ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
දශමුලාරිෂ්ටය

යෝග ද්‍රව්‍ය

පළමු කෂාය

අස්වැන්න, සිවිය මුල්, පොල්පළා, ජටාමාංශ, එළබටු මුල්, රුක්මල්, කටුවැල්බටු මුල්, ඉරමුසු, නෙරෙංචි, කලුදුරු, බෙලි මුල්, තිරැස්සවාලු මුල්, තොටිල මුල්, වාල්මොළගු, ඇත්දෙමටමුල්, හීන් අරත්ත, පළොල් මුල්, තිප්පිලි, හීං මිදි මුල්, පෙතිපුවක්

සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 300 බැගින්ද

රත්නිටෝල්, පෞෂ්කර  ග්‍රෑම් 1500 බැගින්ද

ලෝධ්ර, රසකිඳ ග්‍රෑම් 1200 බැගින්ද

නෙල්ලි ග්‍රෑම් 960 යි

දුරාලභා(වැල් කහඹිලියා) ග්‍රෑම් 720 යි

රත්කිහිරිය, අසන(ගමමාලු අරටු), අරලු  ග්‍රෑම් 480 බැගින්ද

ශඨී(ඉඟුරු පියලි ප්‍රතිනිධි), ශත පුෂ්ප, නාමල් රේණු, කලාඳුරු අල, කෙළිඳ සහල්,  කර්කටක ශෘංඞගි, ජීවක, සෘෂභක, පද්මකාෂ්ඨ, වියලි කහ, මහාමේදා, කාකෝලි, ක්ෂීර කාකෝලි,  සෘද්ධි, වෘද්ධි, මේදා, සුවඳ කොට්ටම්, වැල්මදට, දේවදාර, වළගසාල්, වැල්මී, සිරිතේක්කු

සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 120 බැගින්ද‍

දිවුල් මද, බුලු, සාරණ මුල් ග්‍රෑම් 120 බැගින්ද‍

ජලය ද්‍රව්‍ය මෙන් අට ගුණයකි.

දෙවන කෂාය

මුද්දරප්පලම්                ග්රෑම් 3600යි

ජලය                            ග්රෑම් 14400යි

මී පැණි                         ග්රෑම් 1920යි

ගුඩ                               ග්රෑම් 24000යි

ධාතකී(මලිත මල්)        ග්රෑම් 1800යි

 

ප්‍රක්ෂේප ද්‍රව්‍ය

කපු කිනිස්ස ඇට, කුරුඳු ‍පොතු, සැවැන්දරා, හීන් එනසාල්, සුදු හදුන්, තේජ පත්‍ර, සාදික්කා, නාමල් රේණු, කරාබු නැටි, තිප්පිලි ග්රෑම් 120 බැගින්

අමතරව කස්තුරි ග්රෑම් 04 ක්ද දමනු ලැබේ.

සංස්කරණය

යෝගයෙහි සදහන් පළමුවන කෂාය ද්‍රව්‍යය පිරිසිදුව ගෙන මදක් තලා නියමිත ජලය බහා සතර එකට සිදුවා පෙරා ගන්න.

ඉන්පසු නියමිත මුද්දරප්පලම් ගෙන ජලය ග්රෑම්14400 ක් දමා ග්රෑම් 9600 ට සිදුවා පෙරා ගත යුතුය.

කෂාය දෙකම මිශ්‍ර කොට සිසිල් වු පසු ගුඩ දියකර නැවත පෙරා, මදක් තලා පිලියෙල කර ගත් ප්‍රක්ෂේප ද්‍රව්‍ය(කස්තුරි හැර) කෂායෙහි ලා, යෝග්‍ය බදුනෙක්හි බහා කඩ මැටි බැද මසක් තබා පෙරා ගන්න.

ඉන්පසු කස්තුරි සුරා සාරයෙන් අඹරා දියකර පසුව අරිෂ්ටයට මිශ්‍ර කරන්න.