ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
අග්නි කර්‍ම/දහන චිකිත්සාව, ආයුර්වේදයේ සුවිශේෂී ප්‍රතිකාරයකි

Hospital Theatre Room නවීන තාක්ෂණයේ සීග්‍රයෙන් සිදුවන දියුණුවත් සමගම එය ලෝකයේ සෑම අංශයක් තුලම තම ක්‍රියාකාරිත්වය එකතුකිරීමට සමත්වී ඇත. බටහිර වෛද්‍යකර්මයේ නිරතවන වෛද්‍යවරුන් පිලිගත්තද නැතිවුවද බටහිර වෛද්‍යකර්මයද දැන් ගමන් කරනුයේ නවීන තාක්ෂණයේ පිහිටෙනි. විශේෂයෙන් බටහිර ශල්‍යප්‍රතිකාරය තවදුරටත් වෛද්‍යමය ක්‍රියාවක් නොවන අතර එය තාක්ෂණික ක්‍රියාවලියක් බවට පත්ව ඇත. අනාගත ශල්‍යාගාරය සුපිරි පරිඝණක සහ කෘතිම රොබෝවරුන් ක්‍රියාත්මකවන ස්ථානයක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. දැනටමත් බොහොමයක් බටහිර ශල්‍යප්‍රතිකාර සිදුවන්නේ පරිඝණක රාශියක සහ යාන්ත්‍රික උපකරණ රාශියක ආධාරය ඇති පරිසර තුලය. අනාගත ලොකයේ බටහිර වෛද්‍යවරයාට පරිඝණකයක යම් මෘදුකාංගයකට දත්ත ඇතුළුකර ශල්‍යකර්ම ය සිදුවන අයුරු නිරික්ෂණය කිරීමට පමණක් සිමා වන පරිඝණක දත්ත ක්‍රියාකරන්නෙකුගේ තත්ත්වයට පත්වන යුගයක් උදා වනු ඇත. එහිදි මිනිස් සිරුර ජිවී ඒකකයක් ලෙසම නොසලකන අතර තවත් එක් යන්ත්‍රයක් ලෙස ‍සලකනු ඇත. යන්ත්‍රකයක සිදුවන දෝෂයක් නිවැරදි කිරීමට නවීන තාක්ෂණය යොදා ගන්නේ කෙසේද එය අඩු නැතිව මිනිස් සිරුරේ රෝග සඳහා ශල්‍ය ප්‍රතිකාර කිරීමටද යොද ගැනීමට බටහිර වෛද්‍යක්‍රමය ඉදිරිපත් වීම වැලැක්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. එහිදි බටහිර වෛද්‍යකර්මයට අනූව රෝගින් සුවපත්කීරීමද තවත් එක් තාක්ෂණික කටයුත්තක් පමණක් වනු ඇත. එහිදි ශල්‍ය වෛද්‍යවරු යන්ත්‍ර ක්‍රියාකරවන්නන් බවට පත්වනු ඇත. රෝගීන්ට ශල්‍යප්‍රතිකාර සිදුකිරීමේ අංශය සින්ක්කරව තම අයිතියට පවරා ගෙන ඇති බටහිර වෛද්‍යක්‍රමය මේ සියළු දස්කම් දක්වන්නේ වෛද්‍යකර්මයේ සුවිශේෂිභාවයක් මතින් නොව තාක්ෂණයේ පිහිටෙන් බව පැවසීම යුක්තියුක්තය යැයි අපගේ හැඟිමයි. තාක්ෂණික උපකරණ සහ මෙවලම් නැතිනම් බටහිර ශල්‍ය වෛද්‍යවිද්‍යාවක් වක් පමණක් නොව බටහිර වෛද්‍යවිද්‍යාවක්ද නොපවතිනු ඇත. මෙම හැදින්වීම සමහර විට බහුතරයකගේ අප්‍රසාදයට හේතුවක් විය හැක. එසේ අප ප්‍රකාශ කරනුයේ බටහිර වෛද්‍යක්‍රමය පහත්කොට සැලකීමට හෝ ගැරහීමට ලක්කිරීමකට නොවන අතර බටහිර වෛද්‍යවිද්‍යාව පැමැණි ගමන්මග සහ එහි අනාගතය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුනෙන් පමණක් බව සටහන් කර තබන්නෙමු. එලෙසම වෛද්‍යකර්මයක් ලෙස බටහිර වෛද්‍යවිද්‍යාව මිනිසාගේ රෝග ශාන්තිය ඇතිකිරිම උදෙසා මිනිසා සුවපත් කීරීම උදෙසා කරන්නාවු මෙහෙය අප ඉහලින්ම අගය කරන අතර “බළලා මැටියෙන් වුව කම් නැත මියන් අල්ලන්නේ නම්” යන පැරණි හෙළ පිරුලට අනූව යමින් බටහිර වෛද්‍යවිද්‍යාව ගැනද සිතීමට හැකියාව ඇත. ඇත්ත වශයෙන්ම සමාජය තුල සෞඛ්‍යයගැන/නිරෝගිබව ගැන ඇති කියැවීම වන්නේ ඒ ආකාරයෙන්මය. මානවයාට වැදගත් වන්නේ මානවයා ඇතුළු ජීවින් නිරෝගිව සිටීන්නේ කෙසේද යන්න පමණක් වන අතර එය සලසා දෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න වැදගත් නොවේ. එවැනි පරිසරයක නවීන තාක්ෂණය අවමයෙන් භාවිතා කරමින් හැකිතාක් දුරට තම වෛද්‍යවිද්‍යා පදනම තුල සිටිමින් උසස් ප්‍රතිකාර සේවාවක් ලබා දීමට කටයුතු කරනා ආයුර්වේදය වැනි පෙරදිග වෛද්‍යක්‍රමයන් ගැන වපර ඇසින් නොබැලිය යුතු බව අපගේ විශ්වාසයයි.

lesser treatmentsබොහෝ බටහිර ශල්‍යප්‍රතිකාර මුලධර්ම වලට අවශ්‍ය පදනම් සොයා ගෙන ඇත්තේ ආයුර්වේදය තුලින් වීම බැහැර කල නොහැකි සත්‍යයකි. ශල්‍ය ප්‍රතිකාර අංශය ලොවට දායාද කලේ ආයුර්වේදයයි. ඒ සුශ්‍රැත ආචාර්යවරයා විසිනි. ඉතා අවම තාක්ෂණික් භාවිතා කරමින් සහ හැකිතාක් ස්වාභාවික ක්‍රම උපයෝගි කර ගනිමින් සුශ්‍රැත ආචාර්යවරයා විසින් ශල්‍ය වෛද්‍යක්‍රමය බිහිකලේ සහ ශල්‍ය ප්‍රතිකාර සිදුකලේ මීට සියවස් ගණනාවකට පෙර ක්‍රිස්තුපූර්ව යුගයේදීය. ආයුර්වෙදයේ සහ බටහිර වෛද්‍යක්‍රමය අතර ඇති වෙනස ඇරඹෙන්නේම මෙම කාල සංසන්දනයත් සමගය. බටහිර ඇලෝපති වෛද්‍යක්‍රමය ඇරඹීමට බොහෝ කාලයකට පෙර පෙරදිග විධිමත් සහ සංයුත්ක වෛද්‍යක්‍රමයක් ලෙස ආයුර්වේදය බිහිවන්නේය. ආයුර්වේදය වනාහි රෝගින් සුවපත් කිරීමට භාවිතාකල හැකිව තිබු සියළුම ආකාරයේ විධික්‍රම අඩු නැතිව නිශ්චිත පදනමක සිට භාවිතා කල උපයෝගි කරගත් වෛද්‍යක්‍රමයකි. මිනිසාට ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි යැයි වර්තමාන බුද්ධිමතෙකුට පවා සිතා ගැනීමට පවා අපහසු ක්‍රම ඉතා නිර්මාණශිලිව සහ ඵලදායි ආකාරයෙන් භාවිතා කර ඒවා ලොවට හඳුන්වා දුන් පළමු වෛද්‍යකර්‍මය ආයුර්වේදයයි.
කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව යම් රෝගයකට බාහිරයෙන් ලබා දෙන යම්කිසි ශාකමය ඖෂධීය පානයකට පමණක් සිමා වු වෛද්‍යකර්‍මයක් ලෙස ආයුර්වෙදය දෙස බැලීමට සහ ගැරහීමට සමාජයේ යම් යම් කණ්ඩායම් පෙළඹි සිටියි. නමුත් ස්වාභාවික ශාකමය ඖෂධ මගින් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ලඝු නොවී විවිධ ක්‍රම ඔස්සේද රෝග සුවපත් කිරීමට උත්සහ දැරු ප්‍රථම සංයුක්ත වෛද්‍යක්‍රමය ආයුර්වේදය බව නැවතත් කිව යුතුය. එයට හොඳම උදාහරණයක් වන්නේ සුශ්‍රැත ආචාර්යවරයා විසින්ම හඳුන්වා දුන් ශල්‍ය චිකිත්සාවයි. මහත් ඉහලින් වර්ණනා කරනා බටහිර ශල්‍ය ප්‍රතිකාර අංශයේ විශ්මිත ප්‍රතිකාර වලට පදනම් වන ප්‍රතිකාර මුලධර්ම පළමුවරට භාවිතා කලේ ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර අංශය තුලයි. ශල්‍ය ප්‍රතිකාර අංශය ශස්ත්‍රකර්‍ම, ක්ෂාරකර්‍ම සහ අග්නිකර්‍ම යන ප්‍රතිකාර agnikarma instrumentsත්‍රිත්වයකින් සන්නද්ධ කලේ ආයුර්වේදඥ සුශ්‍රැත ආචාර්යවරයා විසිනි. බටහිර වෛද්‍යක්‍රමයේ ශල්‍යප්‍රතිකාර සඳහා සාමාන්‍ය ශල්‍ය උපකරණ වලට අමතරව විශේෂිත කාර්යයන් සඳහා විවිධ කිරණ වර්ග භාවිතා කිරීම, විවිධ රසායනික සංයෝග භාවිතා කිරීම, විවිධ අධි සංවේධි සහ අධි ක්‍රියාකාරී උපකරණ භාවිතා කිරීම වැනි ඒවා තුල ඇති න්‍යයාත්මක පදනම්ද ක්ෂාරකර්ම අග්නිකර්ම වැකි ආයුර්වේදිය ශල්‍ය ප්‍රතිකාරවල අන්තර්ගත න්‍යයාත්මක පදනම්ද එකහා සමානය. වෙනස ඇත්තේ ආයුර්වේද බොහෝ කලකට පෙර සරල උපකරණ වලින් එම කාර්යයන් ඉටුකර ගැනීම සහ බටහිර වෛද්‍යක්‍රමය විසින් පසුකලීනව අති දියුණු තාක්ෂණික උපකරණ මගින් එම කාර්යයන්ම සිදුකිරීමයි. ආයුර්වේදය තම ශල්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ සහ අග්නිකර්ම සඳහා දහනෝපකරණ ක්ෂාරකර්ම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෛද්‍යක්‍රමය තුලම නිර්මාණය කර ගත්තේය. එම තාක්ෂණය ගොඩනගා ගත්තේද ආයුර්වේද මුලධර්ම වලට අනූවය.
මෙම ප්‍රතිකාර පිළිබඳව ආයුර්වේද ආදිකතෘවරුන් කෙතරම් අවබෝධයෙන් සිටියේද යන්න පැහැදිලි වන්නේ මෙම එක් එක් ප්‍රතිකාරයන්ගේ ඇති සාර්ථකත්වයේ විභවයන් පිළිබඳවද අවබෝධකර ගෙන එවා පැහැදිලිව දක්වා තිබිම තුලිනි. උදාහරණ ලෙස ශස්ත්‍රකර්‍ම වලට වඩා ක්ෂාරකර්‍මත්, ක්ෂාරකර්‍ම වලට වඩා අග්නිකර්‍මත් ප්‍රධාන යැයි නැතිනම් විශිෂ්ඨ යැයි සුශ්‍රැතයන් විසින් පැහැදිලිවම සුශ්‍රැත සංහිතාවේ සඳහන් කර ඇත. අග්නිකර්‍ම චිකිත්සාව පිළිබඳව සුශ්‍රැත ආචාර්යවරයා සුශ්‍රැත සංහිතාවේ දක්වා පැහැදිලි කිරීම විමසීම තුලින් ශල්‍ය ප්‍රතිකාරයක් ලෙස අග්නිකර්‍ම කෙතරම් විශිෂ්ඨ දැයි ඔවුන් පසක් කර ගෙන සිටි ආකාරය තහවුරු වේ. අග්නි ප්‍රතිකාර සිදුකරනා රෝග, ප්‍රතිකාරයෙන් පසු නැවත ඇති නොවනා බවත් නිශ්චිතවම දක්වා ඇත. භේෂජ, ශස්ත්‍ර සහ ක්ෂාර ප්‍රතිකාර වලින් සුව කල නොහැකි රෝග පවා අග්නි ප්‍රතිකාර මාර්ගයෙන් සුවකල හැකි බවත් සුශ්‍රැත ආචාර්යතුමා එහි අවධාරණය කර ඇත. වර්තමානයේද බටහිර ශල්‍යකර්‍ම වලදි එක් එක් රෝගයන්ට විවිධ විවිධ ශල්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන අතර එක් එක් ක්‍රමයේ සඵලතාවයන්ගේ වෙනස්කම් ඇති බවත් දක්වා ඇත.
small agnikarmaසුශ්‍රැත ආචාර්යවරයා විසින් අග්නි ප්‍රතිකාරය සඳහා භාවිතා කල යුතු උපකරණද සුශ්‍රැත සංහිතාවේ හදුන්වා දී ඇත. දහනෝපකරණ යන නමින් හඳුන්වා දි ඇති මේවා ශරීරයේ විවිධ ස්ථාන සහ ශරීරයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු වන පරිදි සැකසු උපකරණයෝය. එහිදි විවිධ ශාක සහ සත්ත්මය අමුද්‍රව්‍ය භාවිතා කර සැකසු ශලාකා/කූරූ, ජාම්බෙවෟෂ්ඨ(දවන උපකරණයේ කෙලවර මාදම් ගෙඩියක ප්‍රමාණයේ ගෝලයක්ද ඒම ගෝලයේ කෙළවර බොත්තම් හැඩයට පැතලිව සිටිනසේ සැකසුවකි), තඹ රිදි යනාදි ලෝහ වලින් වලින් තැනු දහන කුරූ යනාදිය පිළිබදව පැහැදිලි විස්තර දක්වා ඇත. මෙහිදි ලෝහමය නොවන අමුද්‍රව්‍ය ලෙස තිප්පිලි, එළුවසුරු, ගවදත්, මී පැණි, උක්හකුරු, විවිධ ස්නේහ ද්‍රව වර්ග භාවිතා කල යුතු බව දැන ගැනීමට සඳහන් කර ඇත. හමමතුපිට/ත්වක්ගත රෝග සදහා ප්‍රතිකාර කිරීමට තිප්පිලි, එළුවසුරු, ගවදත් භාවිතා කල යුතු බවත් මාංසගත දැවිම් ප්‍රතිකාර සඳහා ජාම්බවෞෂ්ඨ උපකරණය සහ තඹ රිදියෙන් කල උපකරණ භාවිතා කල යුතු බවත් දක්වා ඇත. සන්ධිගත සහ අස්ථිගත රෝග වලට දැවීම් ප්‍රතිකාර සඳහා මී පැණි, උක්හකුරු සහ ස්නේහවර්ගා භාවිතා කිරිමට උපදෙස් දී ඇත.
අනෙකුත් සෑම ආයුර්වේද ප්‍රතිකාර අවස්ථාවන්හිදි සේම අග්නි ප්‍රතිකාර අවස්ථාවන් සඳහාද යෝග්‍ය කාලයන් හා අවස්ථාවන් සුශ්‍රැතයන් විසින් දක්වා ඇත. ආයුර්වේදය සතු සුවිශේෂි ගුණයක් වන්නේ අඩු නොමැතිව සියළුම අංශ ආවරණය වන අයුරින් තම ප්‍රතිකාරය සිදුකිරීමට ගෙන ඇති උත්සාහයයි. මෙය ආයුර්වේදයටම සිමාවු විශේෂ ලක්ෂණයකි. බටහිර විද්‍යාවට ගොචර නොවන්නා වු ශක්තින් සහ බලයන් ඇති බව ආයුර්වෙද නිර්මාපකයින් අවබෝධකර ගෙන සිටියහ. ‍එසේ නොවන්නට මෙවැනි අංශ ගැන අවධානයක් යොමු කිරීමට හැකි වන්නේ නැත. අධික උණූසුම ඇති සරත් සහ ග්‍රීෂ්ම සෘතු වලදි හැර පොදුවේ වසරේ අනෙකුත් සෑම කාලයකදීම අග්නි ප්‍රතිකාර සිදුකල හැකිය. නමුත් රෝගියෙකුට අග්නි ප්‍රතිකාර ලබා දිම තුලින් පමණක් රෝගි ජීවිතය බේරා ගත හැකි බව වැටහේ නම් අධික agni treatmentඋණුසුම ඇති සෘතු වලදි පවා අග්නිකර්ම කිරීමට අවස්ථාවක් ඇති බව වැඩිදුරටත් දක්වා ඇත. නමුත් එහිදි රෝගියා සිටිනා ස්ථානය නැතිනම් කුටිය හැකි තරම් බාහිර ‍කාලගුණික තත්ත්වයන්ට විපරිත තත්ත්වයක් ඇති පරිසරයක් බවට පත්කර ගත යුතු බව අවධාරණය කරැ ඇත. එහිදි ශීතල ඇඟවැසුම්, සිසිලු බොජුන්, ශීතල ප්‍රලේප ආදිය භාවිතා කිරීමට උපදෙස් දි ඇත. අග්නිකර්‍මයේදී උෂ්ණය ශරීරයට ගැටෙනා බැවින් පිත් දෝෂය වර්ධනය වීමට එම උෂ්ණය හේතුවක් කරුණක් විය හැකිය. එබැවින් පිත් දෝෂය සමනය කල හැකි බෙලසුල් වීර්ය ඇති ආහාර වර්ග දී රෝගියා සුදානම් කර ගැනීම කල යුතුය. නමුත් මූඪගර්භ/ මළදරු ගර්භණි තත්ත්ව, අශ්මරී(මුත්‍රාගල්), භගන්දර(Fistula), මුඛරෝග යන අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගියා හිස්බඩ සිටිනා විටද අග්නි ප්‍රතිකාර ලබාදිය යුතු බව විශේෂ කොට දක්වා ඇත.
අහඹු ලෙස හෝ පදනමකින් තොරව දහන ප්‍රතිකාර සිදු කිරිමක් ආයුර්වේදය තුල නැත. විධිමත් සහ පිළිගත් ක්‍රමයකට සහ පදනමක් සහිතව දහන ප්‍රතිකාර සිදුකර ඇත. එහිදි දහන ප්‍රතිකාර සිදුකල හැකි රෝග සහ එම රෝග සඳහා ප්‍රතිකාර ලබා දිය යුතු ස්ථානයන් යන ඒවා දක්වා ඇත. එම කරුනු වල සදොස් තැන් ඇතිනම් එවා පරික්ෂාවට භාජනය කර මේවා වැරදි යැයි ඔප්පු කිරිමේ අවස්ථාවක්ද ඇත. නමුත් මෙම කරුණු වල සදොස් බවක් සොයා ගත නොහැක්කේ ඒවා එතරම්ම නිරවද්‍ය වන බැවිනි. ශිරෝරෝග, අධිමන්ථ(අක්ෂි රෝගයකි) වැනි දසරුවෙන් ඉහල ඇතිවන රෝග වලදී ඇහිබැම, නළල, හකුපෙදෙස යන ස්ථාන දැවිම් කල යුතුය. ඇස්පිහාටු වල උපදනා රෝගවලදී තෙත ලාකඩ මගින් හෝ තෙත රෙදිකඩක් මගින් දෘෂ්ටිමණ්ඩලය වසා ඇස්පිහාටු වල රෝමකූප දැවීය යුතුය යන්න පැහැදිලිවම දක්වා ඇත. ත්වක්(සිවිය),මාංස, සිරා, ස්නායු, අස්ථි සහ සන්ධි යන ස්ථායන්හි ඇතිවන උග්‍රවේදනාව ඇති වු විටද; තුවාල වල තද ස්වාභාවය සහ හිරිය ඇති විටදීද; ග්‍රන්ථි, අර්ශස්, භගන්දර, ශ්ලිපද(බරවා රෝග තත්ත්වයට සමාන තත්ත්වයක්), චර්මකීල, අන්ත්‍රවෘද්ධි(හර්නියා) යන රෝගයන්හීදීද; සන්ධි සහ ශිරා කැපිම් අවස්ථාවලදිද; ඔඩුවණ, රක්තස්‍රාව යන රෝග අවස්ථා යන සියළුම අවස්ථා වලදී අග්නිකර්ම් කල යුතුය. රෝගාධිෂ්ඨන (රෝගය ඇසුරු කල ස්ථාන) අනූව අග්නිකර්ම සිවු වැදැරුම්ව බෙදෙයි. වලය(ශලාකා රත්කර රෝගයේ මුල වලයාකාරයෙන් දැවීම), බින්දු(බිඳුවක් ආකාරයෙන් දැවීම), විලේඛා(හරස්බව-සෘජුබව- වක්‍රබව internal treatmentsයනාදි නන් අයුරින් දැවීම) සහ ප්‍රතිසාරණ(රත්කල ශලාකා ආදියෙන් සීරීම) එම ආකාරයන් හතරයි. රෝගයේ ආකෘතිය, රෝගය, රෝගියාගේ මර්මස්ථාන-බලාබල යන අවස්ථා සහ සෘතුව යන මේවා විමසා බලා වෛද්‍යවරයා විසින් අග්නිකර්‍ම සිදුකල යුතුය යන්න සුශ්‍රැතයේ අවධාරණය කොට දක්වා ඇත. දැවිම මැනවින් සිදුකල පසු දවන ලද ස්ථානය මීපැණි-ගිතෙල් යන දෙකින් ආලේප කල යුතුය යන්න දැක්වීමෙන් ප්‍රතිකාරය සාර්ථකව අවසන් කල යුත්තේ කෙසේය යන්න පිළිබඳවද ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරයා අවබෝධයෙන් සිටි බව තහවුරු කරයි. වර්තමානයේදි විශේෂයෙන් ශල්‍ය ප්‍රතිකාර සිදුකිරිමට ප්‍රථම රාශියක් පර්යේෂණ සිදුකරන්නේ රෝගියාට ශල්‍ය ප්‍රතිකාරය සිදුකිරිමට සුදුසු පසුබිමක් ඇතිද යන්න දැන ගැනීමටයි. අග්නිකර්‍මයට අයෝග්‍යයෝ හඳුන්වා දීම තුලින් පුරාණ ආයුර්වේද නිර්මාපකයෝ එම කරුණම දැන සිටි බව පැහැදිලි වේ. පිත්ත ප්‍රකෘතිකයෝ, ශරීරාභ්‍යන්තරයේ ලෙය රැස්වු අය, කොෂ්ඨය බිදුණු අය, උදුරා ඉවත් නොකලයුතු ශල්‍ය ඇතිඅය, දුබලයෝය, බාලයෝය, මහල්ලොය, බියගුළු අයය, බෝහෝ වණවලින් පෙලෙන්නෝය, පවසින් පෙළෙන්නෝය යන අය අග්නිකර්ම යට නොසුදුසු අය වෙත් යනුවෙන් මුල ග්‍රන්ථයේ දක්වා ඇත්තේ එබැවිනි.
අප මෙම ලිපියෙන් උත්සහ දැරුවේ ආයුර්වේදයේ ශල්‍ය ප්‍රතිකාර අංශය කෙ‍තරම් පුළුල් ලෙස ගොඩ නැගුනක්ද යන්න පැහැදිලි කිරිමටයි. ඒ සඳහා අප යොදා ගත්තේ ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරයේ භාවිතා වන අග්නිකර්‍ම ප්‍රතිකාරයයි. බොහෝ දෙනා මෙම අග්නිකර්‍ම ප්‍රතිකාරය පිළිබඳව නොදන්නා අතර බටහිර වෛද්‍යක්‍රමය තුල ශල්‍ය කර්‍ම ප්‍රතිකාර වලදි භාවිතා කරනා විවිධ කිරණ සහ යම්යම් අධිසංවේදී සහ අධික්‍රියාකාරි තාක්ෂණික උපකරණ මගින් සිදුකරනා ප්‍රතිකාර ගැන නම් දනි. එසේ වුවත් ආයුර්වේදයේ අග්නිකර්‍ම ප්‍රතිකාර සිදුකරනා බව පැවසීමේදි වික්ෂිප්ත වේ. අපගේ උත්සහය වන්නේ මෙම වික්ෂිප්තභාවය තුල ඇත්තේ නොදැනීම පිලිබඳ ගැටළුවක් පමණක් බව පාඨකයාට අවබෝධ කර දීමයි. ආයුර්වේද හිතකාමි අපගේ එය වගකීමයි.