• ලෝක ග්ලුකෝමා සතිය – 2016 (මාර්තු 06 සිට 12 දක්වා)

  • ලෝක දියවැඩියා දිනය නොවැම්බර් මස 14 වැනි දා…….

  • ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා…

වෘත්තීය බලය ලබා දෙන ග්‍රහයෝ

මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන් ආලෝකවත් වන්නේය. රැකියාවේ තත්ත්වය මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂා තීරණය වන්නේය. මේ නිසා ජන්මියාගේ රැකියා

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රක්ත මෝක්ෂණය සහ ආයුර්වේදය

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තර්පණ/වෘංහණ ප්‍රතිකාර ක්‍රමය(සිරුර පෘෂ්ඨිමත් කිරීම) සහ අපතර්පණ/ලංඝන ප්‍රතිකාර ක්‍රමය (සිරුරු ගත ආමය පැසවීම) යන ප්‍රධාන චිකිත්සා ධාරා දෙක ඔස්සේ සිදු කරනු ලබන්නකි. මෙම ක්‍රමවේදයේදී වෘංහණ ප්‍රතිකාරය සඳහා රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) චිකිත්සාවද ලංඝන ප්‍රතිකාර සඳහා ශෝධන(Purifying) ශමන(Alleviative) ප්‍රතිකාරයද භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර සිදුකිරීම දීපන, පාචන, ක්ෂුත්, තෘට්, ව්‍යායාම, ආතප, මාරුත යන ක්‍රම ඔස්සේ සිදු කරන අතර ශෝධන ප්‍රතිකාරය සිදු කරනුයේ නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්තමෝක්ෂණ යන චිකිත්සාවන් පහ (පංචකර්‍ම චිකිත්සා)මගිනි.

පට්ටිපොළ ඔසු උයන

මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891(අඩි 6200) ක මට්ටමේ පිහිටා ඇති මෙම සුවිශේෂි ඔසු උයන ඉහල කඳුකර වනාන්තර කළාපයට ආවේනික ඖෂධ පැලෑටි මෙන්ම ඉන්දියාවේ හිමාලය වැනි කඳුකර වනාන්තර වල පමණක් දැක ගත හැකි දුර්ලභ ඖෂධ වර්ගද ආදර්ශක වලින්ද පොහොසත්ය. හුදු නිරික්ෂණයට පමණක් සීමා නොකොට අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇති ආකාරයට මෙම ඔසු උයන සැකසීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙම ඔසු උයන වටිනා සහ දුර්ලභ ඖෂධ පැලෑටි පිළිබඳව අධ්‍යයයන කටයුතු සිදුකරනා වෛද්‍යවරුන්ට, පර්යේෂකයන්ට පමණක් නොව ස්වභාව සෞන්දර්ය ආශ්වාදනය කිරීමට කැමති ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත්වන්නේ එබැවිනි

NCD ගැන තොරතුරු බිඳක් ……..

2012 රෝහල් වාර්ථා අනූව රෝහල් වල සිදුව ඇති සමස්ථ මරණ වලින් 75% වාර්තා වි ඇත්තේ බො නොවෙන රොග හේතුවෙනි. එයට 40% හෘද් රෝගත්, 10% ක් පිළිකා රෝගත්, 8% කාලීන ශ්වසන රෝගත්, 7%ක් දියවැඩියාව රෝගයත් හේතුවි ඇති බව සමික්ෂණ තුලින් තහවුරු කර ගෙන ඇත. වඩාත් බියකරුම සිහිනය වන්නේ 2030 වසර වන විට පිළිකා රෝගය හේතුවෙන් මියයන ප්‍රමාණය 30% දක්වා වැඩි විය හැකි බව පුරෝකථනය කර තිබීමයි. එසේම 2030 වසර වන විට මෙරට සමස්ථ ජනගහනයෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම දියවැඩියාව වැළඳිමේ හැකියාව පවතින බව එම පුරෝකථන වාර්ථා වලම දක්වා ඇත.

Hair Beauty from Ayurveda beauty culture & Rasayana Treatment

It is important to have a strong and healthy hair for the beauty of any person despite male or female. There are a number of important facts disclosed in ancient secretes about beauty culture in Ayurveda, with regard to maintaining

සත්ත්ව රජස් තමස් සහ ආයුර්වේදයේ මානසික රෝග

සියළුම සත්වයින්ට මනසක් ඇත. නමුත් මිනිසා නැමති සත්ත්වයාට ඇති මනස අන් සියළුම සතුන්ට ඇති මනසට වඩා උසස්ය. දියුණුය. ක්‍රියාශීලිය. අනෙකුත් සතුන්ට නොහැකි වුවත් මිනිසාට තමාගේ මනස වර්ධනය කර ගත හැකිය. වනචාරි ව විසු මිනිසා ක්‍රමක්‍රමයෙන් තමාගේ මනස දියුණු කර ගැනිමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ථමානයේ සිටිනා තැනට පැමිණ ඇත. අනාගතයේදී මෙතැනින් තවත් තැනකට යනු ඇත. මෙම මනසේ ගුණය නිසා අනාගතයේදි මිනිසා කෙබදු ස්ථානයක කෙබදු ආකාරයකින් සිටි දැයි කිව නොහැකිය.

රාශි චක්‍රයේ වගතුග – මේෂ ලග්නය

උපායශීලී, දක්ෂ, කාර්යශූර අය බොහොමයක් මේෂ ලග්න හිමියන් වේ. සෑම විට ම ඉදිරිගාමීය. ලග්නාධිපති කුජට ඇති ඤාණකාරක ගුණය නිසාම වහා වැටහෙන සුළු නුවණක් සහිතය. නව නිර්මාණකරණයට දැඩි රුචිකත්වයක් ඇති අතර ජයග්‍රහණයේ අයිතිය තහවුරු කරගැනීමට අතිශයින්ම කැමතිය. සෘජු අදහස් ඇති නිදහස ප්‍රිය කරන අයෙකි. කුජගේ ඇති දැඩි බව නිසාම ඉවසීමේ ගුණය අවම වන අතර සටන්කාමීය. තම හිතවතුන්ට පක්ෂව ක්‍රියාකරන අතර විරුද්ධවාදීන්ව දුරුකර දමන්නේය. සටනින් හෝ විරුද්ධවාදීන් එළවා දමයි.

උදෑසනට අවදිවු විට අඩිය බිම තබා ගැනීමට නොහැකිව ලතවෙන්නෝ…..

මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උදෑසනට විලුඹ බිම තැබීමට නොහැකි වන තරමේ අධික වේදනාවක් ඇතිවීමයි. රෝගීන් පවසන්නේ යටිපතුලේ අභ්‍යන්තරයට ඉඳිකටු වලින් අනින්නාක් බඳු දැනීමක් ඇති වන බවයි. මෙම රෝග තත්ත්වයෙන් පිඩා විදින අයවලුන් සියල්ලෝම උදැසනට අවදිවු පසු ඇ‍ඳෙන් බැස තම පළමු පියවර කිහිපය තබන්නේ ඇඳ විට්ටම අල්ලාගෙන හෝ නැතිනම් බිත්තිය අල්ලාගෙන හෝ නැතිනම් කොර ගසමින්ය. ආරම්භයේදී එසේ අපහසුවෙන් හෝ පියවර කිහිපයක් ඇවිද ගිය පසුව ඔවුන් පිඩා විදිනා ඇවිදිමේ අපහසුතාවය සහ යටිපතුලේ වේදනාව තාවකාලිකව සමනය වන නමුත් එයට නිසි ප්‍රතිකාරයක් සිදු නොකර සිටිමෙන් කාලයක් ගත වන විට දවස පුරාම ඇවිදිමේ අපහසුව සහ විලුඹ ප්‍රදේශයේ වේදනාව සහ ශෝථය පැවතිමේ අවස්ථාවට පැමිනේ.

සප්ත ධාතු ගැන තව දුරටත්……

අප ගනු ලබන්නා වු ආහාර නිසි පරිදි දිරවීමෙන් පසු සිරුරට උරා ගන්නා සාරවත් කොටසින් මෙම රස ධාතුව නිර්මාණය වේ. රස ධාතුව බවට පරිනත වන ක්‍රියාවලිය අක්මාවේදි සිදුවුවත් රස ධාතුවේ නිවාස ස්ථානය හෘදය යැයි ආයුර්වේදයේ පිළිගැනීමයි. හෘදයේ සිට ධමනි මගින් මුළු සිරුරේම ගමන් කරන රස ධාතුව අනෙක් සියලු ම ධාතුන් ද පෝෂණය කරයි.

සංවර්ධනයට සෙනසුරා ලැබීම…….

2009 – 2011 වර්ෂවල සෙනසුරු ග්‍රහයා ගෝචර ව ගමන් කළේ බුධ හිමි කන්‍ය රාශියේය. ශනි හෙවත් සෙනසුරුට බුධ මිත්‍රව ග්‍රහයෙකි. බුධට ශනි සම ග්‍රහයෙකි. කන්‍යව ශනිට මිත්‍ර රාශියකි. තව ද ශනි මේ වන විට ආරෝහණ ගමනින් කන්‍යාවට පැමිණ ඇත. මේ නිසා සෙනසුරුගේ බලවත්කම සාමාන්‍යයෙන් වැඩිය. 2011 සිට සිය උච්ච රාශිය වන තුලාවට යන බැවින් රජගෙදර පෙනි පෙනී සිටින සෙනසුරු තමන්ගේ කාරක අයිතීන් වර්ධනය කිරීම ආරම්භ කරයි.

1 2 3 17
... අන්තර්ජාලය තුල සැරිසරමින් සැබෑ ආයුර්වේද දැනුම සහ තොරතුරු සෙවීමේ කටයුතු වල නිරතව සිටින්නාවු ඔබ සැම වෙදැස අන්තර්ජාල ආයුර්වේද වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. ආයුර්වේදය නම් වූ පුළුල් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඒහා බැදුනු අනෙකුත් විද්‍යාවන් සහ විෂයයන් පිළිබදවූ විෂයානුබද්ධ කරුණු සිංහල සහ ඉංග්‍රීසී යන භාෂාද්වයෙන්ම ඉදිරිපත් කරන “වෙදැස- අන්තර්ජාල ආයුර්වේද ටීකාව” සරලවූත් තේරුම් ගත හැකිවුත් බස් වහරක් භාවිතා කරමින් නිරවද්‍ය හා වැදගත් දැනුම් සම්භාරයකින් ඔබ සැම ‍පෝෂණය කිරීමට ඇප කැපවි සිටින්නාවූ අන්තර්ජාල තොරතුරු අඩවියකි. අන්තර්ජාලය තුල ආයුර්වේදය පිළිබදව වු ඉතා විශාල වෙබ් අඩවි සංඛ්‍යාවක් පැවතුනද එවායින් බොහොමයක් ඉංග්‍රීසි හෝ වෙනත් විදේශිය භාෂා වලින් නිර්මාණය වූ ඒවා බව ඔබ දන්නවා ඇතැයි අප සිතමු. සෘජුවම සිංහල භාෂාවෙන් ලියැවුනු හරවත්වූත් නිවැරදිවූත් තොරතුරු ඇතුලත් ආයුර්වේදය වෙබ් අඩවි නොමැති තරම්ය. එය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන අන්තර්ජාල සිංහල පාඨකයින්ට බලවත් අඩුපාඩුවක් අසාධාරණයක් බව අපගේ වැටහීමයි. වෙදැස අපගේ බලවත් උත්සහ වන්නේ එම රික්තය පුරවාලමින් ආයුර්වේදය පිළිබදව සිංහලෙන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම අන්තර්ජාලයෙන් කියැවීමට ඔබ සැමට අවස්ථාවක් සලසාදීමටයි. වෙදැස ඔබට ‍ආයුර්වේදය සහ අනුබද්ධිත විෂයන් පිළිබදව දැනුම බෙදා දීමට අමතරව කාලීනව වැදගත් වන්නාවු සමාජ සහ සෞඛ්ය ය කරුණු පිළිබදවද තොරතුරුද ඉදිරිපත් කරයි. ඔබගේ ඕනෑම සෞඛ්‍ය්‍ය ගැටළුවකට හෝ වෙදැස වෙබ් අඩවියේ පළකෙරෙනා සියළුම ලිපි සහ වාර්ථා වලම විෂය වන්නාවු ක්ෂේත්‍රයන් පිළිබද යම් ගැටළුවක් ‍ඇතිවුවහොත් ඒ සදහා පිළිතුරු සහ උපදෙස් ලබාදීමටද ආයුර්වේදය සහ ඒහා බැදුණු විෂයය් පිළිබද ඔබට ඇතිවන ගැටළු වලට පිළිතුරු දීමටද අප සූදානමින් සිටින්නෙමු. ඒ සදහා ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීමෙන් අප හා සම්බන්ධ වී සිටින විශේෂඥ දැණුම ඇති ආයුර්වේද වෛද්‍ය ප්‍රාමාණිකයන්ගේ මණ්ඩලයක් වෙතින් පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
...