතන හිමි, කහටගස්දිගිලි‍යේ,  ප්‍රාග් ‍බෞද්ධ ලංකා‍‍වේ ස්වස්ථතා පසුබිම, ආයුර්‍වෙද සමීක්ෂා, 208 පිටුව) ‍කෙසේ   ‍වෙතත් යටපත් වූ පැරණි සංස්කෘතියක් තිබු බවට ඇති  සාක්ෂි ‍බොහෝය.  ඒ අතර කුඩා රාවණා ඇල්ල ආදී ප්‍ර‍දේශයන් වටා ‍‍ගෙතුනු ජනප්‍රවාද දැක්විය හැකිය.

 බුදුරජාණන් වහන්‍‍සේගේ  ලංකාගමනය හා මහාවංශ‍යේ දැක්‍‍වෙන විජයාවතරණය පිළීබඳ කථා පුවතත් අනූව ‍පෙර ලක්දිව විසු‍‍වෝ යක්ෂ, නාග, රාක්ෂස යන ‍ගෝත්‍ර වලට අයත් වු‍වෝ  ‍වෙති. ශ්‍රී ලංකා‍වේ යක්ෂ, නාග, රාක්ෂස සමාජ‍යේ සිටි ත්‍රි‍වේද පරප්‍රාප්ත සෘෂීවරයා වු‍‍යේද පුලස්ථිය.(ආයුර්‍‍වේද ‍වෛද්‍ය විද්‍යාලයීය ස්වර්ණ ජයන්තිය, 1987: 72 පිටුව) ඒ අනූව රාවණා රජුද එම ‍ගෝත්‍රයට ම අයත් වූ‍‍වෙකි. යක්ෂ සමාජ‍‍යේ චිකිත්සා සමග බැදී තිබුණු භූතවිද්‍යාව අද පවා යන්ත්‍ර මන්ත්‍ර ‍ලෙසින් ශ්‍රී ලාංකිකයන් අතර පවතී. විෂ චිකිත්සා‍වේ දී ඉතා අත්‍යාවශ්‍ය අංගයක් ‍ලෙස මන්ත්‍ර ශාස්ත්‍රය ‍යොදාගනු ලබයි. ඔවුන්‍‍‍ගේ ශාක ඖෂධ අතර යක්ෂකායම, යක්ෂවි‍‍රේකය, මාණිභද්‍ර ‍මෝදකය, යක්‍‍බේරිය, යකිවණස්ස, යක්නාරං ආදී ද්‍රව්‍ය අද පවා ‍දේශිය චිකිත්සකයන් ප්‍රත්‍යක්ෂ ඖෂධ ‍ලෙස භාවිතා කරති.(එම 74 පිටුව)

ඉන්දියා‍වේ පැතිර ගිය වසංගත ‍රෝගය වලක්වා ගැනීමට සෘෂී සම්‍‍‍මේලනය පැවැත්වු අතර ඉන් පසුව ආයුර්‍වෙදය නමින් චිකිත්සා ක්‍රමයක් සකසා ඇත. ආයුර්‍වෙද‍යේ උපත ‍වේද ග්‍රන්ථ වල රචනා වී ඇත. ශ්‍රී ලාංකීය ‍‍දේශිය චිකිත්සාව ඊට වඩා පැරණි වීම නිසා ‍හෝ ලිඛිත සාක්ෂි ‍නොමැති වීම නිසා එහි ආරම්භය කවදා ‍කොතැන්හි දි සිදුවු‍යේ   දැයි කරුණු දැක්ළුිම අපහසු කරුණකි.

‍‍‍ඓතිහාසික සාධක

අනුරාධපුර යුගය…..

‍‍දේශිය චිකිත්සා ක්‍රමය පිළිබඳව ‍ඓතිහාසික කරුණු විමර්ශනය කිරී‍මේදී මහාවංශය ආදී මුලාශ්‍ර වලින් පිටුවහලක් ලබා ගත හැකිය. අනුරාධපුර යුග‍යේ මුල් ම කාල‍යේ විජය රජු ප්‍රමුඛ  පිරිස‍ගේ පැමිණී‍මෙන් පසුව ඔවුන් කුමන ආකාර‍යේ චිකිත්සාවක් භාවිතා ක‍ළේ දැයි කරුණු අනාවරණය කරගත ‍නොහැක. එ‍හෙත් භද්දකච්චානා කුමරිය පුතුන් දස ‍දෙ‍නෙකු හා‍‍ එක් දියණියක බිහිකිරීම (මහාවංශය, 9;1 ගාථාව) යන puskolapothප්‍රවෘත්තිය අප‍ගේ අවධානයට ලක් කිරීම වැදගත්ය. (මහාවංශය 9;1 ගාථාව) මීට අමතරව උන්මාද චිත්‍රා කුමරිය ප්‍රසූතියට ආසන්න වු කල ප්‍රසූතාගාරයට කැඳවා‍ගෙන යාම නැමති සිදුවීම ද(මහාවංශය, 9;21 ගාථාව)‍දේශීය චිකිත්සාවක් පැවති බවට සාක්ෂියක් ලබාදේ.  ‍මෙම කරුණ සාමාන්‍ය සිදුවීමක් හා සම්බන්ධ වුවද චිකිත්සාවක් වශ‍යෙන් ගත්කල, ‍වෙනම ම ක්‍රමශිල්ප භාවිතා කරන, අව‍‍බෝධ‍යෙන් කළ යුතු හා ප්‍රගුණ කළ යුතු චිකිත්සා ක්‍රමයකි. චරක, සුශ්‍රැත, අෂ්ඨාංගහෘදය ආදී සංහිතා ග්‍රන්ථ වලද  ‍‍වෙනම ම අධ්‍යායක් ‍ලෙසින් විස්තර කර දක්වා ඇත. ‍මේ මගින් පැහැදිලි වනු‍යේ  දියුණු ‍‍දේශිය චිකිත්සාවක් එකල පවතින්නට ඇති බවයි. තවද සුතිකාගාරයක් ‍වෙනමම සකසා තිබීම තුලින් ද එයට වි‍ශේෂිත සැලකිල්ලක් හා අවධානයක් ‍යොමුකරන ලද බව සිතිය හැකිය. සුතිකාගාරය නිර්මාණය කිරීම ද ගර්භණී මාතාව හා දරුවා පිළිබඳව ද අවධානය ‍යොමු කර ඉතාම පිරිසිඳු ආකාරයෙන් සිදුකල යුත්තකි. එ‍හෙත් එය නිර්මාණය ක‍ළේ   ‍කෙසේ දැයි එහි සඳහන් ‍නොවේ.

පණ්ඩුකාභය රජු (ක්‍රි:පූ 377- 307) විසින් අනුරාධපුර නගරය සැළසුමකට අනූව සකස් කිරී‍‍මේ දි නගරවාසින්  ‍ගේ  අවශ්‍යතා අනූව සිවිකා ශාලාවක් හා ‍සොත්ටි ශාලාවක් ද (මහාවංශය, 10;102 ගාථාව) ඉදිකරවන ලදැයි දැක්‍‍ වේ.  ‍මෙසේ කරවන ලද්‍‍දේ  ආ‍‍‍රෝග්‍ය ශාලාවක් හා සූතිකාගාරයක් යැයි වංසත්තප්පකාසිනි කතුවරයා දක්වයි. (එම. 207 පිටුව) පණ්ඩුකාභය රජතුමා විසින් ‍මෙ‍සේ  සුතිකාගාරයක් සහ ආ‍රෝග්‍ය ශාලාවක් ඉදිකිරිම හරහා මහජනතාවට අවශ්‍ය ‍සෞඛ්‍ය පහසුකම් ඉතා  ‍‍හොඳින් ලබාදීමට අ‍පේක්ෂා කලා විය හැකිය. සාමාන්‍ය ආ‍රෝග්‍ය ශාලාවක කටයුතු වලට වඩා සංවිධිත හා උසස් අයුරින් ගර්භණින් පිළිබඳ කටයුතු වල නිරත විය යුතු නිසා‍වෙන් සුතිකාගාරය ‍‍වෙනම ඉදිකරන ලදැයි සිතිය හැකිය. භද්දකච්චානා කුමරිය‍ගේ කාල‍යේ පටන් ම සුතිකා‍ගෙය පිළිබඳව විස්තර ඇතුළත් විය. නමුත් එහි නිර්මාණය ‍‍කෙ‍සේ  විය  යුතු දැයි දක්වා  ‍‍නොතිබිණ.  ‍‍මේ  සුතිකාගෘහය පිළිබඳව සුශ්‍රැත සංහිතා‍වේ 10 අධ්‍යා‍‍යෙහි, 396 පිටු‍වේ මෙ‍සේ දක්වා ඇත.

“බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, ‍වෛශ්‍ය, ශුද්‍ර යන ‍මොවුන්‍‍ගේ සුතිකා ගෘහ පිළි‍වෙලින් සුදුපාට, රතුපාට, කහපාට, කළුපාට යන වර්ණවත් බිම් ‍පෙ‍‍දෙස්වල එසේ මපිළි‍වෙලින් ‍බෙලි – නුග – තිඹිරි – හල්ලකත යන ලී වර්ග වලින් නිර්මාණය කරන අතර ඒ ‍ගෙවලට අවශ්‍ය ඇඳන් ද ඒ ලී වර්ග වලින් ම නිර්මාණය කරන්‍‍‍‍නේය. සුතිකාගාරයට අයත් බිත්ති සියල්ලම මනාව (සුදුසු ‍දෙයින්) ආ‍ලේප ‍කොට, ‍ගෙය අලංකාර ‍කෙ‍රෙන තිර ආදිය නියමිත ස්ථානවල ‍යොදා, ‍‍‍පෙරදිග ‍හෝ දකුණු දිග අට රියනක් දික් වූත් සිවු රියනක් පළල් වූත් ‍‍දොරක් ද නිමවා, රකුසු උවදුරු වැලැක්වීම උ‍දෙසා රක්ෂා කර්ම හා මඞිගල කාර්යයද විධි වු පරිද්දෙන් සංවිධානය කරන්‍‍‍‍නේය.

ඉහත විස්තරය අනූව සුතිකාගාරයක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාර්යය කි. තවද ස්ත්‍රී චිකිත්සාව පිළිබඳ දැනුම ඇති ‍‍‍‍වෛද්‍යවරුන් හා උපස්ථායිකාවන් ද එහි සිටිම අත්‍යාවශ්‍ය ය. ‍‍මෙහි සුවි‍ශේෂි කරුණක් ‍ලෙස දැකිය හැකි රකුසු උවදුරු වැලැක්වීමට නම් ‍දෛනිකව ම ‍මේ සුතිකාගාරය රැක බලා‍ගෙන අදාළ පිරිසිදු කිරීම් සහ වතාවත් කර්ම සිදු කරන අය සිටිය යුතුම ය. එම කරුණු අනූව බලන කල පණ්ඩුකාභය රජු විසින් ඉදිකරන ලද සුතිකාගාරය ද ඉහත ලක්ෂණ වලින් යුක්ත වුවක් විය යුතු බව අනුමාන කළ හැකිය. එ‍සේ ම ‍මෙම චිකිත්සා ක්‍රම පිළිබඳ මනා දැනුමක් ඇති ‍දේශිය චිකිත්සකයින් හා උපස්ථායක/උපස්ථායිකාවන් ‍සේවය කරන්නට ඇත.

ධර්මා‍‍ශෝක රජු විසින් ‍‍දේවානම්පියතිස්ස (ක්‍රි:පූ 307 – 267) රජු ‍වෙත එවන ලද පුද පඬුරු/ත්‍යාග අතර අරළු, අමු ඉඟුරු හා ‍‍නෙල්ලි  ආදී ඖෂධ ද්‍රව්‍යයන් ද තිබු බව මහාවංශ‍යේ දැක්‍‍වේ. (එම. 11:31 ගාථාව) ‍‍මෙකල ශ්‍රී ලංකා‍වේ  හා ඉන්දියා‍වේ   ඉතා ‍හොඳ   ‍‍සෞඛ්‍ය ‍‍සේවාවක් ක්‍රියාත්මක වන්නට ඇති බවට සාක්ෂි ඇත. ‍දේවානම්පියතිස්ස රාජ්‍ය කාලය තුල සිදු වූ මහින්දාගමනයට අදාළ සිදුවීම් නිසා දියුණුව තිබු  ‍‍‍‍සෞඛ්‍ය    ‍සේවාව ගැන ‍තොරතුරු ඉදිරිපත් කිරීමට එතරම් ‍‍පෙළඹි ‍‍නොමැති බව ‍පෙනේ.

උත්තිය රජ දවස (ක්‍රි:පූ 267 – 257 ) මිහිඳු මහරහතන් වහන්‍‍සේගේ  පරිනිර්වාණය සිදුවිය. රජු‍‍ගේ  පුර්ණ අනුග්‍රහය හා මැදිහත්වීම මත සිදු වු ‍මෙම අදාහන පූ‍ජෝත්සවය තුලින් එකල පැවති  ‍දේශිය චිකිත්සා‍වේ මහිමය යම් තරමකට අව‍බෝධ කරගත හැකිය. මිහිඳු මාහිමියන්‍‍ගේ ශ්‍රී ‍දේහය සුවඳ‍  ‍තෙල් පුරවන ලද රන් ‍දෙනක තැන්පත් කර පුරා දින හතක් ‍ගෞරව දැක්වු බව කියැ‍වේ. (මහාවංශය 20: 36 ගාථාව) මෘත ‍දේහයක් කල්තබා ගැනි‍මේ ඉතා දියුණු ක්‍රම‍වේදයක් එකල තිබු බවට ‍මෙය කදිම නිදසුනකි. වර්තමාන‍යේදී ශරීර ‍‍කොටස් ඉවත් කර රසායනික ද්‍රව්‍ය ඇතුළු කරන අතර එය ද ඉතා ‍‍කෙටි කලකට පමණි. එ‍හෙත් ක්‍රි:පූ 03 වන සියව‍සේ දී අදට වඩා දියුණු වු චිකිත්සා ක්‍රමයක් තිබීම ‍හේතු‍වෙන් එවන් වු සාධනීය කල්තබා ගැනි‍‍මේ ක්‍රම භාවිතා කරන්නට ඇත. මිය ගිය පුද්ගල‍යෙකු‍ගේ උදර කුහරය තුළ ඇති සියලු අතුනුබහන් ආදී ‍කොටස් ඉවත් කර ගම්මිරිස් පුරවා මෘත ‍දේහය කල් තබා ගන්නා බව ද ‍‍රොබට් ‍නොක්ස් සඳහන් කරයි. (කරුණාරත්න, ‍ඩේවිඩ්., එදා ‍‍හෙළදිව 2008. 314)

ද්‍රවිඩ පාලන‍යෙන් රට ‍බේරා ගත් දුටුගැමුණු මහ රජුගේ පාලන සමය (ක්‍රි:පූ 161 – 137) ආරම්භ වන්නේ surgical instruments මිනිස් ඝාතන, ‍ලේ වැගිරීම් රාශියක අවසන් ප්‍රතිඵලයක් වශයෙනි. විජිතපුර මහ සටන ජයගැනීම සඳහා ගැමුණු කුමරු ඇතුළු යුද ‍‍සෙනගට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වු අතර ඉතා බිහිසුණු සටන් ඇතිවිය. ක‍‍ඩෝල් ඇතා‍ගේ ශරීර‍‍ය මතට ගිනියම් කළ මලකඩ ‍‍හෙළිම නිසා ‍වේදනා‍වෙන් පිඩිත වු ඇතා මඩ වගුරක් ‍‍සොයා දිව ගි‍යේය. ඒ අවස්ථා‍වේ දි ඇතා සුවපත් කිරීමට ඇත් ‍වෙ‍‍‍‍‍දෙකු ප්‍රතිකාර කළ බව මහාවංශ‍යේ (එම, 25:34 ගාථාව) හා ථුපවංශ‍යේ (එම 2007: 207 පිටුව) දැක් ‍වේ. දුටුගැමුණු රජ දවස තිබූ ඇත් ‍වෙදක‍මේ මහිමය (හස්ථි චිකිත්සාව) එම සිදුවී‍‍‍මෙන් ඉතා ‍හොඳින් අව‍‍බෝධ කරගත හැකිය. ඇත් ‍වෙදකම  එතරම් දියුණු තත්ත්වයක තිබු‍‍ණේ නම්  අ‍නෙකුත් ‍දේශිය චිකිත්සා කර්ම ‍‍‍කෙතරම් දියුණු තත්ත්වයක තිබු‍ණදැයි අනුමාන කර ගත හැකිය. ‍මෙම ‍දේශීය චිකිත්සාව දියුණු කරමින් රජු ‍රෝහල් 18 ක් කරවා රෝගින්ට අවශ්‍ය පථ්‍ය වූ ආහාරපාන ද ලබා දී ති‍බේ. (මහාවංශය, 32:38 ගාථාව) ඒ ඒ ප්‍ර‍දේශ වල ‍ලෙඩදුක් වලින් පීඩිතව කල් ‍‍ගෙවන ජනතාව‍ගේ සුව පහසුව පිණිස ‍‍රෝහල් ඉදිකරවු රජු ඒ ‍රෝගීන්ට පථ්‍ය වූ ආහාර පාන ලබා දීමට ද රාජ්‍ය අනුග්‍රහය යට‍තේ සිදුකර ඇත. ‍‍මේ මගින් අසාධ්‍ය ‍රෝගීන් පවා ඉතා ඉක්මනින් සුවපත් වන අතර නි‍රෝගි ජනතාව රාජ්‍ය‍යේ   දියුණුව පිණිස ‍‍යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මනා අව‍බෝධයකින් කටයුතු කර ඇත.

‍මෙම ‍රෝහල් වල ‍සේවය කල ‍වෛද්‍යවරුන්ට භාණ්ඩාගාර‍යෙන් වැටුප් ‍ගෙවන ලද අතර ගර්භණි කාන්තාවන් සඳහා ලුණු, මිරිස් ආදිය සහ ‍රෙදිපිළි ද ලබා දුන් බව සද්ධර්මාලංකාර‍යේ සඳහන් ‍වේ. (එම, දුට්ඨගාමිණි වස්තුව) ධර්ම කථික භික්ෂුන් වහන්‍‍සේලා ‍‍වෙත ධර්ම පරිස්කාර සහ ඖෂධ ද්‍රව්‍ය පිළිගැන්වීම ද සිදුකර ඇත.(මහාවංශය, 32: 44-47 ගාථා) භික්ෂූන් වහන්‍‍සේලා විසින් වැළඳිමට සුදුසු ඖීෂධ වර්ග හා ඒවා භාවිතා කළ යුතු දින කාලයන් ආදිය පිළිබඳව සිඛවළඳ හා සිඛවළඳවිනි‍සෙ හි  කරුණු දක්වා ඇත.(එම, 1999: 44 – 45 පිටු)

‍‍දේශීය චිකිත්සාව සංවර්ධනය කිරි‍මේ හා භාවිත කිරි‍මේ   ඉමහත් ‍‍‍ගෞරවය හිමිවන්‍‍නේ බුද්ධදාස මහ රජතුමාටය. (ක්‍රි:ව 337 – 365) නීති ශාස්ත්‍රය, භාෂා ශාස්ත්‍රය ආදිය හැරුණු විට ‍වෛද්‍ය ශාස්ත්‍රයද ප්‍රගුණ කල ‍‍ශ්‍රේෂ්ඨ නරපති‍යෙක් ‍ලෙස‍  දස රාජධර්ම‍යෙන් රාජ්‍ය පාළන කටයුතු කරනු ලැබීය.

දැහැමින් රාජ්‍ය විචාල ‍මෙතුමා තිරිසන්ගත සතුනට පවා කරුණා‍‍වෙන් කටයුතු කරනු ලැබිණ. ‍මහෙරජතුමා විසින් කරන ලද චිකිත්සා කර්ම කිහිපයක් පිළිබඳව මහාවංශ‍යේ කරුණු සඳහන් ‍වේ.(එම, 37: 112-173 ගාථා) එක් දිනක් ශරී‍‍ර‍යේ හටගත් ‍ගෙඩියක් නිසා පීඩාවට පත්ව සිටින නාග‍‍යෙකු දැක රජතුමා තිසාවැවට යන අතරමගදී ම චිකිත්සාවක් මගින් (ශල්‍ය චිකිත්සාව) එම නාගයා සුවපත් කරන ලදැයි යන පුවත ‍මේ විශ්මිත චිකිත්සා කර්ම සඳහා කදිම නිදසුන් ‍වේ. (මහාවංශය, 37: 112 – 123 ගාථා) බුද්ධදාස රජතුමා ඉතා කැපවී‍‍මෙන් හා ඕනෑකමින් යුක්තව ‍මේ කාර්යය කරන ලද බව පැහැදිලිය. නාගයාට ප්‍රතිකාර කිරීමට තරම් ‍මේ සඳහා ‍යොදා ගත් ක්‍රම ‍වේදයද ඉතා වැදගත්ය. නාගයා අධික විෂ සහිත නිසා අත්වැරදීමකින් වුවද දෂ්ඨ කල හැකිය. ‍‍මෙය ඉතා අවදානම් සහගත කටයුත්තක් නිසා රජු, නාගයා‍ගේ හිස තුඹසක් තුළට යැවු බව ද මහාවංශ‍යේ කියැ‍වේ. (එම, 37: 118 ගාථා) වර්තමාන‍යේ වුව ද පශු ‍‍වෛද්‍ය ක්‍රම‍‍යේ දි සතුන් නිර්වින්දනය කරනු ලබයි. කව‍රෙක් ‍හෝ පුද්ගල‍යෙකු විසින් ‍නො‍සෙල්‍‍වෙන ‍ලෙසින් අල්වා‍ගෙන සිටියි. ඒ අනුව බලන කල  ක්‍රි.ව 04 වැනි සියවස තරම් කාල‍යේ දි පවා ‍මේ   ආකාර‍යේ කුමන ‍හෝ ක්‍රම‍වේදයක් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය.

ගමක් පාසා ‍වෙදහල් පිහිටවු රජතුමා සෑම ගම් 10කට ම එක් ප්‍රධාන ‍වෛද්‍යවර‍‍යෙක් පත් කරවිය. (මහාවංශය, 37: 145 ගාථා) ඊට අමතරව අවශ්‍ය සියලු පහසුකම් ද ලබා ‍දෙනලදි. ‍මේ   ‍වෙදහල් අතර අන්ධ, ‍කොර ආදී ආබාධිත පුද්ගලයන් සඳහා වි‍‍ශේෂිත ඒවා ද විය. ඇත්, අස් ආදි සතුන් සඳහා  වු ‍වෙදහල් ද විය.(මහාවංශය, 37:145 – 148 ගාථා) ඉතා ‍‍හොඳ සංවිධානාත්මකම සෞඛ්‍ය ‍සේවාවක අවශ්‍යතාවය බුද්ධදාස මහරජතුමා ‍‍‍මේ මගින් ‍තේරුම් ගෙන සිටි බව  පැහැදිලිය. ‍‍ර‍ටේ ‍දේශීය චිකිත්සාව දියුණු කරමින් ‍රෝගින්ව සුවපත් කරවි‍මේ  කාර්යය ඉතා ‍හොඳින් සිදුකළ රජතුමා අනාගත ‍වෙදමහතුන් ‍වෙනු‍වෙන් ද යමක් කළ යුතු යැයි සිතා සාරාර්ථ සංග්‍රහය නම් ‍වෙද‍පොත රචනා කර ඇත. (මහාවංශය, 37: 145 – 146 ගාථා) සංස්කෘත භාෂා‍වෙන් රචනා කර තිබු ‍මෙම ‍පො‍තෙහි  මුල් පිටපත දැනට ‍සොයාගත ‍නොහැකි අතර ඉතිරිව තිබූ සංස්කරණ කිහිපයක පිටපත් ‍සොයාගත් ආර්. බුද්ධදාස ‍වෛද්‍යාචාර්යතුමා විසින් සාරාර්ථ සංග්‍රහය සිංහලට පරිවර්තනය කර ඇත. සාරාර්ථ සංග්‍රහය රචනා කිරි‍‍මේදි චරක, සුශ්‍රැත සහ අශ්ඨාංගහෘදය යන සංහිතා තුන ඇසුරු කරන්නට ඇතැයි සාරාර්ථ සංග්‍රහ ප්‍රස්ථාවනා‍වේ දක්වා ඇත.

buddadasa rajathumaබුද්ධදාස රජතුමා‍‍‍ගෙන් ‍දේශිය චිකිත්සාව මනා ‍‍ලෙස උගත් උපතිස්ස රජු ද (ක්‍රි.ව 365 – 406) අන්ධ, ‍‍කොර හා ගර්භණින් සඳහා ‍‍රෝහල් කරවු බව දැක්‍‍වේ. (මහාවංශය, 37: 182 ගාථාව) ආබාධ සහිත පුද්ගලයින් ‍‍‍පෝෂණය කිරීම රජය මගින් සිදුකරන ලද බව ‍මේ මගින් පැහැදිලි ‍වේ. ආර්ථික සමෘද්ධිය අතින් දුර්වල පවුල්වලට ‍මේ  ආබාධ සහිත වූවන් ‍පෝෂණය කිරීම විශාල අපහසුතාවයක් ‍‍ගෙන ‍දෙන්නට ඇත. ‍‍මේ නිසා රාජ්‍ය සුබසාධන සංකල්පය යට‍තේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ‍‍දෙන්නට  ඇතැයි සිතිය හැක. කායික ප්‍රතිකාර වලට අමතරව මානසික ප්‍රතිකාරය ද ඉතා වැදගත් නිසා ‍රෝග දුර්භික්ෂාදිය දුරුකරවීම පිණිස උත්තිය රජතුමා විසින් විථියක් පාසා රතන සුත්‍රය ‍දේශනා කරමින් පිරිත් පැන් ඉසින්නට සැලැස්වු බව දැක් වේ. (මහාවංශය, 37 :195 ගාථාව) රුහුණ පාලනය කළ අග්‍‍‍බෝ කුමාරයාද අන්ධ වුවන් සහ ‍වෙනත් ‍රෝගීන් සඳහා ‍‍රෝහල් කරවා ‍‍සෞඛ්‍ය පහසුකම් සලසා ඇත.(මහාවංශය,43 : 43 ගාථාව)

අනුරාධපුර යුගය ආරම්භ‍යේ සිටම ගර්භණින් ‍වෙනු‍වෙන් වි‍ශේෂ ‍ගෞරවයක් හා සැලකිල්ලක් දැක් වු බව  ‍‍රෝහල් ඉදිකිරිම් ආදි‍‍‍යෙන් ‍පෙනි යයි. මීට අමතරව දුටුගැමුණු රජු ලුණු, මිරිස්  වස්ත්‍රාදිය ලබා දුන් බව ද සඳහන් ‍වේ. ‍මෙම ද්‍රව්‍ය ‍යොදා සාදන කායම් ‍‍‍හොද්ද සුතිකාවන්‍‍‍‍ගේ   ‍දොස් ශමනය කිරීමට සමත් ඉතා ‍හොඳ ඖෂධයක් බව රොබට් ‍නොක්ස් ද සඳහන් කරයි. (කරුණාරත්න, ‍ඩේවිඩ්. 2008: එදා ‍හෙළදිව, 314 පිටුව) ‍මෙවැනි සාධනීය ක්‍රම පමණක් ‍නොව මවු කුස තුල පිළිසිඳ ගත් දරුගැබ ‍බෙ‍හෙත් දීම, තැලීම, කැපීම ආදී ක්‍රියාවන්‍‍ගෙන් විනාශ කිරි‍මේ ක්‍රම‍වේදයන්ද තිබී ඇත.(සිඛවළඳ හා සිඛවළඳ විනිස, 1999:27 පිටුව)

හතරවන කාශ්‍යප රජු‍‍ගේ (ක්‍රි.ව : 898 – 914 ) ඉලංග‍සේන නම් ‍සෙ‍නෙවිවර‍යෙක් අනුරාධපුර‍යේ  සහ ‍‍පො‍‍‍ළොන්නරු‍වේ  වසංගත ‍රොග වැලැක්වි‍මේ  අරමුණින් ‍‍රෝහල් ඉදිකරවා  ඇත. (මහාවංශය, 52: 26 – 28 ගාථා) වසංගත ‍රෝග ‍ලෙස අදහස් කර ඇත්‍‍තේ ‍‍බෝවන ‍රෝගයන්ය. වි‍ශේෂ‍යෙන් ම ‍මෙවැනි ‍රෝගි‍යෙක් නිවසක සිටින්‍නේ නම් ඔහුට/ඇයට අවශ්‍ය පහසුකම් අන් අය‍ගෙන් වෙන්කර ලබා‍දෙයි. ‍‍මෙයින් බලා‍පො‍රොත්තු වන්‍‍නේ පවු‍ලේ අ‍‍නෙක් අයට ‍රෝගය පැතිරි‍මේ අවධානම අවම කරවීමයි. ‍‍මෙම ක්‍රම‍වේදය ම එකලද ‍‍යොදා ගන්නට ඇත. වසංගත ‍රෝගීන් සඳහා ම ‍‍වෙන්වු ‍රෝහල් කරවීම මගින් නගර වැසියනට  ‍‍රෝග ‍බෝවිමේ  අවස්ථාව වලක්වා ඇත.