ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ගිතෙල්, තල තෙල්, එරඩු තෙල් ගුණ

චරක සංහිතාවේ සූත්‍රස්ථාන ‍දහතුන්වන අධ්‍යායය වන්නේ ස්නේහාද්ධ්‍යායය නම් අධ්‍යායයයි. එහි විශේෂයෙන් පහත තෛල වර්‍ග තුනෙහි ගුණ දක්වා ඇත.

ගිතෙල් ගුණ

  • වාත පිත්ත නාශකයි.
  • රස ධාතුව, ශුක්‍ර ධාතුව ඕජස යන ඒවාට හිතයි.
  • ගින්නෙන් පිළිස්සීමෙන් හට ගන්නා දැවිල්ල නසයි.
  • ශරීරයේ මෘදු බව ඇති කරයි.
  • කට හඬ හා භාෂණය, සමේ පැහැය යන තත්ත්වයන්ගේ වැඩිදියුණුව සිදු කරයි.

තල තෙල් ගුණ

  • වාත නාශකයි.
  • එහෙත් සෙම නොවඩයි.
  • ශරීර බලය ඇති කරයි.
  • සමේ පැවැත්ම වර්ධනය කරයි.
  • උෂ්ණ වීර්යය ඇත.
  • ශරීරයේ ස්ථිරත්වය ඇති කරයි.
  • යෝනි ශෝධන ගුණය ඇත.

එරඩු තෙල් ගුණ

  • කටු රසයි.
  • උෂ්ණ වීර්යයි.
  • බරයි.
  • වා සෙම් නසයි.
  • විශේෂ ගුණයක් ලෙස කසට, මධුර සහ තික්ත යන රසයන් සමග මිශ්‍ර වු විට පිත් දෝෂයද නසයි.