ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේදයේ ආරම්භය
“ඕනෑම යම් දෙයක් ආරම්භ වීම සඳහා එම කරුණ සම්බන්ධයෙන් සමාජයේ යම් නිශ්චිත අවශ්‍යයතාවයක් ඇතිවි තිබිය යුතුමය.අවශ්‍යයතාවයකින් තොරව කිසිදු දෙයක් ආරම්භ වන්නේත් පවතින්නේත් නැත.අවශ්‍යයතාවය යහපත් හෝ අයහපත් එකක් විය හැක.ආයුර්වේදයේ ආරම්භය ඇති වන්නේද මෙම පූර්ව කොන්දේසියට යටත්වය. ආයුර්වේදයේ ආරම්භය කෙසේ වී දැයි විමසුමට පෙර ආයුර්වේදය ලොව ඇති වීමට පදනම් වු සුවිශේෂි අවශ්‍යයතාවය සහ පුරාණ ඉන්දියානු සමාජයේ පැවති සාමාජීය දේශපාලන හා ආගමික පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනිම පූර්ණ අවබෝධයකට උපකාර වේ.”

ලොව පැරණිම වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයයි. ලොව ‍පිලිගත් වෛද්‍ය කර්මයන් අතරින් අයුර්වේදයට වඩා පැරණි වෛද්‍ය ක්‍රමයක් ලොව පැවත තිබුනේ වත් නැති බව ඇලොපති හෝමියෝපති ඇතුළු සියලුම වෛද්‍ය ක්ෂේත්‍රවල පොදු පිළිගැනීම වේ.

ආයුර්වේදයේ ආරම්භය ගෞතම බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාල සමයටත් පෙර කාලයට දිව යයි.පැහැදිලි ලෙසම නිශ්චිතව සදහන් කල හැකි කාල වකවානුවක් පැවසිමට නොහැක්කේ ඒ පිළිබදව විවිධ පරස්පර අදහස් හා මතවාදයන් කිහිපයක් පවතින බැවිනි. ගෞතම බුද්ධෝත්පාද කාලයට පෙර යුගය බ්‍රහ්මණ පූජකයින් විසින් දැඩිව ඉන්දියාව තම ග්‍රහණයට ගෙන තිබූ යුගයක් විය. එයිනුත් ආයුර්වේදයේ ආරම්භය සටහන් වන වෛදික යුගය බ්‍රහ්මණ ඉගැන්වීම් වල ස්වර්ණමය යුගයක් ලෙස සැලකිය හැකිය. බුද්ධෝත්පාදයට සියවස් ගණනාවටය පෙර (ආසන්න ලෙස ක්‍රි.පූ 5-6 සියවස් වලට පෙර) වේද යුගයේදි ආයුර්වේදයේ මූල බීජය රෝපණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. වේද ග්‍රන්ථ රචනා කරමින් බ්‍රාහ්මණ ප්‍රාඥයයන් විසින් නව දැණුම සහ විද්‍යාවන් පිළිබද පර්යේෂණ සිදුකරමින් සිටි යුගයකි එම යුගය. සැම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි නව සංකල්ප හා මතවාදයන් ඔවුන් ගොඩනගන්නට විය. ඒ අතර ඔවුන් දුටුවේ නිරන්තරයෙන් හට ගන්නා යුද්ධ කොලාහල, හදිසි අනතුරු, වසංගත සහ අනපේක්ෂිත වු විවිධ හේතුන් නිසා මිනිසුන්ට ඇතිවන ශාරිරික ආපදා තත්වයන් සහ රෝගී තත්වයන් වලට සාර්ථක පිළියමක් ඔවුනට නොමැති බවයි.මෙයට පිළියමක් සොයාගැනීමට අවශ්‍ය වන්නටද ඇත. සමාජීය හා දේශපාලනමය බලපෑම හමුවේ මෙම විසදුම් සෙවිමේ ක්‍රීයාවලිය විධිමත්ව කිරිමට ඔවුනට බලකෙරෙන්නටද ඇත.

බ්‍රාහ්මණ ඉගැන්වීම් වල ඇතුලත් බොහෝ කරුණු සංග්‍රහ කොට රචිත වේද ග්‍රන්ථ( සෘග්, යජූර්, සාම, අථර්වන්) එකල්හී විසු බ්‍රාහ්මණයන්ගේ දැණුම ගබඩා කොට තැබූ ස්ථානයයි. වේද යුගයෙන් පසුව පැමිනෙන යුගය බ්‍රාහ්මණයන්ගේ වෛදික යුගයයි. මෙම යුගය වන විට ආයුර්වේදය ශක්තිමත් පදනමක් මත හොදින් අතුපතර විහිදි වැඩීගිය මහා වෘක්ෂ රාජයෙක් වී සිටිබව පිළගන්නට සිදුවේ. සමාජය තුළ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබීමටත් අධ්‍යාපනය ලබා දීමටත් පූර්ණ එකාධිකාරය ලබා සිටි බ්‍රාහ්මණයන් අතුරෙනුත් යම් පිරිසක් මෙම ජිවිතයේ අරමුණ සහ විමුක්තිය සොයමින් යම් අධ්‍යාත්මික ගවේශනයකට පිලිපන්වද සිටියහ. ඔවුන් විවිධ දර්ශන වාදයන් ඔස්සේ ලෝක විෂය පිළිබදව තම මතයන් ගෙනහැර පාමින් ඒවා වෙනුවෙන් පෙනිසිටිමින් යම් දර්ශනමය විග්‍රහයක් ජීවිතය සහ ලොකය පිළිබද ලබා දෙමින් සිටියහ. ඔවුන් සෘෂි වරුන් ලෙස පෙනී සිටියහ. ඔවුන් සතුව යම් සුපිරි බුද්ධියක් වර්ධනය වි තිබී ඇත. ඔවුන්ගේ දැණුමද උපකාර කරගනිමින් වෛදික යුගයේදි වෛදික ප්‍රාඥයන් තම ආයුර්වේද දැණුමද එක්තැන් කොට මුලික සංකල්ප වලින් පෝෂණය වු සම්පූර්ණ චිකිත්සා කර්ම පද්ධතියක් ගොඩ නැගීම සිදුකළහ. ඉතමත් මනරම් ලෙස සහ පැහැදිලි ලෙස නව විද්‍යාව ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගනිමින් සහ වැඩි දියුණු කරමින් ගෙන එන ලදි. එක්තරා අවස්ථාවකදි ඔවුන් තම දැණුම වෙන වෙනම ග්‍රන්ථාරූඩ කිරිම පටන් ගැනීම ආරම්භ කරන්නේ එය එතරම්ම පුළුල් විෂයක් බවට පත්ව තිබුණු බැවින් විය හැක. වෛදික යුගයේදි ආයුර්වේදය ලබා සිටි ස්ථානය පැහැදිලි කර ගත හැක්කේ ආයුර්වේද‍ය චතුර් වේදයටද එක්කිරිමම මගිනි. ආයුර්වේදය වේද ග්‍රන්ථ වලම දිගුවක් ලෙස වේද ග්‍රන්ථ අතර පස්වන වේදය සහ අථර්වන් වේදයේ උප වේදයක් ලෙස එක්කිරිමට තරම් බ්‍රාහ්මණයන් ක්‍රියාකිරිම එහි ඇති වැදගත් කමට හොදම සාක්ෂියයි.

හින්දු දහම අනූව බ්‍රහ්ම විශ්ණු සහ ශිව යන ත්‍රීමූර්තිය සියළුම දේවල මුල හෙවත් පාළකයා ලෙස බ්‍රාහ්මණයන් සැළකූ බැවින් මෙම ආයුර්වේද ශාස්ත්‍රයටද දේව සම්බන්ධතාවයක් ගෙඩනැගීමට ඔවුන්ට අවශ්‍ය වන්නට ඇත. එනිසා  මෙම ශාස්ත්‍රයටද ඔවුන් දේවත්වය අතර බැදීමක් ආරෝපණය කර ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ සමාජය තුල මෙම ශාස්ත්‍රය පිළිබද යම් ගෞරවණිය හැගීමක් ඇති කිරිම වන්නට ඇත. එ අනූව මෙම ආයුර්වේදය ලොවට දායාද කලේ  නොඑසේනම් ආයුර්වේදය පළමුව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කර ගත්තේ මහා බ්‍රහ්මයා බැවු පැවසූහ. එම දේව සම්බන්ධතාවය ඔවුන් ඉතා ක්‍රමවත් සහ පැහැදිලි රටාවත් තුලින් ඇතුළුකිරිමට තරම් සුකෂ්ම වූහ. පැහැදිළි කථාවක් හා එයට සුදුසු පසුබිමක් ගොඩනගමින් එය ආයුර්වේදයේ මුල නැතහොත් ආරම්භය ලෙස පවසමින් ආයුර්වේද ග්‍රන්ථ තුලටද ඇතුලත් කරණලදි. මෙම ලිපියේ ඊලඟ කොටසින් “ ආයුර්වේදාවතරණය ” නම් වු එම කොටස සාකච්ඡා කරමු.