ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ද්‍රව්‍ය ගුණ විඥානය ගැඹුරින් කියවමු.(පළමු කොටස)

ද්‍රව්‍ය ගුණ විඥානය විෂය ආයුර්වේදීය ප්‍රතිකාරයේදී අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රගුණකර තිබිය යුතු විෂය ක්ෂේත්‍රයකි.  ආයුර්වේදය ගැන ගැඹුරෙන් හදාරන්නන් හටද මෙම විෂය පිළිබදව ප්‍රාමාණීක දැනුමක් තිබීම ආයුර්වේදිය ඖෂධ පිළිබදව කරුණූ අවබෝධ කර ගැනීමට උපකාර වේ. ආයුර්වේද ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන සියළුම ඖෂධයන් පමණක් නොව පාර්ථිව(ඛණිජ ද්‍රව්‍ය), උද්භිද(ශාකමය),ජාන්තව(සත්ව) යන ත්‍රිවිද අංශයේම ද්‍රව්‍ය විස්තර කෙරෙනුයේ මෙම ද්‍රව්‍ය ගුණ විඥාන විෂය තුලිනි.

නූතන ද්‍රව්‍ය ගුණ විඥානයේ විකාශය

වර්තමානයේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවීතා කරමින් සිදුකරනු ලැබූ භෞතික සහ රසායනික විශ්ලේෂණයන් තුලින් හෙලිකර ගත් තොරතුරු හා දත්තයන්ද නූතන ඇලෝපති වෛද්‍ය ක්‍රමය තුල ඖෂධ නිශ්පාදනයේදි භාවිතා කරනු ලැබේ. එම ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ගුණකර්ම විඥානය(Pharmacodynamics), චිකිත්සාකර්ම විඥානය(Therapeutic), හා විෂවිඥානය(Toxicology)යන අංශ යටතේ බෙදා ඇත.  ඖෂධකර්ම විඥානය (Pharmacology) ද්‍රව්‍යයේ ක්‍රියාවන් පිළිබද කරුණු වලට සම්බන්ධ වේ. ද්‍රව්‍යයට අයත් ක්‍රියාව ශරීරයේ විවිධ ඉන්ද්‍රිය හා කොටස් කෙරෙහි ක්‍රියා කරන ආකාරය මෙහිදී සොයාබැලේ. චිකිත්සාකර්ම විඥානය/ ක්‍රියා විඥානය රෝග ශාන්තිය හා රෝග ප්‍රතිශේධය කෙරෙහි ද්‍රව්‍යන්ගේ බලපෑම විස්තර කෙරේ. මෙය රෝග ශාන්තිය (Pharmacotherapy) ප්‍රතිශේධය පිණිස බෙහෙත් දීම(chemotherapy) යැයි නැවත කොටස් දෙකකට බෙදේ. පළමුවැන්න ශරීරයේ ක්‍රියාවන් කෙරෙහි බලපා එම ක්‍රියාවන් ප්‍රතිසංස්කරණය හෝ වෙනස් කිරීමෙන් රෝග ශාන්තිය පිණිස ක්‍රියා කරණු වස් එක එල්ලේ යොදනු ලැබේ. දෙවැන්න බාහ්‍ය හෝ අභාන්තර වශයෙන් ශරීරයේ පවත්නා පරජීවීන්(Antibody) හා දෝෂවෛෂම්‍යතාවය නැමති රෝගකාරක හේතුන් විනාශ කිරීම පිණිස යෙදේ. විෂ විඥානය ද්‍රව්‍යයන් අයත් විෂ ශරීරේන්ද්‍රියන් හා ශරීරයේ විවිධ අංශයන් කෙරෙහි බලපාන ආකාරය පිළිබදව විස්තර කෙරේ.

ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානය ඉතාම පුළුල් විෂයකි. වර්තමාන බටහිර විද්‍යාව පිළිගන්නා ආකාරයේ පර්යේෂණ ක්‍රමවේදයක් අනුගමනය කර නැති මුත් ආයුර්වේදය තුල එයටම අනන්‍යවූත් පිළිගතහැකි දාර්ශනික පදනමක් ඇති සංකල්ප මත ඉදිරිපත්කල විශ්ලේෂණයක් එයට ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට  වඩා වැඩි වටිනාකමක් එකතු කර දෙන්නේ මෙම කොටසයි. මෙම ආයුර්වේදය පෝෂණය කරනා සාරවත්ම කොටසයි. මෙම ද්‍රව්‍ය ගුණ විඥානය විෂය තුල ද්‍රව්‍ය පිළිබදව රස, ගුණ, වීර්යය, විපාක සහ ප්‍රභාව යනුවෙන් වෙනම මාතෘකා පහක් යටතේ විස්තර කිරිම් කෙරේ.

මෙම ලිපිය තුලින් සාකච්ඡා කරනු ලබන්නේ මෙම මාතෘකා පහෙන් දෙවැනි මාතෘකාව වන ‘ගුණ’ යන මාතෘකාවයි. එය අප ගුණ විඥානය යනුවෙන් හදුන්වමු.

ආයුර්වේදය තුල ගුණ විඥානය යන මාතෘකාව ඔස්සේ දක්වා ඇති කරුණු අතර ගුණ සංඛ්‍යාව පිළිබදවද තොරතුරු ඇතුලත්ය. ගුණ සංඛ්‍යාවෙන් හතලිස් එකකි(41). මෙම ගුණයන් වෛශේෂික ගුණ(5), ආත්ම ගුණ(6), පරාදි ගුණ(10) සහ සාමාන්‍ය ගුණ(20) යනුවෙන් වෙන් වෙන්ව දැක්විය හැක. කෙසේ නමුදු මෙම ගුණ හතලිස් එකට මනස යන ගුණයද එකතු කොට ගුණ හතලිස් දෙකක් ලෙසද දක්වන ආචාර්ය මතයක්වේ. සම්පූර්ණ ගුණ හතලිස් දෙක පහත පරිදි වේ.

  • වෛශේෂික ගුණ

ශබ්ද, රූප, රස, ගන්ධ සහ ස්පර්ශ

  • ආත්ම ගුණ

බුද්ධි, ඉච්ඡා, ද්වේෂ, සුඛ, දු:ඛ සහ ප්‍රයත්න

  • පරාදි ගුණ

පරත්ව, අපරත්ව, යුක්ති, සංඛ්‍යා, සංයෝග‍‍‍‍‍‍‍‍‍‍, විභාග, පෘථක්ත්ව,  පරිනාම, සංස්කාර සහ අභ්‍යාස

  • සාමාන්‍ය ගුණ

ගුරු, ලඝු, ශීත, උෂ්ණ, ස්නිග්ධ, රූක්ෂ, මන්ද, තික්ෂ්ණ, ස්ථිර, සර(චල‍), මෘදු, කඨින, විශද, පිච්ඡිල, ශ්ලක්ෂ්ණ, ඛර, ස්ථුල, සුක්ෂ්ම, සාන්ද්‍ර සහ ද්‍රව

  • මනස