ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ඉතිහාසය සොයා යෑම (පළමු කොටස)

මහා වංශයේ සඳහන් තොරතුරු වලට අනූව  ලක්දිව  විසු ප්‍රධාන ජන කණ්ඩායම් යැයි පිළිගැණුනු යක්ෂ නාග රාක්ෂ සහ දේව යන  ගෝත්‍රිකයන්ගෙන්(අසුරයන්ගෙන්) දඹදිවින් පිටුවහල් කිරීම නිසා මෙරටට සංක්‍රමණය වු විජය ඇතුළු පිරිස වෙත මෙරට පාලනය හුවමාරු වීම ‍‍‍විජයාවතරණය නම්වු ඓතිහාසික සංසිද්ධිය ලෙස පිළිගැනේ.

ක්‍රි.පූ හයවැනි සියවසේදි විජය ඇතුලු පිරිස වර්තමාන මන්නාරමට තරමක් පහළින් ස්ථානයකින් මෙරටට ගොඩබැස ඇත. පළමු අවස්ථාවේ මල්වතු ඔය මුහුදට වැටෙනා ප්‍රදේශය ආශ්‍රිතව තම්මැණ්නා පුරයේ විජය කුමරුද(ක්‍රි.පූ 543-504) පසුව ක්‍රමයෙන්  රට අභ්‍යන්තරයට වන්නට පිහිටි සශ්‍රීක මල්වතු ඔය නිම්නයේද නව පාලන තන්ත්‍රයක් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් ඇති කරන්නට යෙදුනේය. විවිධ ක්ෂේත්‍ර වල නිරතවුවන් විජය සමග පැමිණි  අතර  විටින් විට දඹදිව සිට ‍ක්ෂේත්‍ර නිපුණයෝ ගෙන්වා ගෙන නව ශිෂ්ඨාචරයක් ගොඩ නැන්වීමට ඔවුන් කටයුතු කලහ. මෙරට පිළිගත් ඉතිහාසය ඇරඹෙන්නේ එම යුගයේ  සිට බව පිළිගැනුනද  ඊට පෙර අවධිය අඳුරු අශීෂ්ඨ යුගයක් ලෙසම සැලකිය නොහැක. ලිඛිත සාක්ෂි නොමැති වුවත් හෙළයේ සැබෑ උරුමක්කරුවන් විජය ඇතුලු පිරිසගේ ආරම්භ වු නව ශිෂ්ඨාචාරයෙන් පැවතෙන්නන් නොව ඊට පෙර සියවස් ගණනාවක සිට මෙරට ජීවත්වු අසුරයන් ලෙස හැදින්වු හෙළයන් බව ස්ථිරය.

ඇතමුන් ප්‍රබන්ධයක් ලෙස සලකනා නමුදු ප්‍රබන්ධ සීමාවෙන් ඔබ්බට ගොස් යම් යම්  අපහැදිලි සහ සැකමුසු භෞතිකමය සාධක ඉතිරිවි ඇති පූර්ව විජය අවධිය තුළද මෙරට දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බව අපට පිළිගැනීමට බල කරන සාක්ෂිමය කරුණු රාශියකි. පූර්ව විජය අවධිය කොතරම් කාලයක් ඈතට ඇදී යන්නේද යන වගට තවමත් නිශ්චිත පිළිතුරු නැත. එහෙත් එම යුගය පැහැදිලි ලෙසම ඉතා බලවත්ව පැවති බව නම් සහතිකය. ලංකාදිපති වු  ශ්‍රී රාවණා යුගයේදි ගුවනින් යාමේ තාක්ෂණය හෙළයන් සතුවු බව ‘දඩු මොණරය’ නම්වු රාවණයන්ගේ ගුවන් රථය පිළිබද තොරතුරු වලින්  සිතාගත හැක. හෙතෙම තම දඩු මොණර යන්ත්‍රය ආධාරයෙන් දඹදිවට පියාසර කල බව ඉතිහාස කථාවල දැක්වේ.

එසේම ඔහුගේ ගුවන් යානය ගුවන් ගත කල සථාන කිහිපයක් ගැනද සදහන් වේ.ලකේගල හෙවත් ලක්ගල සිතාඑළිය තොටුපළ කන්ද සහ තවත් විවිධ සථාන කිහිපයකම මෙම ගුවන් යානය ගොඩ බැස්විමේ ස්ථාන පැවතුන බවට මතයන් ඇත.

එසේම ශ්‍රී රාවණයන් වෛද්‍ය විද්‍යාවේද නිපුණයෙක් බව සදහන්ය.  අර්කප්‍රකාශ, නාඩිප්‍රකාශ, කුමාරතන්ත්‍ර යන වෛද්‍ය ග්‍රන්ථ හෙතෙම රචනා කල බැව් සදහන්ය. ශ්‍රී රාවණයන්ගේ සීයා ලෙස සැලකෙන්නේ පුලස්ති සෘෂි වරයාය. හෙතෙම ලෝක සත්වයන්ට මුහුණ දීමට සිදුවු විවිධ රෝග බිය සමනය කිරීම සදහා දඹදිව හිමවත පාමුල පැවති පළවැනි සෘෂි සම්මේලනයට හෙළදිව නියෝජනය කරමින් සහභාගි වු වෛද්‍යවරයා බව ආයුර්වේදඥයන්ගේ මතයයි. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල ගලේ නෙලු පිළිමයක් දැකගත හැක. මෙම පිළිමයේ සිටිනුයේ පුලතිසි සෘෂිවරයා  යැයි මතයක් ඇත. ආයුර්වේදාවතරණය ගැන ලියවී ඇති සංහිතා ග්‍රන්ථ වල පුලතිසි යන සෘෂිවරයෙක් ගැන සදහන්ය. තවද රිටිගල සහ රූමස්සල යන සුවිශේෂි ඖෂදීය වටිනාකමකින් යුතුවු  වනාන්තර පද්ධති දෙකක් ගැනද මෙහිදී සදහන් කල

යුතුය. අදාල ප්‍රදේශ දෙකෙහි ඇති අනෙකුත්  වනාන්තර වල ශාක ප්‍රභේද වලට සම්පූර්ණයෙන්ම වෙනස්වු සහ  රිටිගලට සහ රූමස්සලටම පමණක්  අනන්‍යවු ජෛව විවිධත්වයක් එම වනාන්තර දෙක තුල දැකගත හැකි වීම ගැන පිළිගත හැකි පැහැදිළි කිරීමක් කිරීමට මෙතෙක් කිසිදු විද්වතෙකුට හැකියාව ලැබී නොමැත. මේ සම්බන්ධයෙන් ඇති එක් ජන මතයක් වන්නේ මෙම වනාන්තර රාම රාවණ යුධයේදී තුවාල ලැබූ රාමගේ සෙබළුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට හිමාල අඩවියෙන් හනුමන්තා විසින් ගලවා ගෙන ආ කොටස් දෙකක් බවයි. එම මතය සනාථ කිරිම සදහා ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ රිටිගල සහ රූමස්සල යන කැලෑ ද්විත්වයේ ඇති බොහෝ ශාක හිමාල වනයේද දැක ගත හැකි බවයි. මෙම කරුණු අනූව පූර්ව විජය අවධියේදි  දියුණු ශිෂ්ඨාචාරයක් මෙරට පැවතුන බව අවඥාවෙන් බැහැර කල නොහැක. විජය ඇතුළු පිරිස මෙරටට එන්නේ සම්බුද්ධ පරිනිර්වාණයත් සමගය. ගෞතම බුදු රජානන් වහන්සේ තෙවරක්ම ලක් දිව‍ට වැඩමවු බවත් මෙම රටේදි ධර්මය දේශනා කල බවත් කවුරුත් පිළිගන්නා සත්‍යකි. එම කරුණ විජයාවතරණයට පෙර  කාලයේද මෙරට බුද්ධිමත් ජනතාවක් සිටි බවට හොදම උදාහරණයයි. තවද බුදුන් වහන්සේගේ සහ ශ්‍රී සද්ධර්මයේ  සරණ ගිය ප්‍රථම උපාසකයින් වන තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් ‍වෙළදාම පිණිස ලක්දිවට පැමිණි බවත් ප්‍රථම

ස්ථූපය වන ගිරිහඩුසෑය ගොකන්න(ත්‍රීකුණාමලය) ප්‍රදේශයේ ඉදිකල බවත් සදහන්ය. වෙළදුන්ගේ පැමිණිමෙන් තේරුම් ගත යුත්තේ එකට මෙරට සිටි ජනයා ව්‍යාපාරික ආර්ථික කටයුතු වලද නිරතව සිටි අය බවයි. මෙයද පුර්ව විජය යුගය දියුණු යුගයක් බව පැවසීමට උපකාර කර ගත හැක.